කොවිඩ් වලින් මිය යන සේවකයින් සඳහා වන්දී ගෙවීමට හදිසි නව නීති සම්පාදනය කළ යුතුයි - පද්මිණී වීරසුරීය

කොවිඩ් වලින් මිය යන සේවකයින් සඳහා වන්දී ගෙවීමට හදිසි නව නීති සම්පාදනය කළ යුතුයි - පද්මිණී වීරසුරීය

කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳ කටුනායක, බියගම, කොග්ගල ඇතුළු කර්මාන්ත ශාලාවල තත්ත්වය කෙබඳුද?

කර්මාන්ත ශාලා වල තමයි වසංගතය පැතිරිමේ තෝතැන්නක් බවට පත්වෙලා තියෙන්නේ. ඒ බව පෙනි යන්නේ මා පහත දක්වන කරුණු මතයි.

මහා පරිමාණ කර්මාන්තශාලා හැටියට ගැනෙන කටුනායක වෙළඳ කලාපයේ කර්මාන්තශාලා වල මේවන විට විශාල ප්‍රමාණයක් ආසාදිතයින් බවට පත්ව සිටිනවා. සමහර ආයතනවල සෙම්ප්‍රතිශ්‍යාව වැඩිවි හෝ කැස්ස වැඩිවි නම් ඒ කම්කරුවන්ට සේවයට නොපැමි⁣ණෙන ලෙස දන්වන අතර කම්කරුවන් විසින්ම පුද්ගලිකව ගොස් පිසිආර් පරික්ෂණ සිදු කර ගත යුතුව තිබෙනවා.

මේ මොහොත වනවිට කොග්ගල යුනිචෙලා ආයතනය පොසිටිවි විමේ ප්‍රමාණය වැඩි විම නිසා ආයතනය දින පහකට වසා දමා ඇත.1500ක් වු සේවක සංඛ්‍යාවෙන් මේ වනවිට 500 කට වැඩි ප්‍රමාණයක් කෝවිඩ් වැළඳී තිබෙනවා. කොග්ගල බැන්ඩික්ස් ආයතනය 50දෙනකුට වැඩි ප්‍රමාණයක්ද, කොග්ගල එක්ස්වෙල් ආයතනයේ 300කට වැඩි ප්‍රමාණයක්ද, ස්ටාර් ගාමන්ට් අංක1පැක්ටරිය 30ක්ද, ස්ටාර් ගාමන්ට් අංක 2 පැක්ටරිය 30කට ආසන්න වද, පොසිටිවි වි තිබෙනවා.

බියගම සමහර ආයතන විසින් දැනුම් දි ඇත්තේ ලෙඩක් ඇත්නම් දින 3ක් වැටුප් සහිත නිවාඩු දෙන බවත් ඊටත් එහා නිවාඩු අවශ්‍ය නම් රජයේ රෝහල් වලට ගොස් ප්‍රතිකාර ගන්නා ලෙසත් පිසිආර් වල වගකිම තමන් නොගන්නා බවත් වැටුප් ද නොගෙ⁣වන බවයි. බියගම නේවාසිකාගාර වල කෝවිඩ් රෝගින් සිටින අතර ඔවුන් සේවය කරන ආයතන වගකිම් නොගන්නා බවත් සෞඛ්‍ය අංශ වලින් පැමිණ අසාධ්‍ය අය ගෙනයන බවත් ය.

නිරෝධායන වන සේවකයින්ට හට ඔවුන්ට නියමිත වැටුප් ලැබෙනවාද ?

This image has an empty alt attribute; its file name is Padmini-weerasuriya-2.jpgසමහර පැක්ටරි වල ගෙවන්නේ වැටුප් භාගයක්. එනම් රුපියල්14500/= පමණයි.කෝවිඩ්-19 වසංගතය පිළිබඳව කටයුතු කිරිමට කම්කරු අමාත්‍යාංශය පත් කරන ලද තෛපාර්ශවිය කාර්ය සාධක බලකාය තිරණය කර ඇති වැටුප් ක්‍රමවේදය අවභාවිතා කරමින් සමහර ආයතනවල ආසාදිතයින්ට සහ කොරොන්ටයින් වෙන කාලයට ඒ අයට වැටුප් භාගයක් ගෙවන බවට වාර්තා වෙනවා.

නමුත් අපි දන්නා තෛපාර්ශවිය කමිටුව එකඟ වි ඇති වැටුප් ක්‍රමයට පටහැනියි. මන්ද යත් එම වැටුප් ක්‍රමවේදය තිරණය කර ඇත්තේ එයට සියයට පනහක (50%) සේවක සංඛ්‍යාවක් මාරුවෙන් මාරුවට සේවයට කැඳවිමේ ආණ්ඩුව විසින් එවකට ලබාදී තිබු තහංචි අනුවයි. එහෙත් දැන් එවැනි තහංචියක් නොමැති අතර සේවක සේවිකාවන් සියලු දෙනා සේවයට කැඳවමින් නිෂ්පාදන කටයුතු කරන බැවින් එම වැටුප් ක්‍රමවේදය මේ කාලයට අදාළ කර ගැනිම අවභාවිතා කිරිමක් වෙනවා.

 

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍යඅංශ මගින් නිකුත් කළ නීතිරීති කර්මාන්ත ශාලා අයිතිකරුවන් ඉටුකරනු ලබනවාද ?

කෝවිඩ් වසංගතය පාලනය කිරිම සදහා පනවන ලද නීතිරිති කෝවිඩි -19 පළමු රැල්ල හා 2වන රැල්ලේදී කර්මාන්තශාලා වල යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක කර ඇතත් 3වන රැල්ලේදී ඒවා එලෙස ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නේ නෑ. සමහර විශාල ප්‍රමාණයේ ඇඟළුම් කර්මාන්තශාලා වල පවා සේවක සේවිකාවන්ට පිළිගත් ප්‍රමිතියෙන් යුත් මුව ආවරණ ලබා නොදෙන බවටද වාර්තා වෙනවා.

ඒ බව තහවුරු වන එක් සිද්ධියක් කොග්ගල එක්ස්වෙල් කර්මාන්තශාලාවේ කලමනාකරුවකුට විරැද්ධව නගා ඇති චෝදනාවක් වනුයේ සේවකයින්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවයට අවශ්‍ය පියවර අරගෙන නෑ.

ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් කළමණාකරු දින 14කට සිරගත කිරිමට නියෝග කරල තිබෙනවා. තවද වසංගතයෙන් සේවකයින් මුදවා ගැනිම සදහා කර්මාන්තශාලා මට්ටමින් ගතයුතු පියවර සාකච්ඡා කර තිරණය කිරිම සඳහා සේව්‍ය සේවක නියෝජිතයින්ගෙන් සැදුම් ලත් ද්විපාර්ශවික සෞඛ්‍ය කමිටු 2020දෙසැම්බර් 15 වන දිනට පෙර සියලුම කර්මාන්තශාලා වල පිහිටුවිය යුතු බවට තෛපාර්ශවිය කාර්ය සාධන කමිටුව තිරණය කර ඇතත් මෙවැනි සෞඛ්‍ය කමිටු පිහිටුවා ඇත්තේ ඇඟළුම් කර්මාන්ත 5කටත් අඩු සංඛ්‍යාවක්.

සෙනුරාදා දින අතිකාල වැඩ දවසක්. නමුත් එදින වැඩකළත් අතිකාල හිමි නොවන බව සේවකයින් පවසනවා. මෙය සත්‍යයක් ද ?

This image has an empty alt attribute; its file name is Padmini-weerasuriya-1.jpgසෙනසුරාදා දිනයක් යනු ඇඟළුම් කර්මාන්තශාලාවට අදාළ පඩිපාලක සභා අනුව කෙටි වැඩ දිනයක්. එම දිනවල ආහාර විවේකයට පැයක් සහිතව පැය හය හමාරක් සේවකයින් සේවය කලයුතු අතර එම දිනයට සම්පුර්ණ වැටුප් ගෙවීමට හාම්පුතුන් නීතියෙන් බැදී සිටිනවා. ඒ අනුව එම දිනයන්වල සේවය ගෙන වැටුප් නොගෙවීම් පිළිබඳ සාක්ෂි තිබේනම් එම පැමිණිලි වෘත්තීය සමිතිවලට හෝ ඇඟළුම් කම්කරුවන්ගේ උන්නතිය සදහා කටයුතු කරන අප වැනි සංවිධානවලට දන්වන්නේ නම් ඒවා පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කල හැකියි.

ඔබ සංවිධානය වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා යෝජනා කරන්නේ ‍කමක්ද ?

මෙම වසංගත තත්ත්වය පාලනය කිරිමට නම් ඒවා පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දි ඇති උපදෙස් අනුව කටයුතු කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරින්ට පුර්ණ නිදහස සහ බලතල ලබා දිය යුතුයි.

එලෙසම අප රටේ ඉතාමත් ශක්තිමත්ව පවතින මහජන සෞඛ්‍ය නිලධාරින් සහ වින්නඹු සේවාවන් වැනි ප්‍රජා සෞඛ්‍ය සේවාවන් වලට මෙම වසංගතය පිළිබඳ කටයුතු කිරීමට බලතල ලබාදිය යුතු අතර, ඉමහත් කැපවීමකින් කටයුතු කරන එම නිලධාරින් උනන්දු කරවිම සදහා දිරි දිමනා ලබා දිය යුතුයි .

විශේෂයෙන්ම නිදහස් වෙළඳ කලාප සහ ඇඟළුම් කර්මාන්තශාලාවල මෙම සෞඛ්‍ය විධිවිධාන ක්‍රියාත්මක වන්නේද යන්න පරික්ෂා කර මේවා ක්‍රියායාත්මක කිරිම සදහා කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව වැඩි කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක විය යුතු අතර අදාළ ⁣තෛපාර්ශවිය කාර්ය සාධන කමිටුව ඉක්මනින්ම කැදවා අවශ්‍ය පියවර ගත යුතුයි. එම කාර්ය සාධක කමිටුව 2021 මාර්තු 03වන දිනයෙන් පසුව කැඳවා නැති බවටත් පුද්ගලික අංශයේ සේවකයින් සම්බන්ධයෙන් තිරණ ගන්නා ජාතික කම්කරු උපදේශක සභාව 2021 මාර්තු 18වන දිනයෙන් පසුව කැඳවා නැති බවටත් චෝදනා කරමින් වෘත්තිය සමිති 5ක් විසින් එම සභාවන් කැඳවන ලෙසට කම්කරු අමාත්‍යවරයාගෙන් දැනටමත් ඉල්ලිම් කරල තිබෙනවා.

ILO C190 සම්මුතිය යටපත් වෙලා අමතක වෙමින් තිබෙනවා. මේ සමග මෙම පනත සම්මත කරගැනීමට මේ මොහොතේ කල යුත්තේ කුමක්ද ?

This image has an empty alt attribute; its file name is Padmini-Weerasuriya.jpg

ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සම්මත කරන ලද C190 සම්මුතිය අපරානුමත කර එය ක්‍රියාත්මක කිරිම සදහා නීති පැනවිමට ශ්‍රී ලංකා ආණ්ඩුව බැදී සිටිනවා. එහෙත් එසේ කිරිමෙන් වැළකී සිටින බවක් පෙනි යන බැවින් එය ක්‍රියාත්මක කරවීමට ආණ්ඩුවට බල කිරීමේ පියවර ගත යුතුව තිබෙනවා. එහෙත් එවැනි බල කිරීමේ ව්‍යාපාරයක් වෙනුවට ආණ්ඩුවේ අනුකම්පාව යටතේ එය ක්‍රියාත්මක කරවා ගැනිමට කටයුතු කිරීමෙන් සිදුවන්නේ එය කම්කරුවන්ට ඇති අයිතියක් යන මුලික පදනමෙන් ඉවත්විමයි.

එම නිසා c190 සම්මුතිය සහ අද අර්බුදයක් ලෙස පවතින කෝවිඩ්-19 වසංගතයෙන් කම්කරුවන් මුහුණ දෙන ප්‍රශ්ණවලට විසදුම් ලබා ගැනිමේ හැකියාව පිළිබඳව කම්කරුවන් සහ සමාජය දැනුවත් කරමින් එය ප්‍රථමයෙන් අපරානුමත කර ගැනිමටත්, එයට සමාන්තරව එය ක්‍රියාත්මක කරවා ගැනීම සදහා නීති සම්පාදනය කල යුතු බවටත්, ආණ්ඩුවට බල කිරීමේ පුළුල් සමාජ ව්‍යාපාරයක් ගොඩ නැගීම අප කල යුතුව තිබෙනවා.

 

කොවිඩ් වසංගතයෙන් මිය යන අය වෙනුවෙන් හා ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද ?

කොවිඩ් වසංගතය වෟත්තීය සෞඛ්‍ය රෝගයක් ලෙස තවමත් ශ්‍රී ලංකා ආණ්ඩුව පිළිගෙන නැති බැවින්, වෘත්තීය රෝග නිසා මිය යන අයට කම්කරු වන්දි ආඥා පනත යටතේ හිමි විය යුතු වන්දියට හිමිකම් කීමේ ගැටළුවක් පවතිනවා.

තවද වන්දි ආඥා පනතේ යටතේ වුවද සේවකයකු වෘත්තිය රෝගයකින් මිය ගිය විටද හිමිවනුයේ රුපියල් පන්ලක්ෂ පනස්දහසක වන්දියක්. ඒ නිසා කෝවිඩ් 19 වසංගතය වැළදී මිය යන සේවකයින් හට ප්‍රමාණවත් වන්දියක් ලබාදිය යුතු බවට නීති සම්පාදනය කල යුතු අතර එසේ මිය යන සේවිකාවක් හෝ සේවකයකුගේ දුදරුවන් හා පවු⁣ලේ අය නඩත්තු කිරීමේ වගකීම එම සමාගම් හිමියන්ට නීතියෙන්ම පැවරීමේ නීතිද සම්පාදනය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් උද්ගත වී තිබෙනවා.

(කටුනායක, ස්ත්‍රී මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂිකා, පද්මිණී වීරසුරීය මහත්මිය සමඟ කරන ලද සාකච්ඡාවකි)