විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් වෙනුවෙන් කාර්යාංශය ලක්ෂ 287ක ශිෂ්‍යත්ව පිරිනමයි

විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් වෙනුවෙන් කාර්යාංශය ලක්ෂ 287ක ශිෂ්‍යත්ව පිරිනමයි

විදේශ රැකියාවල නියුතු ශ්‍රි ලාංකිකයින්ගේ දරුවන් 915 දෙනෙකු වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 2023 වර්ෂයේ ගතවූ කාලය තුළදී රු.28,790,000.00 (රුපියල් දෙකෝටි අසූ හත් ලක්ෂ අනූ දහසක්) වටිනා ශිෂ්‍යත්ව පිරිනමා තිබේ.

විගමණික ශ්‍රමිකයින්ගේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් සඳහා රු.20,000.00 බැගින්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් සඳහා රු.25,000.00 බැගින් හා අ.පො.ස උසස් පෙළ විභාගය සමත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා රු.35,000.00 බැගින් ශිෂ්‍යත්ව කාර්යාංශය විසින් පිරිනමනු ලබයි.

2023 වර්ෂය තුළදී 2021 වර්ෂයට අදාළව සිසුන් 2065 දෙනෙකු ශිෂ්‍යත්ව ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන් වෙනුවෙන් රු.53,945,000.00 (රුපියල් පන් කෝටි තිස් නව ලක්ෂ හතලිස් පන්දහසක්) ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනැමීමට කටයුතු සංවිධානය කර ඇත. මේ වන විට උතුරු, වයඹ, ඌව, දකුණු, සබරගමුව හා මධ්‍යම යන පළාත්වල සුදුසුකම් ලත් සිසුන් 915 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම  අවසන් කර තිබේ.

2023.09.17 දින මතුගම විගමණික සම්පත් මධ්‍යස්ථානයේදී බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ සිසුන් 157 දෙනෙකු සඳහා රු.4,070,000.00 ක වටිනාකමකින් යුතු ශිෂ්‍යත්ව නියමිතය.