ග්‍රාම නිලධාරිවරියකට ප්‍රහාරයක් - සාධාරණය ඉල්ලා රාජකාරියෙන් ඉවතට

 ග්‍රාම නිලධාරිවරියකට ප්‍රහාරයක් - සාධාරණය ඉල්ලා රාජකාරියෙන් ඉවතට
 
උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්ත සියලු ග්‍රාම නිලධාරීන් ඊයේ (17) රාජකාරියෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන ලදී.
 
ඒ් උකුවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක විසින් එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරියට පහරදීමේ සිද්ධියකට අදාළව විරෝධය දැක්වීම සඳහාය.
 
කොවිඩ් ව්‍යාප්තියෙන් පීඩිත ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මල්ල බෙදා දීමේ ලැයිස්තුවට තම ඥාතීන්ගේ නම් ඇතුළත් කරන්නැයි මන්ත්‍රීවරිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම මෙම පහරදීමට හේතුව බව පැවසෙයි.
 

පහර කෑ ග්‍රාම නිලධාරීවරිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර චෝදනා ලත් මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ග්‍රාම නිලධාරීන් විසින් විරෝධය දක්වා වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කර තිබිණි.