කර්මාන්තශාලා සේවකයින්ගේ සුරක්ෂිතතාවය ,සෞඛ්‍ය හා සුබ සාධනය සලසා දීමේ අරමුණින් ඇතිවූ පණතක් ලෙස 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥා පණත හඳුන්වා දිය හැකිය.
මෙම පණත සැකසී ඇත්තේ ජාත්‍යන්තර ප්‍රමිතීන් පදනම්කර ගනිමින් සේවක සුබ සාධනය,සෞඛ්‍යය, ආරක්ෂාව හා වන්දි ලබා දීම සඳහායි. එනම් සේවකයින්ට සේවා ස්ථානයේදී සිදුවෙන උපද්‍රව,හදිසි අනතුරු පිළිබඳව මෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කර්මාන්තශාලා පවත්වාගෙන යා යුතු ආකාරය මෙම ආඥා පණත මගින් තහවුරු කර ඇත්තේ වැඩබිම හෙවත් සේවා ස්ථානය වඩාත් ආරක්ෂාකාරී, සෞඛ්‍යාරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීම සඳහායි.
මෙම පණතේ සුවිශේෂීතාවය වන්නේ සේවකයා හා සේවායෝජකයා යන දෙපාර්ශවයේම සෞඛ්‍ය, ආරක්ෂාව,සුබ සාධනය තහවුරු කිරීමයි.
මෙම කර්මාන්තශාලා ආඥා පණතේ වගන්තිවලට අනුව එකී කර්මාන්තශාලාවේ භෞතික පරිසරය,රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීම, යන්ත්‍රෝපකරණ ආවරණය, යන්ත්‍රෝපකරණ ක්‍රියාකරවීම සඳහා සේවකයින් යෙදවීම, සේවායෝජක විසින් ඉංජිනේරුවරයාට කලයුතු දැනුවත් කිරීම්, ස්ත්‍රීන් හා තරුණ අය සේවයේ යෙදවීමේදී අනුගමනය කල යුතු කොන්දේසි සකස්කර තිබිය යුතුය.
බොහෝ කර්මාන්තශාලාවල සේවක සේවිකාවන් සිය සෞඛ්‍ය හා සුබ සාධනය ප්‍රමාණවත් තරම් සපයා නොදෙන කර්මාන්තශාලා තිබෙන බවට මැසිවිලි නගති.නමුත් සමහර සේවකයින් ඒ බව නොදනිති.එනම් කර්මාන්තශාලාවල සේවයකරන ස්ත්‍රීන් හා තරුණ අය සේවයේ යෙදවීම මෙම පණත ප්‍රකාරව සේවිකාවන්ට සේවා කොන්දේසි ක්‍රියාත්මක කල යුතුය. එනම්,
