නව කම්කරු නීති පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති පනත් සහ වෘත්තීය සමිති පිළිබඳ විධිවිධාන සැකසී ඇති ආකාරය
මේ දක්වා භාවිතයේ පැවති පෞද්ගලික අංශයට බලපාන්නාවූ කම්කරු නීති 13ක් නීතිමය ප්‍රතිපාදන වෙනස්කොට තනි නීතියක් සකසා ඇති බව ශ්‍රමිකයින් වන අප දන්නා කරුණකි. එකී නීති 13 කවරේද යත්,
මෙම පනත් 13 අන්තර්ගත කොන්දේසි වෙනස්කොට නව කොන්දේසි ඇතුළත් කොට මෙම ඒකීය පනත් කෙටුම්පත සකසා ඇත.
එම පණත් 13 අතුරින් වෘත්තීය සමිති සාමාජිකයින්ට වැදගත් වන්නාවූ නව නීති කොන්දේසි කෙසේ සැකසී වී ඇද්ද යන්න දැන ගැනීම ඉතා වැදගත්ය.
මෙම කෙටුම්පතේ 105 වගන්තිය මගින් වෘත්තීය සමිතියක් ලියාපදිංචි කිරීම සදහා සාමාජිකයින් 100 දෙනෙකු විසින් හෝ සාමාජිකයින් සංඛ්‍යාව 100ට අඩු අවස්ථාවක එයින් 25 දෙනෙකු අත්සන් කල යුතුය. මෙය පැවති පණතේ 07ක් අත්සන් කිරීම වෙනස් කොට සාමාජිකයින් සංඛ්‍යාව වැඩි කිරීම වෘත්තීය සමිති ඇතිකර ගැනීමට උනන්දුවක් දක්වන්නන්ට කකුලෙන් ඇඳීමකි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෘත්තීය සමිතියකට බැඳීමට ඇති අයිතිය මෙම කෙටුම්පත මගින් උදුරා ගැනීමකි.
තවද කෙටුම්පතේ 137 (1) වගන්තිය මගින් දක්වා ඇත්තේ වෘත්තීය සමිතියක් මගින් වැඩ වර්ජනයක් කිරීමට පෙර අපෙක්ෂිත කාරණය ගැන බහුතර සාමාජිකයින්ගේ කැමැත්ත දැන ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීම සිදුනොකොට වැඩ වර්ජනයක් සිදුකල නොහැකි බවයි.
මෙසේ රහස් ඡන්දයක් පැවැත්වීම හා වැඩවර්ජනයක් සිදු කිරීමට අපේක්ෂිත දිනට දින 28කට පෙර සේවායෝජකයින්ට හා වෘත්තීය සමිති රෙජිස්ටාර්වරයාට ලිඛිතව දැන්වීම කලයුතු බව 147(1) අ සහ ආ උපවගන්ති මගින් දක්වා ඇත.
මෙකී වෘත්තීය සමිති අයිතිවාසිකම් අපට ලැබී ඇත්තේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි. එනම් එහි 3 පරිච්ඡේදය මගිනි වෘත්තීය සමිතියකට් බැඳීමට ඇති අයිතිය, සමාගමේ හා රැස්වීමේ නිදහස ප්‍රජාතාන්ත්‍රික අයිතියක් ලෙස සහ මූලික අයිතිවාසිකම් ලෙස ජාතික වශයෙන්ද පිළිගෙන ඇත.
එමෙන්ම, ලෝක කම්කරු සංවිධානය මගින් 87 සම්මුතිය සහ 98 සම්මුතිය මගින් පිලිගෙන සම්මත කර ඇති මෙම වෘත්තීය සමිති අයිතිවාසිකම් එහි සාමාජික රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව අත්සන් කොට පිළිගෙන ඇත්තේ එකී අයිතීන් රැක දීමේ අරමුණිනි. ඒ අනුව මෙම නව කම්කරු නීති කෙටුම්පත මගින් එකී අයිතීන් කප්පාදු වී ඇත.
