ගුරු බඳවා ගැනීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් වෙයි -මඟ නොහැර අයඳුම් කරන්න

ගුරු බඳවා ගැනීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් වෙයි -මඟ නොහැර අයඳුම් කරන්න
උතුරු මැද පළාතේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම 2021 (සිංහල/දෙමළ/ද්විභාෂා) සඳහා අදාළවන ගැසට් නිවේදනය නිකුත්කර තිබේ.
 
උතුරුමැද පළාතේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උතුරු මැද පළාත් ගුරු සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1(අ) ශ්‍රේණියට හා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1 (ඇ) ශ්‍රේණියට අධ්‍යාපන කලාප මට්ටමින් බඳවා ගැනීම පිණිස සුදුසුකම් ලත් ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයෙන්ම අයඳුම්පත් කැඳවා තිබේ.අයඳුම්පත් භාර ගන්නා අවසාන දිනය 2021.08.31 දින වේ.
 

වැඩිදුර විස්තර දැන ගැනීමට පහතින් දැක්වෙන විස්තර පත්‍රිකාව කියවන්න...

සම්පූර්ණ නිවේදනයට මෙතැනින් පිවිසෙන්න...