ජනාධිපතිවරයාගෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ 2020 ජනවාරි මිලට ඉල්ලයි

ජනාධිපතිවරයාගෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ 2020 ජනවාරි මිලට ඉල්ලයි

ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයන් හමුවේ, මේ රටේ ආර්ථික අර්බූදයේ තීරණාත්මක සාධකය වන විදේශ විනිමය සංචිතය රටට ඔරොත්තු නොදෙන අවමයකට පහත වැටී ණය පොලී ගෙවා ගැනීමටද නොහැකිව ඇති හෙයින් පෞද්ගලික අංශයේ වෘත්තීය සමිතියක් වන නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යෝජනා මළාවක් ඉදිරිපත් කර ඒ සඳහා සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වන්නේ, තෝරා ගත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල සැළකිය යුතු මට්ටමකින් ඉහළ දැමීමට පසුගිය 11 වන සිකුරාදා දින ඔබගේ ආණ්ඩුව ඉඩ ලබා දී තිබූයෙන් ඉන්ධන මිල ඇතුළු ප‍්‍රධාන පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ක්ෂණිකව ඉහළ ගියේය. ඖෂධ, තිරිගු සහ තිරිගු පිටිද ඊට ඇතුළු විය. ඒ හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල දළ වශයෙන් සියයට 75 කින් ඉහළ දැමින. ෙඖෂධ මිල සියයට 30 කින් පමණ ඉහළ යනු ඇතැයි වාර්තා විය. තිරිගුපිටි කිලෝව රුපියල් 35 කින් ඉහළ ගියද පාන් ගෙඩියක මිළ දැන් රුපියල් 110 ත් 130 ත් වනවිට එය සියයට 60 කින් 70 කින් ඉහළ යෑමකි. පෞද්ගලික බස්රථ හිමියන් මේ වනවිට ආරම්භක ගාස්තුව රුපියල් 30 ක් කරමින් බස් ගාස්තු වැඩි කරන්නට යෝජනා කර ඇති අතර, ජාතික ප‍්‍රවාහන කොමිසම නව බස් ගාස්තු වහා ප‍්‍රකාශ කරන බව එහි සභාපති මාධ්‍යයට කියා තිබිණ. මේ මිල වැඩි කිරීම් කෙරෙන විට, ආහාර මිල පසුගිය වසරට වඩා සියයට 25 කින් ඉහළ ගොස් තිබිණ.

බහළුම් ප‍්‍රවාහන හිමියන්ගේ සංගමය සියයට 60 ක ප‍්‍රවාහන ගාස්තු වැඩි වීමක් ප‍්‍රකාශකර ඇත. එළෙස විශාල වශයෙන් ඉහළ දැමෙන ප‍්‍රවාහන ගාස්තු සමග සියලූ භාණ්ඩවල මිල මේ සතියේ සිට සියයට 40 කින් හෝ ඊට වැඩි ප‍්‍රතිශතයකින් ඉහළ යනු ඇත. මිල පාලනයද ඉවත්කර ඇති හෙයින් ඉදිරි කාලයේ භාණ්ඩ මිල තීන්දු වනු ඇත්තේ ආනයනය කිරීම් සඳහා විදේශ විනිමය සංචිතයේ ඉතිරිවන ඩොලර අනුවය. එවගේම වෙළඳපලේ භාණ්ඩ හි`ගවීම්ද ඒ අනුව තීන්දු වනු ඇත.

රට තල්ලූකර ඇති මේ දරුණු ආර්ථික කඩා වැටීම පාලනය කර ගැනීමට හෝ ආණ්ඩුව සතු පැහැදිලි ප‍්‍රායෝගික සැළසුමක් අපි නොදකිමු. ඉන් බරපතලම අසීරුතාවකට පත්වන්නේ පෞද්ගලික අංශයේ අපනයන නිෂ්පාදන හා වැවිලිකරයේ සේවක සේවිකාවන් සමග අවිධිමත් ආර්ථික ක්ෂේත‍්‍රයේ සහ ග‍්‍රාමීය සමාජයේ කෘෂි කම්කරුවන් සහ දෛනික ආදායම්ලාභී පිරිස් ය. ඔවුන්ට පසුගිය අයවැයෙන් රජයේ සේවක සේවිකාවන්ට ලැබුණු වැටුප් සහනය හෝ ලබා දුන්නේ නැත.

ඒ වනවිටද සියයට 21 කින් ආහාර මිල වැඩිවී තිබුණ හෙයින් පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සඳහා වෘත්තීය සමිති ඉල්ලා සිටියේ රුපියල් 60,000 ක උපරිම මාසික වැටුප් සීමාව දක්වා සියල්ලන්ට දැනට කි‍්‍රයාත්මක රුපියල් 16,500 යේ අවම වැටුප රුපියල් 26,000 ක් දක්වා වැඩි කරමින් ඒ අනුව රුපියල් 10,000 ක වැටුප් වැඩි කිරීමකි. ඉල්ලා සිටි වැටුප් වැඩිවීම් නොලැබුණු පසුබිමක පසුගිය සෙනසුරාදා සිට අධික ලෙස මිල වැඩිවීමේ බර දරා ගත නොහැකිව පෞද්ගලික අංශයේ ලක්ෂ ගණන් සේවක සේවිකාවන් අනාථ වනු ඇත.. අවිධිමත් ක්ෂේත‍්‍රයේ රැකියාද දහස් ගණන් අහෝසි වනු ඇත.

එවැනි ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයන් හමුවේ, මේ රටේ ආර්ථික අර්බූදයේ තීරණාත්මක සාධකය වන විදේශ විනිමය සංචිතය රටට ඔරොත්තු නොදෙන අවමයකට පහත වැටී ණය පොලී ගෙවා ගැනීමටද නොහැකිව ඇති හෙයින් පෞද්ගලික අංශයේ වෘත්තීය සමිතියක් ලෙස අප ඔබගේ ආණ්ඩුවෙන් මේ මොහොතේ ඉල්ලා සිටින්නේ,

01. විදේශ විනිමය අර්බූදය මේ වසර අවසන් වන තෙක් තාවකාලිකව සමනය කර ගැනීමට සහ දීර්ග කාලීන වශයෙන් ඊට යෝජනා කෙරෙන ස්ථාවර විසඳුම් සවිස්තරාත්මකව රට හමුවේ නොපමාව තබන ලෙසත්
02. පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටින වැටුප් වැඩිවීම් වලට අමතරව, ආහාර සුරක්ෂාව හා ජනතාවගේ දෛනික අවශ්‍යතා සහතික කිරීම ආණ්ඩුවක් සතු මූලික වගකීමක් ලෙස ඒ වෙනුවෙන් පවුලේ මාසික ආදායම රුපියල් 75,000 ට වැඩි නොවන සියලූ ගෘහයන්ට 2020 ජනවාරියේ පැවති මිලට ඉන්ධන, භූමිතෙල්, එල්.පී ගෑස්, පාන්, තිරි`ගු පිටි, සහල්, සීනි සහ පරිප්පු ප‍්‍රමාණවත් අයුරින් දෙසතියක් ඇතුළත සළාක ක‍්‍රමයකට අවම අවුරුද්දක කාලයකට ලබා දෙන ලෙසත්
03. ධීවර කාර්මිකයින්ට ධීවර බෝට්ටු සඳහා අවශ්‍ය ඉන්ධන ධීවර සමුපාකාර සමිති හරහා සහන මිලට ලබා දෙන ලෙසත් ය.

මෙය දේශපාලනීකරණය කිරීමෙන් වළකා ලීමට අවශ්‍ය හෙයින් මෙම දළ සැළසුම මෙසේ ඉදිරිපත් කරමි.

1. සෑම ග‍්‍රාම සේවා වසමකම රු.75,000 ට අඩු මාසික ආදායම්ලාභී පවුල් දෙසතියක් ඇතුළත හඳුනා ගැනීම
2. මෙම ප‍්‍රතිලාභ ලැබිය හැකි රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගෙන් ඔවුන්ගේ ඉකුත් පෙබරවාරි මස වැටුප් ලේඛනයේ සහතික පිටපතක් ලබා ගැනීම
3. එම ප‍්‍රතිලාභි නාම ලේඛනය ග‍්‍රාම සේවා වසමෙහි ප‍්‍රසිද්ධ කිරීම
4. එකී ගෘහිකයින්ට ඔවුන්ගේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඔවුන්ට භාණ්ඩ සළාකය පහසුවෙන් ලබා ගත හැති සමූපකාර,සතොස හා ඉන්ධන හල ඔවුන්ගෙන් නම්කර ලබා ගැනීම
5. ඔවුන්ගේ සළාකය සහ එය ලබා ගැනීම වෙනුවෙන් හඳුනා ගැනීමේ පත‍්‍රයක් නිකුත් කිරීම

ජනතාවගේ දෛනික අවශ්‍යතා වෙනුවෙන් එළෙස සහනදායි මිලකට භාණ්ඩ සැපයීම පිළිබඳව සවිස්තරාත්මක සැළසුමක් ඉදිරිපත් කිරීමට අප සූදානම් හෙයින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නොපමාව අවස්ථාවක් ලබා දෙන්නේ නම් බෙහෙවින් කෘතඥ වෙමු.