විශ්‍රාම වැටුප් ගැටළුවට විසඳුම් ඉල්ලා බැංකු සේවකයින් අවි අමෝරයි

විශ්‍රාම වැටුප් ගැටළුවට විසඳුම් ඉල්ලා බැංකු සේවකයින් අවි අමෝරයි
විශ්‍රාම වැටුප් ගැටළුවට විසඳුම් ඉල්ලා බැංකු සේවකයින් අද දිනයේ සිට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
  
ලංකා බැංකු සේවක සංගමයේ සාමාජිකත්වය දරණ රාජ්‍ය හා පෞද්ගලික බැංකු සේවකයින් විසින් සිය විශ්‍රාම වැටුප් ගැටළුවට විසඳුම් ලබාදෙන මෙන් ඉල්ලමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.
 
අද මහනුවරින් සහ දකුණු පළාතෙන් විරෝධතාවය ආරම්භකර තිබෙන අතර අද දහවල් 12.00 සිට 1.00 දක්වා රාජකාරියෙන් ඉවත්වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත විය.
 
බැංකු සේවකයින්ගේ මෙම විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටළුවට නියමිත විසඳුමක් ලබා දීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් එකඟත්වය පලකර තිබුනද බොහෝ බැංකු සභාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් ඊට එකඟත්වය නොදැක්වීම නිසා මෙම ගැටළුව පැන නැගී තිබෙන බවයි බැංකු සේවකයින් පෙන්වා දෙන්නේ.
 
ඒ අනුව සිය ගැටළුවලට පැහැදිලි විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් දිපව්‍යාප්තව විරෝධතා මාලාවක් දියත් කිරීමට නියමිත බවයි විරෝධතාවයට සම්බන්ධවූ බැංකු සේවකයින් පෙන්වා දෙන්නේ.