විදෙස් සංචාරකයින් ගෙන්වීමේදී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් රතු එළියක්

විදෙස් සංචාරකයින් ගෙන්වීමේදී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් රතු එළියක්

පනවා ඇති සෞඛ්‍ය නිර්දේශයන්ට පටහැනිව විදෙස් සංචාරකයින් ගෙන්වීමේ කටයුතු සිදුවන්නේ නම්, සංචාරකයින් ගෙන්වීම පිළිබඳ යළි සලකා බැලීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, සංචාරකයින් මෙරටට ගෙන්වීමේ කටයුතුවලට අදාළ සියලු කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත් , එහෙත් සංචාරකයින් ගෙන්වීමේදී යම් ගැටලුකාරි තත්ත්වයක් ඇතිවුවහොත් ඊට අදාළව ඕනෑම අවස්ථාවක සෞඛ්‍ය උපදෙස් ලබා දීමටත් අමාත්‍යාංශය සූදානම් බවයි.

එමෙන්ම,සංචාරකයින් ගෙන්වීමේ කටයුතු සංචාරක අමාත්‍යාංශය මගින් අදාළ කටයුතු පූර්ණ අධීක්ෂණයකට ලක් කෙරෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.