ඉරානයේ වරාය 6ක ලාංකිකයින්ට රැකියා අවස්ථා

ඉරානයේ වරාය 6ක ලාංකිකයින්ට රැකියා අවස්ථා
ඉරානයේ ප්‍රධාන වරාය 06ක රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමුකිරීම පිළිබඳ සාකච්ඡා කරන බව ඉරානයේ ශ්‍රී ලංකා තානපති විශ්වනාත් අපොන්සු ප්‍රකාශ කරයි.
 
වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමඟ අද (17) පැවති සාකච්ඡාවක දී ඔහු සඳහන් කර ඇත්තේ, ටෙහෙරාන් සහ කොළඹ අතර සෘජු ගුවන්සේවා ආරම්භ කිරීම පිළිබඳ අවධානය යොමුවී ඇති බවයි. 
 

එසේම ඉරාන සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට එවීම පිළිබඳ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින පිරිස සමඟ සාකච්ඡා කරන බව ඔහු විසින් ප්‍රකාශ කර තිබේ.