රජයේ මුද්‍රණාලයේ සේවකයෝ සටනට

රජයේ මුද්‍රණාලයේ සේවකයෝ සටනට

රජයේ මුද්‍රණාලයේ පාලනාධිකාරියෙන් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ මුද්‍රණාලයීය වෘත්තීය සමිති එකමුතුව විසින් අද දින (05)රජයේ මුද්‍රණාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කරන බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය අනුව ඉල්ලීම් වනුයේ,

  1. අත්තනෝමතිකව සහ දේශපාලන බලපෑම මත මුද්‍රණ සේවා ව්‍යවස්ථාවට අයත් තනතුරු සඳහා අභ්‍යන්තර පදනම මත සේවකයින් බඳවාගැනීමට අදාලව සංශෝධන ගෙනඑමින් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ආවරණ අනුමැතියට යටත්ව යැයි කියමින් නීති විරෝධී සම්මුඛ පරීක්‍ෂණ පවත්වමින් සේවකයින් බඳවාගැනීම අත්හිටුවීම,
  2. මුද්‍රණ සේවා ව්‍යවස්ථාවේ අත්‍යවශ්‍ය සිදුකළ යුතු සංශෝධන ඇතුලත්ව වඩාත් ප්‍රායෝගික ක්‍රමවේදයක් යටතේ මුද්‍රණ සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම,
  3. පුහුණුව අවසන් කර ඇති වෘත්තීය ආධුනිකයින්ට අදාළ පත්වීම ලබාදීම,