1983 12 පාරිතෝෂික මුදල් ගෙවීමේ පනත පෞද්ගලික අංශය සහ සංස්ථා අංශයේ සේවකයන් සඳහා වසර 5ක අඛණ්ඩ සේවාව සම්පූර්ණ කරන ලද සෑම සේවකයෙකුටම සේවය අවසන් වූ වහාම මෙම ප්‍රතිලාභය සඳහා හිමිකම් කිව හැකිය.
නීතිය එසේ වුවද, මෙම ප්‍රතිලාභය ලබා ගැනීමේ දී සලකා බලන මූලික කරුණක් වනුයේ එම සේවා ස්ථානයේ සේවකයින් 15 දෙනෙකු හෝ වැඩි ප්‍රමාණයක් යොදවන සේවා ස්ථානයක් ද යන්න තුලිනි. නමුත් මෙම ප්‍රතිලාභය පහත අවස්ථාවන්වලදී පාරිතෝෂික දීමනාවෙන් ගෙවීම බැහැර කර ඇත. එකී අවස්ථාවන් වනුයේ
මෙම පාරිතෝෂක ගණනය කිරීම කෙසේද යන්න සෑම සේවකයෙකුම අවබෝධයක් ලබාගෙන තිබීම සේවක අයිතීන් මෙන්ම කම්කරු අයිතීන්දු සුරක්ෂිත කරයි. ඒ අනුව සෑම සේවකයෙකුම අවසන්වරට ලබාගන්නා ලද වැටුපෙන් මාස 1/2 ක් වැටුප සේවය කරන ලද සෑම එක් වසරකටම බැගින් අදාළ වසර ගණනට ගෙවීම සිදු කළ යුතුය. උදාහරණයක් ලෙස යම් සේවකයෙකු වසර 10ක් සේවය කර ඇත්නම් අවසන් වරට ඔහුගේ වැටුප රුපියල් ලක්ෂයක් වූ විට එම සේවකයාගේ පාරිතෝෂිකය ගණනය කිරීම පහත පරිදි පෙන්විය හැකිය.
වැටුප් භාගය 50,000 x වසර 10 = ලක්ෂ 5
මෙම පාරිතෝෂික ගෙවීම සේවය අවසන් වූ දින සිටියේ දින 30ක් ඇතුළත සිදුකළ යුතුය. මෙම පාරිතෝෂික මුදල් ගෙවීම පහත අවස්ථාවන් වලදීම පමණක්ම අඩු කිරීම හෝ ගෙවීම ප්‍රතික්ෂේප කළ හැකියි. ඒවා නම්
මෙහිදී සේවකයාගේ නිර්දෝශීභාවයක් තිබෙන්නේ නම් සහ සේවා යෝජකයා ද්වේශ සහගත ලෙසින් ගෙවීම පැහැර හරින්නේ නම් අදාළ කම්කරු විනිශ්ච සභාවට අයදුම් පත්‍රයක් යොමු කිරීමෙන් විනිශ්චයක් ලබාගත හැකිය. එහිදී සේවකයා මියගොස් ඇත්නම් එම මියගිය සේවකයාගේ නීත්‍යානුකූල උරුමකරුවන්ට එකී පාරිතෝෂක මුදල් ලබා ගත හැකියි.
තවද පාරතෝෂිකයන් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අතෘප්තියට පත් සේවකයාට කම්කරු කොමසාරිස්වරයා වෙත ද පැමිණිලි කළ හැකිය. එහිදී අසාධාරණ ලෙස පරිත්තෝෂික මුදල් ගෙවීම පැහැර හැර ඇති බවට කම්කරු කොමසාරිස්ට තහවුරු වී ඇති විටෙක පැහැර හැර ඇති මුදල් ප්‍රමාණය ඇතුළත් සහතිකයක් අදාළ මහේස්ත්‍රාත්තු තුමාට ඉදිරිපත් කිරීම මගින් සහ එය සාක්ෂියක් බවට පිළිගෙන මහේස්ත්‍රාත්වරයාට එකී පැහැර හැර ඇති කාල සීමාවට අදාළ මුදල අධිභාරයක් සමඟ ගෙවන ලෙස සේවා යෝජකයාට නියෝග කළ හැකියි.
මෙම ප්‍රමාද කාල සීමාවට අනුව ගෙවිය යුතු ප්‍රතිශතයක් පහත පරිදි දැක්වේ.
එම නිසා සෑම සේවකයකුම නියමිත සේවා කාලය අවසානයේදී තමාට ලැබිය යුතු පාරිතෝෂික ගෙවීම් මුදල කොපමණද සහ නීත්‍යානුකූල අඩුකිරීම් කොපමණ තිබේද ප්‍රමාදයන් ලෙස ගෙවා තිබේ නම් ඒ සඳහා අධිභාරය කොපමණද යන්න අවබෝධයක් තිබීම කම්කරු අයිතීන් දිනා ගැනීමට අත්‍යවශ්‍ය දැනුමකි.
