කොතලාවල පනතට විරෝධය දැඩි වෙයි… සරසවි ඇදුරන් හෙට සිට ඔන්ලයින් නෑ

කොතලාවල පනතට විරෝධය දැඩි වෙයි… සරසවි ඇදුරන් හෙට සිට ඔන්ලයින් නෑ

යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් හෙට දිනයේදී ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර ඇති බව වාර්තා වේ.

රටේ අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමට ගෙන එන ලද කොතලාවල පනත අකුලා ගන්නා ලෙස බලකරමින් මෙම පාසල් ගුරුවරුන් විසින් ගෙන යන අරගලයට තම සහයෝගය දැක්වීමක් ලෙස මෙම ක්‍රියාමාර්ගලය ගත් බව එහි ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී පැවසීය.