කම්කරුවාගේ අකමැත්තෙන් කොවිඩ් එන්නත් ලබාදීම ගැන විරෝධයක්

කම්කරුවාගේ අකමැත්තෙන් කොවිඩ් එන්නත් ලබාදීම ගැන විරෝධයක්

2021.10.27 දින, කම්කරු මහ ලේකම් කාර්යාලයේ පැවති පසුගිය ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේදී ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ යොහාන් ලෝරන්ස් මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කම්කරු අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳව අදහස් දැක්වීමට සහ විරෝධය පළ කරන බව ලංකා වෙළඳ සේවක හා පොදු සේවක සංගමයේ (CMU), ප්‍රධාන ලේකම්,  සිල්වෙස්ටර් ජයකොඩි මහතා, විසින් ලිපියක් යවමින් කියා සිටී.

සමාගම් 18 ක් නියෝජනය කරමින්, ශාඛා සමිති නායකයන් 52 දෙ‌නෙකු සහභාගිවූ, 2021.10.28 වන දින පැවැති අප‌ගේ මහා මංඩල රැස්වීමට මම සම්පූර්ණ කතාංගය වාර්තා කලෙමි. එහිදී, මෙම ප්‍රශ්නය සම්බන්ධව අපගේ කනස්සල්ල ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටින ලදී. 

(27) දින රැස්වීම අවසානයේ, ඒකාබද්ධ  ඇඟලුම් සංසදයේ ලෝරන්ස් මහතා ඔබෙන් ඇසුවේ, "කොවිඩ් එන්නත සේවාදායකයන් ප්‍රතික්ෂේප කලහොත් වැටුප් නොගෙවා, ඔවුන්ට ආයතනයට ඇතුල්වීමට ඉඩ නොදී, සේවාදායකයන් නිවසේ තැබිය හැකිදැයි" යන්නයි.

ජාතික කම්කරු උපදේශක සභාවේ සභාපතිවරයා වන ඔබතුමා, දෙවරක් නොසිතාම “ අනිවාර්‍යයෙන්ම  ඔබට පුළුවන්” යනුවෙන් ප්‍රතිචාර දැක්වීම, කම්කරු විෂය භාර අමාත්‍යවරයා ලෙස එම ප්‍රකාශය ගැන අප බලවත් ලෙස කණගාටුවෙමු.!

මෙම එන්නත් ප්‍රශ්නය අපට අදාළ වන තරමට, ජන ජීවිතයට අදාළ සහ විවාදයට ලක්ව ඇති ආන්දෝලනාත්මක කාරණයක් වන බැවින් කම්කරු අමාත්‍යවරයා වශයෙන් අපක්ෂපාතීව උපදෙස් දීම ඔබේ යුතුකම විය යුතුව තිබූ බව අපගේ අදහසයි.

පහත අත්සන් කළ අය, වහාම විරෝධය පල කල අතර, විවේචනයට ලක්ව ඇති එන්නතක් විද ගැනිමට බල කිරීම සදාචාරාත්මක නොවන බවත්, එහි පසු බලපෑම් පිළිබඳව වගකීම් නිෂ්පාදකයන් පවා නොගන්නා තත්ත්වය තුල ලෝකයේ විවිධ රටවල වෛද්‍යවරු විසින්  අභියෝගයට ලක් කරන බවත් පෙන්වා දෙන ලදී.  නිදහස් වෙළඳ කලාප සංගමයේ ඇන්ටන් මාකස් මහතා මැදිහත් වෙමින් කියා සිටියේ, සේවා යෝජකයන් වෘත්තීය සමිති නායකයන්ට දඩුවම් කිරීමට, මෙම කොවිඩ් එන්නත දඩමීමා කරගැනීමට ඉඩ ඇති බවයි. 

පහත අත්සන් කර ඇති අය මෙම එන්නත ලබාගෙන නොමැත. එයට හේතුව අවට තිබූ පුද්ගලික අත්දැකීම් සහ එන්නත ලබා ගත් වැඩිහිටියන්, එන්නතේ ප්‍රතිඵලයක් ලෙස පසු ප්‍රතිවිපාක සහ අතුරු ආබාධවලින් පෙළෙන වැඩිහිටියන් නිරීක්ෂණය හේතුවෙනි. හොඳ සෞඛ්‍යය තත්ත්වයෙන් සිටි අසල්වාසීන් දෙන්නෙක්, දෙවන එන්නත ලබා ගත් පසු මිය ගියහ.  (ඔවුන් දෙදෙනා දියවැඩියා රෝගීන් විය) (වයස 67,53)

මරණය ඇතුලු නරක ප්‍රතිඵල ගැන කොවිඩ් මරණ ලෙස සම්මත වන ( මාධ්‍ය මේවා නොදුටුවත්) බොහෝ සාක්ෂි වඩ වඩාත් අසන්නට ලැබේ.

Pfizer, Sinopharm, AstraZeneca, Modena, හෝ නිශ්චිත නොවන එන්නත්, ලබා ගත් අය බොහෝ සිටිති.

එන්නත ලබා ගත් පසු, මරණයට පත්වූ අවස්ථා ඇති බව මගේ අවධානයට යොමුවී ඇත. පහත අත්සන් කර ඇති අය දන්නා පරිදි, රජය මේ පිළිබදව නිසි විමර්ශනයන් කර ඒවා ප්‍රසිද්ධ කර නැත.

මෙම සන්දර්භය තුළ රජය හෝ සේවා යෝජකයින් විසින් තවමත්  ලොව පුරා පර්යේෂන මට්ටමේ තිබෙන කොවිඩ් එන්නත ලබා දිය යුතු යැයි බල නොකල යුතු අතර, ඔහු හෝ ඇය රෝගාතුර වුවහොත් හෝ මරණයට පත් වුවහොත්, එන්නත් කළ යුතු යයි බලකරන අය, සම්පූර්ණ වගකීම භාර ගත යුතුය.

මෙම “වසංගතයෙන්” ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයන් කම්කරුවන් සහ සේවා යෝජකයින් විසින් ක්‍රියාත්මක කරන බව පෙන්වා දීමට කැමැත්තෙමු. අප දන්නා පරිදි ඖෂධ සමාගම් සහ වෙනත් උනන්දුවක් දක්වන පාර්ශ්වයන් විසින් වසංගතය පුම්බ පුම්බා තිබුනි.  (අප දන්නා පරිදි මේ වන විට මෙම වසංගතයෙන් මිය ගොස් ඇත්තේ සේවාදායකයන් 6 දෙනෙකු පමණි. අපට වාර්තාවී ඇති සැටියෙන් ඔවුන්ද කලින් විවිධ සෞඛ්‍යය සංකූලතා තිබූ අයයි. ) දිගටම වැඩ කිරීමට නම්, එන්නත් කළ යුතු බවට කිසිදු බල කිරීමක් අපට හමු වී නොමැත. (අප දන්නා පරිදි, මාධ්‍ය විසින් “වසංගතය” ඉස්මතු කර පෙන්වූවද, දැන් “වසංගතය” ඔවුන්ම, දන්නා කරුණු අනුව අතුරුදහන් වෙමින් පවතී.)

අත්හදා නොබලන ලද, පරීක්ෂනාත්මක එන්නත් ප්‍රතික්ෂේප කරන සේවාදායකයෙකුට, රැකියාව ප්‍රතික්ෂේප කරන ආයතන හිමියෙක් වේනම්, අදාල සේවාදායකයාගේ අසනීප හෝ ‌වෙනත් අතුරු ආබාධවලට (මරණය ඇතුලුව) මුහුණ දීමට සිදුවුවහොත් හෝ එම සේවා යෝජකයන් වගකිව යුතු බැවින් අප විසින් එයට එරෙහිව නීති උපදෙස් ලබා ගනු ලැබේ.

පෙර පැවති ජාතික කම්කරු සභා රැස්වීම්වලදී, BOI සහ වෙනත් තැන්වල ඇඟලුම් සේවකයින් ආර්ථිකය රැක ගැනීම සඳහා, ඉතා දැඩි අසීරු තත්වයන් යටතේ වුවද සේවයට වාර්තා කළ යුතු බව ඔබ අවධාරනය කළ අතර,  ඒ වන විට පොදු ප්‍රවාහනය නොමැති විටදී, එන්නත් නොමැති වසංගත තත්වයේ උච්චතම අවස්ථාවේදී, රට අගුලු දමා ඇති විටදී, රජයේ සේවකයින් නිවසේ රැඳී සිටින විටදී, සහ කම්කරු දෙපාර්තමේන්තුව පවා වසා දමා හෝ වසා නොමැති නම් සීමිත කාර්ය මණ්ඩලයක් සමඟ වැඩ කරන විටදී, මෙම  සේවාදයකයන් සේවයට වාර්තා කල බව සටහන් කරමු.

කම්කරු දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛනවලට අනුව 2019 වන විට සියයට 57.4 ක් වන කාන්තා ශ්‍රම බලකාය, කොවිඩ්-19 න් පසු අඩු වී ඇති අතර, මෙම සන්දර්භය තුළ ප්‍රශ්නයට ලක්ව ඇති එන්නත් සඳහා වැඩි අවදානයක් තිබීම අපගේ කනස්සල්ලට කරුණකි. මෙම අදියරේදී වඩාත් අවදානමට ලක්විය හැකි අඩු වැටුප් සහිත, ඇඟලුම් සේවිකාවන්ගේ ගර්භණී සමයේදී එන්නත් ආශ්‍රිත අවදානම පිළිබඳවද අපි සැලකිලිමත් වෙමු.

මෙම සන්දර්භය තුළ එය සැලකිල්ලට ගැනීම සදහා  (WHO)ලෝක සෞඛ්‍යය සංවිධාන ලේඛනයක් උපුටා දැක්වීමට කැමැත්තෙමු.

  • අතුරු කාලසීමාව තුළ, ගර්භනී කාන්තාවට එන්නත් කිරීමේ ප්‍රතිලාභ විභව අවදානම්වලට වඩා වැඩි වන විට ගර්භනී කාන්තාවන් සඳහා COVID-19 එන්නත BIBP භාවිතා කිරීම WHO නිර්දේශ නොකරයි. ගැබිනි කාන්තාවන්ට මෙම තක්සේරුව කිරීමට උපකාර කිරීම සඳහා, ගර්භණී සමයේදී COVID-19 අවදානම පිළිබඳ තොරතුරු ඔවුන්ට ලබා දිය යුතුය; දේශීය වසංගත සන්දර්භය තුළ එන්නත් කිරීමේ ප්‍රතිලාභ; සහ ගර්භනී කාන්තාවන්ගේ ආරක්ෂිත දත්තවල වර්තමාන සීමාවන් ලබාදිය යුතුය. එන්නත් කිරීමට පෙර ගර්භණී පරීක්ෂණ නිර්දේශ නොකරයි. එන්නත් කිරීම නිසා ගැබ් ගැනීම ප්‍රමාද කිරීම හෝ ගැබ් ගැනීම අවසන් කිරීම ගැන සලකා බැලීම නිර්දේශ නොකරයි.
  • "නියුරම්බර්ග් කේතය" ( Nuremberg Code) ප්‍රකාශ කළේ "ජනතාවගේ කැමැත්තෙන් තොරව කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් බල කළ නොහැකි" බවයි. එන්නත් කාඩ්පතක අත්සන් ලබා ගැනීමෙන් අනුමැතිය ලබාදීම වලංගු කැමැත්තක් නොවේ. එන්නතෙහි ප්‍රතිඵලය පිළිබඳව ජනතාවට නිසි උපදෙස් ලබා දී නොමැත.
  • ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය - පුද්ගලයෙකුට ඔහුගේ/ඇයගේ කැමැත්තට පටහැනිව කිසිම ආකාරයකින් බෙහෙත් කිරීමට බල නොකළ යුතුය.

Covid-19 මුවාවෙන්, කම්කරුවන්ට වෘත්තීය සමිති රැස්වීම් පැවැත්වීමට අවසර නොදෙන ස්ථාවරයක් දැන් සමහර සමාගම් විසින් ගෙන ඇති බව ඔබට දන්වා සිටීමද සුදුසුය. (මෙය මා විසින් 27 වන දින රැස්වීමේදීද අවධාරණය කරන ලදී. ) ඇතැමුන් එම මුවාවෙන්ම වෘත්තීය සමිති මූලස්ථානයේ රැස්වීම්වලට සහභාගි වීම කම්කරු නායකයින්ට අහිමි කර ඇත. සංගමයේ රැස්වීම්වලට සහභාගි වුවහොත් අනිවාර්ය නිරෝධායන නිවාඩු යවන බවට තර්ජනය කර ඇත. සමහර සේවා යෝජකයින් දැන් එය ක්‍රියාත්මක කරමින් සිටින අතර එය අසාධාරණ ශ්‍රම පරිචයක් ලෙස අප අර්ථකථනය කරන අතර එවැනි තත්ත්වයන්ට එරෙහිව, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම හැර වෙනත් විකල්පයක් අපට නොමැත. අප දන්නා පරිදි කොවිඩ් 19 ට එරෙහිව එන්නත් නොකිරීම හේතුවෙන් පොදු ස්ථානවලට හෝ සේවා ස්ථානවලට ඇතුළු වීම වැළැක්වීම සඳහා දැනට කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවේ.

ගාලුමුවදොර උද්ඝෝෂණ මධ්‍යස්ථානයේ උද්ඝෝෂණයක් තවත් සංවිධාන කිහිපයක් සමඟ එක්ව මැයි දිනය පැවැත්වූ එකම සංවිධානය අප වීම ඔබට දැන්විය යුතුය.

පෙලපාලියට සහභාගී වූ කිසිදු සේවාදායකයෙකුට කෝවිඩ් රෝගිය හෝ කිසිදු අයහපත් බලපෑමක් ඇති වූ බවක් අප මෙතෙක් අසා නැත. සමහර සේවායෝජකයින් තම සේවා ස්ථානවල නව කොන්දේසි හඳුන්වා දීමට උත්සාහ කරන අතරවාරයේ දී, දිවයින පුරා ගොවීන්ගේ සහ අනෙකුත් සේවකයින්ගේ සහ සිසුන්ගේ මහජන විරෝධතා පැවැත්වෙනු අපට දැන් දැකිය හැක.

මෙම එන්නත පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපට ඇති ගැටළු වාර්තාගත කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගනිමු.

  • මෙම එන්නත් නිෂ්පාදනය කරන සමාගම් කිසිදු වගකීමක් භාර නොගනී.!
  • එන්නතෙන් වන පසුප්‍රතිඵල ගැන රජය කිසිදු වගකීමක් බාර ගන්නේ නැත.!
  • එන්නත් නියම කරන වෛද්‍යවරු කිසිම වගකීමක් භාර ගන්නේ නැත.!
  • එන්නත් ගතයුතු බවට කියන සේවායෝජකයන් කිසිම වගකීමක් භාර ගන්නේ නැත.!
  • මෙම එන්නත් නිෂ්පාදනය කරන සමාගම් වගකීමෙන් නිදහස් කර ඇත.!
  • එන්නත් නොගත්තේ නම්, අපි වගකීම් විරහිත පුරවැසියන් වෙමු.?

ඒ අනුව සේවකයන්ට එන්නත් කිරීමට බල කිරීම පුරවැසියන්ගේ මානව හිමිකම් කඩ කිරීමක් මෙන්ම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බව පෙන්වා දීමට කැමැත්තෙමු.

ගම්වලින් සංක්‍රමණය වී සිටින බොහෝ කම්කරුවන් දේශීය වෛද්‍ය විද්‍යාවට හුරු වූවන් බැවින් ස්වදේශීය, පාරම්පරික, ආයුර්වේද හෝ දැනට මිල අධික බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකාර ලබන අය බව අපි පෙන්වා දීමට කැමැත්තෙමු. ඔවුන්ගේ කැමැත්තට පටහැනිව බලහත්කාරයෙන් බටහිර වෛද්‍ය විද්‍යාව ඔවුන් මත පැටවීම පිළිගත නොහැකි අතර අපට නම් එය අපරාධයකි.

සේවක සේවිකාවන් එන්නත් කරන ලෙස ඉල්ලා සිටීමද අහිංසක සේවාදායකයන්ගේ මානසික අසමතුලිතතාවයට හේතුවී ඇති බවටද අප වෙත වාර්තා වේ.

මෙම සන්දර්භය තුළ, කම්කරුවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා, අපට හැකි සහ අවශ්‍ය නීතිමය සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව අපි ඔබට දන්වා සිටිමු.

අපගේ කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා ILO සහ අපගේ ජාත්‍යන්තර ලේකම් කාර්යාල වෙත මෙම කාරණය ගෙන යාමට අකමැත්තෙන් වුවද අපට බල කෙරේ.

(ඉංග්‍රිසී ලිපියේ සිංහල පරිවර්තනය)