ලිංගික අතවර සඳහා අපරාධ නිතියේ ඇති ප්‍රතිපාදන

ලිංගික අතවර සඳහා අපරාධ නිතියේ ඇති ප්‍රතිපාදන

01. ප්‍රශ්නය:

ලිංගික අතවරයක් යනු කුමක්ද?

පිළිතුර :

ලිංගික අතවර යනු ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධමය වරදකි.එය ලිංගික ස්වරූපයේ හැසිරීමකි. තවද එය අප්‍රසන්න, අප්‍රියජනක,අයුතු හා නොපිළිගන්නා හැසිරීමකි. එමෙන්ම එම හැසිරීම අදහස් නොකළ, සිතාමාතා කළ දෙයක් වුවත් නැතත් එය අනවශ්‍ය සහ විශේෂයෙන් නැවත නැවතත් කළ දෙයක් නම් එය ලිංගික අතවරයක් ලෙස සඳහන් කළ හැකිය.සමහර ඒවා හිතාමතා කළ නුසුදුසු සහ එක්වරක් පමණක් කළත් අපරාධකාරී ක්‍රියා ලෙස සැලකිය හැකිය.අනිකුත් හැසිරීම් දිගින් දිගටම සිදුවන්නේ නම් ඒවාද අතවර ලෙස සැලකිය හැකිය.

විශේෂයෙන් මෙවැනි ක්‍රියාවන්ට මුහුණදෙන සේවකයින්ට ඔවුන්ගේ සේවා පරිසරය තුළ ඔවුන් බියගන්න්වන, ඔවුන්ට අවමන් කරන තත්ත්වයක් නිර්මාණය වේ. මෙහිදී යම් අවස්ථාවක සේවකයෙකු ඒ සඳහා කැමැත්තක් ප්‍රකාශ කළද, ලිංගික අතවරය නම් වූ වරද සිදු නොවූවායැයි සිතිය නොහැක.

02. ප්‍රශ්නය:

සේවකයන්ට එරෙහිව එල්ලවන සැහැසි ක්‍රියා එනම් සේවා ස්ථානයේදී සිදුවන ලිංගික තාඩන පීඩන වලට නීතියේ පවතින ප්‍රතිපාදන කවරේද?

පිළිතුර:

මේ ආකාරයෙන් සිදුවෙන සියළුම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීති ක්ෂේත්‍රය 1883 අංක 03 දරණ දණ්ඩ නීති සංග්‍රහ ආඥා පණතින් නීතියට ඇතුළත් වී ඇත. එය වරින්වර සංශෝධය වී තිබේ.

සේවා ස්ථානයේදී ලිංගික අතවර ආකාර 02කින් සිදුවෙයි. එනම්,

01.වෙනුවට "දෙන දෙය" වශයෙන්

02.වැඩකිරීමේ "සතුරු පරිසරයක්" වශයෙන්

1995 අංක 22 දරණ දණ්ඩ නීති සංශෝධන සංග්‍රහයේ 345 වගන්තිය යටතේ මෙසේ දක්වා තිබේ.

අඩන්තේට්ටම් මගින් හෝ වචන ,ක්‍රියාවන් භාවිතයෙන් වෙනත් පුද්ගලයෙකුට ලිංගික අතවර කිරීම,ලිංගික ප්‍රකෝපනය හෝ ලිංගික අතවරය එවන් පුද්ගලයන්ට කිරීම මගින් ලිංගික අතවර වරදක් කරයි"

මෙම සියලුම නීති පුරුෂයින්ට සමානව කාන්තාවන්ටද බලපාන අතර කාන්තාවන් සුවිශේෂී කොට දක්වමින් පැනවූ නීති ගණනාවක්ද අප රටේ නීතියේ  ඇතුළත් වේ.

මේ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය අනුව ස්ත්‍රියකගේ හිරි ඔතප් බිඳීමේ අදහසින් ඇගේ ඇඟට අත තැබීම හෝ අතින් ඇල්ලීම පවා අපරාධමය වරදකි.එකී වරදට වරදකරු වූ තැනැත්තෙකුට අවුරුදු 05ක කාලයක් දක්වා සිරදඬුවමක් හා දඬයක්ද එම දඬුවම් දෙකින් දඬුවම් කිරීමට අමතරව කස පහර දීමකින්ද දඬුවම් කල හැකිය.බොහෝ වෙලාවට කස පහර ලබා දීම ක්‍රියාත්මක නොවෙන බවක් පෙනෙන්නට  තිබුනද ඒ වෙනුවට අපරාධ වින්දිතයට මූල්‍යමය වන්දි ප්‍රදානය කිරීමක් කරනු ලබයි. මෙහිදී විශේෂයෙන් කිවයුතු කාරණයක් වන්නේ ගැහැණු පිරිමි දෙපාර්ෂවයම ලිංගික අතවරයන්ට ගොඳුරු වීමේ ප්‍රවණතාවයක් පවතින බවයි.

03. ප්‍රශ්නය :

රාජ්‍ය සේවකයෙකුට එරෙහිව ලිංගික අතවර යන අපරාධමය වරදක් තිබේද?එසේ නම් ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන කවරේද?

පිළිතුර:

රාජ්‍ය සේවකයෙකුට ලිංගික අතවර සම්බන්ධයෙන් චෝදනා කළ හැකි වන්නේ 1956 අංක 17 දරණ අල්ලස් පනත මගිනි. එහිදී යම් සේවකයෙකු යම් රාජකාරියක් ඉටුකිරීමේදී  හෝ එය ඉටු කිරීමෙන් වැළකී සිටීම පිණිස හෝ එවන් රාජකාරී කඩිනම් කිරීම,ප්‍රමාද කිරීම,බාධා කිරීම,වැලැක්වීම, උපකාර කිරීම හෝ වාසි සැලසීම පිණිස පෙළඹවීමක් හෝ ප්‍රදානයක් ඉල්ලීම හෝ ලබා ගැනීම ආදිය සිදුකිරීම තුලින් මෙම ලිංගික අතවර යන වරද සංස්ථාපනය වේ.

තවද යම් සේවකයෙකු සේවයට බඳවා ගැනීමේදී, ඔවුන්ගේ මාරුවීම්, උසස්වීම්,සහ වෙනත් කොන්දේසි,නියමයන් හා ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් "ලිංගික සංතෝසමක්" ලබා ගැනීම හෙවත් ලිංගික අල්ලසක් ලබා ගැනීම යනුවෙන් අල්ලස් පනත තුළ හඳුන්වා දෙයි.

මෙසේ ලිංගික සංතෝසමක් ඉල්ලා සිටින  හෝ ලබා ගන්නා රාජ්‍ය සේවකයින්ට වසර 07කට නොවැඩි බරපතළ වැඩ සහිත සිරදඬුවමක් රුපියල් 5000කට නොවැඩි දඩයක් පැනවීම යන දඬුවම් පැනවීමේ හැකියාව පවතී.

තවද මෙහිදී රාජ්‍ය සේවකයෙකුට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2)  වගන්තියට අනුව කිසියම් පුද්ගලයෙකු ස්ත්‍රී පුරුෂ භේදය මත වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුතුය යන්න මත පදනම්ව මූලික අයිතිවාසිකම්  නීතිය  යටතේද ප්‍රතිකර්ම හා සහන ලබාගත හැකිය.