රජයේ රැකියාවක් නොකළත් රාජ්‍ය විශ්‍රාම වැටුපකට හිමිකම් -මෙන්න විස්තර

රජයේ රැකියාවක් නොකළත් රාජ්‍ය විශ්‍රාම වැටුපකට හිමිකම් -මෙන්න විස්තර

"සෞභාග්‍යයා සතිය" ට සමගාමීව ශ්‍රී  ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් වැඩසටහනක් පසුගියදා සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 

"රජයේ රැකියාවක් නොකරන ඔබට රජයේ විශ්‍රාම වැටුපක්" මැයෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේදී "සෞභාග්‍යයා" නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පිළිබඳ තෛ්‍රභාෂා ගැසට් පත්‍රය රාජ්‍ය ඇමැතිවරයා වෙත භාරදීම හා විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම පිළිබඳ ෆේස්බුක් සමාජ ජාලය මඟින් ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීම සිදුකෙරිණි. 

එම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා, ශ්‍රී  ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සමන් හඳරාගම මහතා ඇතුළු නිලධාරි මහත්ම මහත්මීහු කිහිපදෙනෙක් සහභාගි වූහ.