සේවය අවසන් කිරීමේ වන්දි මුදල ඉහලට

සේවය අවසන් කිරීමේ වන්දි මුදල ඉහලට

අසාධාරණ ලෙස කම්කරුවන් සේවයෙන් ඉවත් කිරීමේදී සහ ආයතන වසා දැමීම හේතුවෙන් රැකියාව අහිමි වීමේදී ඉහළ මාසික වැටුප් ලබන සේවකයින්ට හිමි වන වන්දි මුදල අඩු මට්ටමක පවතිම සැලකිල්ලටට ගනිමින් ගෙවිය හැකි උපරිම වන්දි මුදලේ සීමාව රුපියල් 1,250,000 සිට 2,500,000 දක්වා ඉහළ දැමීම සඳහා විෂය භාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට යෝජනාට අනුමැතිය හිමිවී ඇත.

2003 අංක 12 දරන පනතින් සංශෝධනය කර ඇති 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රැකිවාය අවසන් කිරීමේ )විශේෂ විධිවිධාන) පනතින් හඳුන්වා දී සේවය අවසන් කිරීම සඳහා වන සූත්‍රයේ ගණන් බැලීමට අනුව සේවකයන්ට වන අසාධාරණය හේතු කොට ගෙන මෙම යෝජනාව සම්මත කර ඇත.