තුන් දාහකට අධික ගුරු විදුහල්පති විරෝධතාවයෙන් ගාල්ල උණුසුම් වෙයි

තුන් දාහකට අධික ගුරු විදුහල්පති විරෝධතාවයෙන් ගාල්ල උණුසුම් වෙයි

වසර විසි හතරක් පුරාවට නොවිසඳුණු ගුරු වැටුප් විෂමතාවය වහා විසඳන ලෙසට හා කොතලාවල පනතට එරෙහි රජයට බලකරමින් ඊයේ (28) දිනයේ ල්ලේ ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය විසින් දැවැන්ත විරෝධතාවයක් සවිධානය කරන ලදී.

විරෝධතාවයට සම්බන්ධවූ ගුරුවරුන් විරෝධතා පා ගමනෙන් ගාල්ල නගරයට පැමිණි තිබූ අතර අනෙක් පිරිස සමුද්‍ර මාවතේ සිට ගාල්ල නගරයට විරෝධතා පා ගමනෙන් පැමිණි බවයි ආරචි මාර්ග සඳහන් කරන්නේ.
ගාල්ල උඩුගම ඇල්පිටිය අම්බලන්ගොඩ යන කලාප වලින් කලාප වලින් පැමිණි තුන් දාහකට අධික ගුරු විදුහල්පති පිරිසක් මෙලෙස විරෝධතාවයට එක්වී සිටි අතර විරෝධතාවෙන් පසුව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට පා ගමනින් ගොස් සංදේශයක් භාර දීමට කටයුතු කර තිබේ.

teacher