කටුනායක වෙළඳ කලාපයේ දාහකට වැඩි පිරිසක් මේ වන වට කොවිඩ් වලට ගොදුරු වෙලා

කටුනායක වෙළඳ කලාපයේ දාහකට වැඩි පිරිසක් මේ වන වට කොවිඩ් වලට ගොදුරු වෙලා

කටුනායක වෙළඳ කලාපයේ නව තත්වය පිලිබදව අමන්දොලුව සහ කටුනායක භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ලබාගත් තොරතුරු අනුව කටුනායක වෙළඳ කලාපයේ 1000 කට වැඩි සංඛ්‍යාවක් පොසිටිවි වී ඇති බවත් 2000ක පිරිසක් නිරෝධායනය වි ඇති බවත් දැනගන්නට ලැබුනි.

ඒ අතර අමන්දොලුව සහ කටුනායක ප්‍රදේශයේ 130 දෙනකු පොසිටිවි වී 253දෙනකු නිරෝධායනය වී ඇති බවද මහජන පරීක්ෂකවරයා වැඩිදුරටත් අප සමග පැවසීය.

කටුනායක යම් ආයතනයක කම්කරුවන්ට ආයතනයේදි කොවිඩ් පොසිටිවි වුවහොත් පමණක් නිවාඩු වලට ගෙවන බවත් බෝඩිමේදී කොවිඩ් පොසිටිවි වුවහොත් ලබාගන්නා නිවාඩු වලට වැටුප් කපා හරින බවද සේවිකාවන් පවසයි.

වවුනියාවේ නව තත්ත්වය නම් එහි එක් ආයතනයක දෙදහස් පන්සියයක පමන පිරිසෙන් සේවයට කැදවන්නේ අඩු පිරිසකි. දුර සිට පැමිණෙන බස් රථ 65න් සේවයට යොදවා ඇත්තේ බස්රථ 30ක් බවත් සේවිකාවන් පවසයි. ආයතන කීපයකම සේවිකාවන් පවසන්නේ යම් මට්ටමින් පිසිආර් කලත් ඒවායෙහි සත්‍ය තොරතුරු ඔවුන්ට වසන් කරන බවත් නිරෝධායනය පිරිස වැඩි වුනොත් ඔවුන්ට ආයතනය පවත්වා ගෙන යාමට නොහැකි වන නිසාවෙන් එසේ කරන බවත්ය.

පැන නැගි ඇති බරපතල තත්ත්වය පිලිබදව අප විසින් දිගින් දිගටම කරැනු මතු කලද කන් නොදුන් පාලකයින් පසුගියදා රැස්වු කාර්ය සාධන බලකායේදී වෘත්තිය සමිති විසින් පෙන්වා දී ඇත්තේ සමාජ දුරස්ථ භාවය නොමැති බැවින් කෝවිඩි පැතිරීම ආයතන තුල වේගවත් වී ඇති බවයි.

එයට පිලිතුරු ලෙස පාලකයින් පවසා ඇත්තේ 50%ක පමණ සේවක පිරිසක් ආයතනයට කැදවන බවයි. වෘත්තීය සමිති විසින් නැවත පෙන්වා දී ඇත්තේ කුමන පදනමකින් ද සේවකයින් 50%ක් කැදවන්නේ අනික් 50%ට වැටුප් ⁣ෙගවන්නේ කෙසේද යනුවෙන් නමුත් පාලකයින් එයට පිලිතුරැ දීම ප්‍රතික්ෂේප කල බව අපට වාර්තා විය.

අප සංවිධානයක් වශයෙන් අවධාරණය කරනුයේ සියලුම ආයතන තුල සමාජ දුරස්ථ භාවය පවත්වා ගෙන යමින්, සේවයට නොකැදවන අයටත්, සම්පුර්ණ මාසික වැටුප ල බා දිය යුතු බවත්ය.

නි.වෙ.ක පොදු සේවා සේවක සංගමය කියා සිටින්නේ සේවයට නොකැදවන අයට සම්පුර්ණ වැටුප පමණක් නොව උදේ සහ දිවා ආහාර සදහාද රැපියල් 250ක දීමනාවක් ගෙවන ලෙසත්, සේවය කරන පිරිස අවධානමි සහගතව වැඩ කරන නිසා ඔවුන්ටත් එම දීමනාව ගෙවන ලෙස ඉල්ලා ඇති බවත්ය. එය ඉතාම සාධාරණ ඉල්ලීමක් බව අපටද පෙනීයයි.

පද්මිනි වීරසුරිය, විධායක අධ්‍යක්ෂිකා, ස්ත්‍රී මධ්‍යස්ථානය