ප්‍රභේද හදුනා ගැනීම අකර්මණ්‍ය  කිරීම හිතා මතා සිදු කරන වරදක්

ප්‍රභේද හදුනා ගැනීම අකර්මණ්‍ය  කිරීම හිතා මතා සිදු කරන වරදක්

සාමාන්‍ය PCR පරීක්ෂණවලින් ඩෙල්ටා හෝ වෙනත් ප්‍රභේද හඳුනාගැනීමේ හැකියාවක් නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු රසායනාගාරයක කොවිඩ් ප්‍රභේද හදුනා ගැනීමේ පරීක්ෂණ යන්ත්‍ර නැහැ. අවම වශයෙන්  "ප්‍රභේද අනුමාන කිරීමේ" PCR පරීක්ෂණ කට්ටල පවා ලබා දීම, සෞඛ්‍ය අමාත්‍යාංශය හිතාමතාම  පැහැර හැරලා.

අතිශයින් සීමා සහිත පරීක්ෂණ ප්‍රමාණයක් ජපුර විශ්වවිද්‍යාලයේදී ප්‍රභේද පරීක්ෂණවලට ලක් කිරීම මගින් පමණක්, ප්‍රභේද ගැන විද්‍යාත්මක අදහසක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ.  ප්‍රභේද පරීක්ෂණ සදහා එම ආයතනයටද කිසිදු ප්‍රතිපාදනයක්  ලබා නොදීම මත, මුදල් අහේනියටත් වඩා ප්‍රභේද පරීක්ෂණ සිදු කිරීම අනවශ්‍ය බව හෝ අකර්මණ්‍ය කිරීමට කවුරුන් හෝ තීරණය කර ඇති බව පෙනෙන්නට තිබේ.

ඇතැම් ප්‍රාමානික බුද්ධිමතුන් ලෙස පෙනී හිටින කොවිඩ් පාලන බලධාරීන්ට අනූව එය එසේ විය හැකි වුවද, වසංගතය පාලනය කිරීම, පුරෝකතනය කිරීම, ප්‍රක්ෂේපන නිර්මාණය කිරීම, හානිය ගණනය කිරීම,  ඉදිරි තර්ජනයන් හඳුනාගැනීම, වැනි විද්‍යාත්මක වසංගත පාළණයක් සඳහා රටේ පැතිරී ඇති ප්‍රභේද යත් එහි ස්වාභාවයත් විද්‍යාත්මකව හඳුනා ගැනීම අත්‍යවශ්‍යය.

අවම වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක් රසායනාගාරයක ට හෝ මෙම හැකියාව තිබිය යුතු අතර, සියලු වෛරසවේදී රසායනාගාරවලට ප්‍රභේද අනුමාන  OCR පරීක්ෂණ සිදුකිරීමේ පහසුකම ලබාදීම රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමකි.

රවී කුමුදේශ්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය