රට වසා දමා ඇති තත්ත්වය තුළ තැපැල් සේවකයින් කැඳවීම ප්‍රශ්ණයක්

රට වසා දමා ඇති තත්ත්වය තුළ තැපැල් සේවකයින් කැඳවීම ප්‍රශ්ණයක්

කොවිඩ් 19 වසංගත තත්ත්වය තුල රට වසා දමා ඇති අවස්ථාවක තැපැල් දෙපාර්මේන්තු රාජකාරී පවත්වාගෙන යාම පිළිබඳව වැඩබලන තැපැල්පතිවරයා වෙත ලිපියක් යවමින්  තැපැල් වෘත්තීය සමිති බලය වෘත්තීය සමිති එකමුතුව විසින් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මේ වන විට රටතුල පවතින කොවිඩ් 19 වසංගතයේ අධික පැතිරීම හා එම වසංගත තත්වය හේතුවෙන් දෛනිකව විශාල මරණ ප්‍රමාණයක් සිදුවීම සැලකිල්ලට ගෙන 2021.08.20 දින රාත්‍රි 10.00 පැයේ සිට 2021.08.30 වන දින දක්වා රට වසා දමා ඇත. මෙහිදී රට වසා දමා ඇති තත්ත්වයක් තුල සේවා සැපයිය යුතු අංශයන් පිළිබද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් 2021.8.20 දින අංක  PA / DDGPHSII / 3 / COVID / Gen / 2020 (sub 6) 8 යටතේ උපදෙස් නිකුත්කර ඇති ලිපිය මගින් උප දෙස් ලබා දී ඇත. උක්ත ලිපියේ තැපැල් සේවා කටයුතු සිදුකිරීමට සදහා අවසර ලබා දීමක්ද සිදු කර නැත. එමෙන්ම මේ වන විටත් දිවයින පුරා තැපැල් සේවකයින් විශාල පිරිසක් රෝගයට ගොදුරුවී ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙම තත්ත්වය හේතුවෙන්  දිවයිනේ කාර්යාල ගනනාවක් මේ වනවිටත් වසා දමා ඇත.

2. තත්ත්වය මෙසේ තිබියදී 2021.08.22 දින අංක PMG / PA / COVID / 2021 (XIV) දරණ චක්‍රෙල්ඛනය මගින් රට වසා ඇති කාළය තුල යම් යම් තැපැල් සේවා කටයුතු ආරම්භ කර ක්‍රියාත්මක කරණ ලෙස ඔබ තුමන් විසින් උපදෙස් ලබා දී ඇත. මෙහිදී මෙලෙස රට වැසීමකට ලක්කර ඇත්තේ ඉහත සදහන් පරිදි දැනට රට තුල මෙම වසංගත තත්ත්වයේ ඉහල පැතිරීම අවම කර ගැනීම සහ දෛනිකව සිදුවන ඉහල මරණ ප්‍රමාණය අවම කර ගැනීමයන ප්‍රධාන අරමුණු අරඹයා වන අතර එවැනි තත්ත්වයක් තුල තැපැල් භාණ්ඩ බෙදීම අරම්භ කිරීම උක්ත අරමුණු ඉටුකර ගැනීමට බාධාකාරී ලෙස බලපෑමක් සිදුවන බව අප තරයේ විශ්වාස කරමු.

3. එමෙන්ම මෙම අවස්ථාවේ මෙම රට වැසීමට සමගාමීව සියළු පොදු ප්‍රවාහන කටයුතු අත්හිටුවා  ඇත. එවැනි තත්ත්වයක් තුල රාජකාරී සදහා සේවකයින්ට වාර්තා කිරීමට කිසිදු පහසුකමක් නොමැති තත්ත්වයක් තුල සේවකයින්ට  සේවයට වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවට දන්වා සිටිමි.

 මෙම සියළු කාරණා සැළකිල්ලට ගෙන රට සාමාන්‍ය පරිදි විවෘත කරණ තෙක් කිසිදු තැපැල් කටයුත්තක් ආරම්භ නොකරන ලෙස කාරුණිකව ඉල්ලමි. ඒ අනුව කිසිදු තැපැල් සේවකයෙකු මෙම රට වසා දමා ඇති කාළය තුල සේවයේ යෙදවීමට කටයුතු නොකරන ලෙසත් කිසිදු තැපැල් මෙහෙයුම් කටයුත්තක් සිදු නොකරන ලෙසත් කාරුනිකව ඉල්ලමි.මේ පිළිබද අවධානය යොමු නොකර කටයුතු කරන්නේ නම් අප සංගම්වල සාමාජිකත්වය දරණ කිසිදු සේවකයෙකු  සේවයට වාර්තා නොකරන බවත් ඉතා කනගාටුවෙන් වුවද දන්වා සිටිමි.  මේ  පිළිබද

වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සදහා මාර්ග ගත ක්‍රමවේදය තුල හෝ අප සංගම් සදහා සාකච්ඡාවක් ලාබා දෙන ලෙසත් කාරුනිකව ඉල්ලමි.