රජයක මූලික ආයතන තුන ලෙස විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ප්‍රධාන තැනක් ගනියි. එහිදී 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට විධායකයේ ප්‍රධානියා ලෙසත් විධායක බලතල සහ විධායක කටයුතු මොනවාද යන්නත් එහි විස්තරාත්මකව පැහැදිලි කොට තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ලෙසත් විධායකයේ ප්‍රධානියා ලෙසත් ආණ්ඩුවේ ප්‍රධානියා ලෙසත් සහ සන්නද්ධ සේවාවන්හි හෙවත් ත්‍රිවිධ හමුදාවේ සේනාධි නායකයා ලෙස ද බලතල ලබා දී ඇත.
ඒවගේම රටේ ව්‍යවස්ථාදායකය පාර්ලිමෙන්තුවයි. එහි සංයුතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විස්තර කොට ඇත. පාර්ලිමේන්තුව කැඳවීම වාර අවසාන කිරීම සහ විසුරුවා හැරීම ජනාධිපතිගේ ප්‍රකාශයක් මගින් සිදුකළ හැකිය. තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට නීති සම්පාදනය කිරීමේ බලතල ලැබී ඇත.
ඒ වගේම අධිකරණ ක්‍රියාවලිය රාජ්‍යය යන්ත්‍රණයේ තෙවැනි අංගයයි. ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණ යනාදී ඉහළ අධිකරණවලින් පත්වීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන මගින් සෘජුවම පාලනය කෙරේ. එලෙසම අධිකරණයන්ට අපහාස කිරීම සම්බන්ධව දඬුවම් කිරීමේ බලතල ද එම අධිකරණ වෙතම පවරාදී ඇත.නමුත් දිසා අධිකරණ මහෙස්ත්‍රාත් අධිකරණය ආදී මුල් අවස්ථා අධිකරණයන් සඳහා අදාල වනුයේ අධිකරණ සංවිධාන පනතයි.
මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන් සහ සභාපතිවරුන් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව සහ ජනාධිපතිවරයාගේ අත්සනෙන් යුතුව පත් කළ යුතුය. එලෙසම විනිසුරුවන් පත්කිරීමේදී පාර්ලිමේන්තුවේ බහුතරයක් එකඟ වූ යෝජනා සම්මතයකින් පසු ජනාධිපතිවරයාට සිදුකළ හැකිය. එලෙසම ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණ විනිසුරුවන් ජනාධිපතිවරයාගේ ලිඛිත කැමැත්ත නොමැතිව නැවත නීතිඥ වෘත්තියේ නොයෙදිය යුතුය.
මහාධිකරණ විනිසුරුවන් පත් කිරීම සිදුකළ යුත්තේ අධිකරණ සේවා කොමිෂන් සභාව සහ නීතිපතිවරයාගේ නිර්දේශයද සහිතව ඉදිරිපත් කරන තනතුරු සඳහා ජනාධිපතිවරයාගේ අත්සන යටතේ දෙනු ලබන අධිකාර පත්‍රයක් මගිනි. එමෙන්ම මහාධිකරණ විනිසුරුවන්ගේ පාලනය අයත් වන්නේ ජනාධිපතිවරයාට අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මතය. ජනාධිපතිවරයාට මහාධිකරණ විනිසුරුවරුන් ධුරයෙන් ඉවත් කළ හැකිය. ඒ වාගේම මහාධිකරණ විනිසුරුවරයෙකු විසින් ජනාධිපතිවරයා අමතන ලද ලිපියකින් සිය ධූරයෙන් ඉල්ලා අස්විය හැකිය.
මෙහිදීම අධිකරණයේ ස්වාධීනත්වයන් සහ අධිකරණ කටයුතුවලට අනිසි මැදිහත්වීම විධායකය ව්‍යවස්ථාදායකය තුළින් කෙතරම් දුරට ක්‍රියාත්මක වන්නේ ද යන්න විනිශ්චය කිරීම මහජනාතාව සතු අයිතියකි .
මෙහිදී විධායකය යටතේ ජනාධිපතිවරයාගේ බලතල ද, දෝශාභියෝගය සිදුකළ හැකි අවස්ථා,ජනාධිපතිවරයාගේ පත්කිරීම්, විධායක ජනාධිපතිවරයකු බවට පත්වීමට නුසුදුසු පුද්ගලයන් යනාදී ප්‍රධාන කාරණා හැදෑරිය යුතුය. ඒවගේම ව්‍යවස්ථාදායකය යටතේ මන්ත්‍රීවරුන් පත් කිරීම, පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීම, ස්ථාවර නියෝග සෑදීම, ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීම, පනත් කෙටුම්පත් සම්මත කිරීම, මන්ත්‍රීවරුන් නෙරපා හැරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ආදිය සිදු කරනු ලබයි.
අධිකරණ ක්‍රමය යටතේ අධිකරණ පිහිටුවීම, අධිකරණයේ ස්වාධීනත්වයන් අධිකරණ සේවා කොමිෂන් සභාව සහ එහි බලතල කෙටුම්පත් සම්බන්ධ අධිකරණ බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ අධිකරණ බලය, මූලික අයිතිවාසිකම් අධිකරණ බලය, ඡන්ද පෙත්සම් සම්බන්ධ අධිකරණ බලය, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම් සම්බන්ධ අධිකරණ බලය, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට කරුණු කියාපෑමේ අයිතිය, ශ්‍රේෂ්ඨාධිකරණ නීති සැකසීම ආදිය අධිකරණ බලය යටතේ පවතින විෂයය සංයුතියයි.
තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙන් ඇතිකළ නව අංගයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හැඳින්විය හැකියි. එහි සංයුතිය පහත ආකාරයෙන්ම සමන්විත වෙයි.
- අගමැති
- කථානායක
- විපක්ෂ නායක
- ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු
- අගමැති හෝ විපක්ෂ නායක විසින් නම් කරන ලද සහ දෙදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද විය යුතුය. ජනාධිපතිවරයා විසින්ම පත් කළ පස්දෙනකුට සිටිය යුතුය.
- අගමැති හෝ විපක්ෂ නායක නියෝජනය කරන පක්ෂ හැර පාර්ලිමේන්තුවේ නියෝජනය ඇති දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වලන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයේ එකඟත්වය මත නාම යෝජනා කොට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ මන්ත්‍රීවරයෙකු සමන්විත වේ. මෙම සාමාජිකයන්ගේ ධූර කාලය වසර තුනකි.
සෑම පුරවැසියෙකු විසින්ම රටේ ප්‍රධාන අංග තුන වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යාන්ත්‍රණය සහ එහි සංයුතිය ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයක් ලබා දීම ලිපියෙහි අරමුණයි.