වයස අවුරුදු 18 ට අඩු අය සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවා

වයස අවුරුදු 18 ට අඩු අය සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවා

• ගෘහස්ථ සේවක පනත සංශෝධනය කරනවා
• ගෘහස්ථ සේවකයින්ට EPF/FTF හා පාරිතෝෂික ගෙවිය යුතුයි
• නිවාඩු ලබාදිය යුතුයි

මෙරට යම් පුද්ගලයෙකු යම් සේවයක යෙදවීමේ හැකි වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට අදාළ නීති ඉදිරි මාස තුනක් ඇතුලත වැනි කාලය තුළදී බලාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (27) ප්‍රකාශ කළේය. ඒ සඳහා ස්ත්‍රීන් තරුණයන් හා ළමයින් සේවයේ යෙදවීමේ පනත යටතේ හඳුන්වාදීමට නියමිත නියෝග මගින් අන්තරායකර රැකියා ලැයිස්තු සංශෝධනය කිරීමට අවශ්‍ය නියෝග නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් දැනටමත් අවසාන කෙටුම්පත දක්වා සකස් කර පවතින හෙයින්, එම ක්‍රියාවලියක් කඩිනම් කරන ලෙස ද අමාත්‍යවරයා මෙහි දී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එසේම වසර 100කට වඩා පැරණි ගෘහසේවක ප්‍රජාව⁣ට අදාළ නීතිරීති ද වෙනස් කරමින්, ඔවුන්ගේ සුභසාධනය සඳහා නව නීති රීති ගෙන එන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ කම්කරු අමාත්‍යාංශයේ අද පැවැති ගෘහස්ථ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවේදිය.

කම්කරු දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යංශය, ළමා හා කාන්තා කාර්යාංශය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡා පැවැත්වුණි.

ළමයින් සේවයේ යෙදවීම සහ ගෘහස්ථ සේවකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර එහිදී , යම් පුද්ගලයෙක් නිවසක සේවයේ යොදවා ගන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු සේවා යෝජකයා විසින් දිස්ත්‍රික් කම්කරු නිලධාරියා හමුවේ ලියාපදිංචි කළ යුතු බවත්, ජාතික අවම වැටුප් පනත ට ගෘහස්ථ සේවක සේවිකාවන් ඇතුලත් කිරීම, එම ගෘහ සේවක සේවිකාවන් ආවරණය වන පරිදි (EPF) සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් (ETF) පනත් සංශෝධනය කිරීමට ද මෙහිදී තීරණය කෙරිණ. ගෘහස්ථ සේවක ප්‍රජාවට වැඩ කරන වේලාවන්, විවේක කාලය සහ නිවාඩු ලබා දීමට අදාල නව රෙගුලාසි සකස් කිරිමටත් ඔවුන්ට ආරක්ෂිත හා සාධාරණ සේවා පරීක්ෂණ වල ලබාදීම සහතික කිරීමට ද මෙහි දී යෝජනා විය. එසේම මෙම ගෘහස්ථ සේවක සේවිකාවන් ඔවුන්ගේ රැකියාවෙන් ඉවත් වන විට ඔවුන්ට සාධාරණ පාරිතෝෂිත පාරිතෝෂික ගෙවීම පාරිතෝෂිත ගෙවීම් සහතික කිරීමට ද සේවකයා සඳහා ගෘහ සේවකයන් සඳහා චර්යා ධර්ම සංග්‍රහයක් හඳුන්වාදීමට ද මෙහි දී තීරණය කෙරිණ.

ගනු ලබන මෙම ඉදිරි ක්‍රියාමාර්ගවල අරමුණ වන්නේ එම නව නීති රෙගුලාසි තුළින් ගෘහ සේවක ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පමණක් නොව ඔවුන්ගේ වෘත්තීය ගෞරවය සහතික කිරීම ද බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු ආයතන රැසක නියෝජිත නිලධාරීහු එක් වූහ.

This image has an empty alt attribute; its file name is nimal-child-labour-2.jpg