පත්වීම් ලද අභ්‍යාසලාභීන් උපාධිධාරීන්ට වැදගත් නිවේදනයක්

පත්වීම් ලද අභ්‍යාසලාභීන් උපාධිධාරීන්ට වැදගත් නිවේදනයක්
අභ්‍යාසලාභීන් සැප්තැම්බර් 3 දිනට ස්ථිර කරන ලෙස ඉල්ලා දීපව්‍යාප්තව අරගලයකට ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය සූදානම්වෙන බව වාර්තා වේ.
 
සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන පරිදි රාජ්‍ය සේවය සඳහා අභ්‍යාසලාභීන් බ`දවාගෙන ලබන සැප්තැම්බර් මස 2 වැනි දිනට වසර සම්පූර්ණ වෙන අතර එනමුත් තවමත් ආණ්ඩුව එසේ බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ස්ථිර කිරීමට මෙතෙක් කිසිඳු වැඩපිළිවෙලක් සකසා නොමැථි බවයි.
 
ඒ අනුව සංගමය විසින් ජුලි 12 සිට විරෝධතා දෙසතියක් නම් කර තිබෙන බවත් ඒ කාලය තුළ සියලූ දිස්ති‍්‍රක් ලේකම්වරුන් දැනුවත්  කිරීම් සිදුකරන බවත් සගමය පෙන්වා දෙයි.
 
ඒ යටතේ අද (20) දින කොළඹ / ගම්පහ / කලූතර / මොණරාගල/කුරුණෑගල / පුත්තලම/නුවර/ නුවරඑලිය / වව්නියාව / යාපනය / අනුරාධපුර / මඩකලපුව් යන දිස්ත්‍රික්කවල දිස්ති‍්‍රක් ලේකම්වරුන් උදේ 10.00 ට දැනුවත් කිරීමට කටයුතු සිදුකළ බවත් සංගමය වැඩිදුරටත් සඳහන්කරයි.