වරාය නගර අර්බුදයට ජනමත විචාරණයක් ඉල්ලා උසාවී යයි

වරාය නගර අර්බුදයට ජනමත විචාරණයක් ඉල්ලා උසාවී යයි

කොළඹ වරාය නගරය කොමිසම් සභා පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෙම පෙත්සම් මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම පනත සංශෝධිතව ඉදිරිපත් නොකරෙන්නේ නම්, එය පාර්ලිමේන්තුවේ සමස්ථ මන්තී‍්‍ර සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමේ පැහැදිලි අධිකරණ තීන්දුවක් ලබා දෙන මෙන් වෘත්තීය සමිති මගින් අධිකරණ ගොස් ඇති බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ජනාධිපති විසින් පසුගිය මාර්තු 19 වන දින ගැසට් කරනු ලැබූ සහ අගමැති විසින් අප්‍රේල් 08 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ ‘‘කොළඹ වරාය නගරය කොමිසම් සභා පනත’’ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නකැයි කම්කරු ඇමතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පත් කරනු ලබන ත්‍රෛපාර්ශවීය ජාතික කම්කරු උපදේශක සභාවෙහි සාමාජික වෘත්තීය සමිතිවන ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමය, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය එක්සත් කම්කරු සම්මේලනය සහ ශී‍්‍ර ලංකා නාවිකයින්ගේ ජාතික සංගමය යන සංගම් අපේ‍්‍රල් 15 වන දින අධිනීතිඥ ෂා මොහොමඩ් මහතා මගින් ගේ‍්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළහ.
ඊට අමතරව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සභාපතිනි සුධර්මා ශ්‍යාමලී සහෝදරියද ඒ සම්බන්ධයෙන් ඇයගේ නමින් ගේ‍්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා ය. මෑත ඉතිහාසයේ වෘත්තීය සමිති නායිකාවක් ලෙස ඇඟලුම් කම්කරු කාන්තාවක් විසින් මෙවැනි කරුණක් සම්බන්‍ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කිරිමට ඉදිරිපත් වීම ඓතිහාසික කි‍්‍රයාවකී.

මෙම පෙත්සම් මගින් ඉස්මතු කෙරෙන්නේ කොළඹ වරාය නගරයෙහි අදාල පනතින් ස්ථාපිත කෙරෙන විශේෂ ආර්ථික කලාපයෙහි පාලන අධිකාරිය වන ‘‘කොළඹ වරාය නගරය කොමිසම් සභාවට’’ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නොතකා බලය හැසිරවීමේ අයිතියක් ලබා දෙන බවය. මහා භාණ්ඩාගාරයට මෙරට ආදායම් අය කිරීම් බරපතල ලෙස අහිමි කෙරෙන, සියලූ ආකාරයේ ඉඩම් පරිහරණය කොමිසම් සභාව වෙත හිමිවන, වැටුප් ගෙවීම්ද ලංකා රුපියල් වලින් සිදු නෙකෙරෙන, නගර සංවර්ධන අධිකාරයට හා කිසිදු පළාත් පාලන ආයතනයකට හෝ පළාත් සභාවකට අයත් නොවන සහ පාර්ලිමේන්තුවටද වග නොකියන සුවිශේෂි ආයතනයක් ලෙස එකී කලාපය තුල තමන්ට රිසි සේ රටේ නීති අණ පනත් අත හරිමින් හෝ වෙනස් කරමින් කටයුතු කිරීමේ බලයක් එකී කොමිසමට ලැබෙනු ඇති බව ය.

එවැනි බරපතල අවදානම් සහිත සන්දර්භයක කම්කරු ඇමතිවරයාටද ප‍්‍රතිපත්තිමය තීන්දු කි‍්‍රයාවට නැගීමටත් කම්කරු දෙපාර්තමේන්තුවට සේවා කොන්දේසි, සේවක අයිතිවාසිකම් හා සේවා තත්ත්වයන් පරීක්ෂා කිරීමටත් නියාමනය කිරීමටත් පැමිණිලි විභාග කිරීමටත් නීති පියවර ගැනීමටත් යෝජිත පනත් කෙටුම්පතෙහි කිසිදු ප‍්‍රතිපාදනයක් නොමැතිවීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීමට කොළඹ වරාය නගරය කොමිසම් සභාවට බලය ලබාදීමක් යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නට වෘත්තීය සමිති නායකයින් ලෙස අපි බලාපොරොත්තුවෙමු. කැසිනෝ වැනි සූදු සඳහා වන කී‍්‍රඩා හල් හා සංචාරක කටයුතු ප‍්‍රවර්ධනය කෙරෙන කලාපයක රාතී‍්‍ර සේවා අනිවාර්යෙන් පවත්වා ගනු ලබන නමුත් කම්කරු දෙපාර්තමේන්තුවට එහි බලයක් නොමැත්තේ නම් විශේෂයෙන් කාන්තා ශ‍්‍රමය හිතුමතේ බරපතල ලෙස සහ අනිසි ලෙස සූරාකෑම වැළකිය නොහැකි වනු ඇති බවද අපි අවධාරණය කරමු.

ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය විසින් ඉකුත් 15 වන දින නිකුත් කර ඇති සවිස්තරාත්මක නිවේදනයෙන්ද මේ පනත සම්බන්ධ විවෘත සමාජ කතිකාවක් පැවැත්වීමට කල් තබමින් වෙනත් කිසිදු පියවරක් නොගන්නා මෙන් අවධාරණයෙන් කර ඇති ඉල්ලීමට අනුව, ආණ්ඩුවට අවශ්‍ය නම් පනත පාර්ලිමේන්තු සාකච්ඡුාවට තැබීම කල් තැබිය හැකිය. එහෙත් මේ පනත සම්බන්ධයෙන් මෙරට පුරවැසියනට ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ, අර්ථකතන හෝ තීන්දු ලබා ගැනීම උපරිම ලෙස සීමාවන අයුරින් සිංහල හා දෙමළ අළුත් අවුරුදු නිවාඩු ආසන්නයේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් ආණ්ඩුව එවැනි කල් දීමකට සූදානම් නැතැයි අපි තේරුම් ගනිමු.

එබැවින් අප වෘත්තීය සමිති නායකයින් සියලූ දෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෙම පෙත්සමින් අයැද සිටින්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම පනත සංශෝධිතව ඉදිරිපත් නොකරෙන්නේ නම්, එය පාර්ලිමේන්තුවේ සමස්ථ මන්තී‍්‍ර සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමේ පැහැදිලි අධිකරණ තීන්දුවක් ලබා දෙන මෙන් ය.