ගුරු-විදුහල්පතිවරු පාසල් එන්නේ නැතිව දරුවන් එන්නත්කරණය කරන්නේ කොහොමද ?

school-children

සෞඛ්‍ය අමාත්‍යංශය පාසල් දරුවන් සඳහා හොඳ මට්ටමේ එන්නත්කරණ ක්‍රියාවලියක් සකස් කර තිබෙනවා. එය විශේෂඥයින් හා එක්ව එම කටයුත්ත හොඳින් සිදුකර තිබෙනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය හිටපු හැටියේ පාසල් දරුවන් එන්නත් කිරීම සඳහා එය පාසල් වලට ගෙන ගොස් තිබෙනවා.  පාසල් වලටත් මෙම විධිමත් එන්නත්කරණ පහසුකම් දෙනවා නම් සිදුකළ හැකියි. නමුත් අපට බරපතල සැකයක් තිබෙනවා හිටපු ගමන් පාසල් වලට එන්නත්කරණය ගෙනයන්නේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුවත් එක්ක යම්කිසි ආන්දෝලයක් හදාගන්නද නැත්නම් මහජන විරෝධයක් හදාගන්නද කියලා,  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ  සංගමයේ කැදවුම්කරු රවි කුමුදේශ් මහතා මේ බව පැවසුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අදහස් දක්වමින්ය.

එහිදි රවි කුමුදේස් මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

මේ මොහොතේ ගුරුවරු වර්ජනයක ඉන්නවා, පාසල් වල එන්නත් කරන්න නම් ගුරුවරුන් පාසල් වලට කැඳවන්න ඕනෑ, ගුරුවරු පාසල්වලට කැඳවන්නේ නැතිව සෞඛ්‍ය සේවකයින්ට පාසල්වලට ගිහින් එන්නත් කරණය කරන්න හැකියාවක් නෑ. ඒසේ කරන්න ගියාම බරපතල අවුල් සහගත තත්ත්වයක් ඇතිවෙයි. ගුරුවරු විතරක් නොවෙයි, විදුහල්පතිවරන්ද මෙම වර්ජනයේ ඉන්නවා. ඒ නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාට මෙම පුටුවේ වාඩිවෙන්න බෑ.

පාසල් තුල එන්නත්කරණයේදී බාධාවක් තිබෙනවා. මොකද ගුරුවරුන් පාසල් වලට එන්නනේ නැ කියලා කියනවා.

ආණ්ඩුව හා සෞඛ්‍ය අමාත්‍යංශය පළමුවෙන්ම කළ යුත්තේ ගැරුවරුන් හා විදුහල්පතිවරුන් පාසලට කැඳවන්නේ කොහොමද කියන එක තීරණය කරන එක. මේ අය පාසලට අවේ නැත්නම් එන්නත්කරණය අර්බුදයට ලක්වනවා.

කාගේ හරි බලාපොරොත්තුවක් තියෙනවාද දන්නේ නෑ ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට රටේ විරෝධයක් ඇති කරලා එන්නත්කරණය කඩාකප්පල් කලේ ගුරුවරුය-විදුහ්පතිවරන්ය කියල මේකෙන් ගැලවෙන්න.

ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ එන්නත්කරණය අර්බුදයට නොයවා ආණ්ඩුවට හා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අපි ඉල්ලා සිටින්නේ ගුරුවරුන් හා විදුහල්පතිවරන් පාසලට ඒම ස්ථිරකරගෙන මෙම කටයුත්ත කරන ලෙසයි. එසේ නැතිව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින්ට විදුහල්පති පුටුවේ වාඩි වුනාම මෙම කටයුත්ත කිරීමට බැරි බව අප පවසනවා.