ලංකාවේ වෘත්තිය සමිතියක් ප්‍රියන්ත කුමරගේ මරණය ගැන පකිස්තානු අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරයි

imran-khan

සියල්කෝට්හි අවාසනාවන්ත ලෙස ඝාතනය කෙරුණු ශී‍්‍ර ලාංකීය සංක‍්‍රමණිකයකුවන ප්‍රියන්ත කුමාර දියවඩන - අවාසනාවන්ත මරණය වෙනුවෙන් වන්දි ඉල්ලීම සහ සේවක අයිතීන් තහවුරු කිරීම සම්බන්ධව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් පකිස්ථානූ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, සියල්ලට පෙර, පෞද්ගලික ඇඟළුම් සමාගමක් වන සියල්කෝට්හි රාජ්කො කී‍්‍රඩා භාණ්ඩ නිෂ්පාදන සමාගමෙහි සේවය කළ පි‍්‍රයන්ත කුමාර දියවඩන නම් ශී‍්‍ර ලාංකික සංක‍්‍රමණික සේවකයාව ඉතා අමානුෂික ලෙස පහර දී පසුගිය දෙසැම්බර 03 වන සිකුරාදා දින ඝාතනය කළ සැකකරුවන් වහා නීතියේ රැහැනට ගෙන එන්නට ඔබ නොපමාව ගත් පියවර හා ඔබගේ ඒ සම්බන්ධ ප‍්‍රතිචාර අපි ඉතා අවංකව අගය කරන බව මෙහි සඳහන් කරන්නෙමු.

ආරම්භක පිළිගැනුම වූයේ ඉස්ලාමීය අන්තවාදීන් විසින් සමාගමේ නිෂ්පාදන කලමනාකරු වන දියවඩන මෘග ලෙස පහරදී ඝාතනය කරනු ලැබ ඇත්තේ ඔහු විසින් ආගමික නින්දා අපහාස කිරීම හේතුවෙන් යන්නය. අප විසින් එම මෘග ඝාතනය හෙළා දකින අතරතුර, සියලූ ආකාරයේ ආගමික අන්තවාද විය යුතු පරිද්දෙන්ම හැම අතින්ම හෙළා දකිනු ලැබිණ. එවගේම, සිදුවීම් සම්බන්ධව ඔබ විසින් ශී‍්‍ර ලාංකීය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව නොපමාව දැනුවත් කිරීමද අපි ගෞරවයෙන් යුතුව සටහන් කර ගතිමු. ඔබගේ ට්විටර් සටහනට අනුව ඔබ, ‘‘සියල්කෝට්හිදී අන්තවාදීන් විසින් පි‍්‍රයන්ත දියවඩන ඝාතනය කිරීමේ අප දේශයේ ලජ්ජාව හා වෛරය ශී‍්‍ර ලාංකික ජනතාවට දන්වමු’’ යනුවෙන් ජනාධිපති රාජපක්ෂට පවසා තිබුණි.

ආගමික නින්දා අපහාස පිළිබඳව පි‍්‍රයන්ත දියවඩන වෙත එල්ල වූ චෝදනා පිළිබඳව අපි කණස්සලූ වීමු. ඔහු නොකඩවා වසර 11 ක් පාකිස්ථානයේ සේවය කළ පුද්ගලයෙකු විය. එබැවින් පාකිස්ථානයේ ආගමික අන්තවාදීන් පිළිබඳව සහ ආගමික නින්දා අපහාස පිළිබඳව ඔහු මනා අවබෝධයකින් සිටින්නට ඇතැයි අපි විශ්වාස කරමු. ඉකුත් වසර 11 ක කාලයේ කිසිදු ප‍්‍රශ්නයක් නොවූයේ එනිසා යැයි අපි සිතමු. අනතුරුව ඉස්ලමාබාද්හි අපගේ වෘත්තීය සමිති සම්බන්ධතා මගින් දැනගත් අයුරු, සිද්ධියට මුල් වී ඇත්තේ කර්මාන්ත ශාලාවේ විනය පිළිබඳ ප‍්‍රශ්නයකි. ඒ හේතුවෙන් නිෂ්පාදන කලමනාකරු දියවඩනට එරෙහිව ඔහු ආගමික පෝස්ටර ඉරා දමා ඇතැයි කතාවක් පතුරමින් පහරදීම රහසේ සංවිධානය කෙරුණකි.

අප වෙත ලැබුණු මෙම තොරතුරු සනාථ කෙරෙමින් සිද්ධියෙන් දින දෙකකට පසු දෙසැම්බර 05 වන දින ‘‘ගල්ෆ් නිවුස්’’ පුවත් පතේ ‘‘ශී‍්‍ර ලාංකීය කලමනාකරුට මිය යන තෙක් අමානුෂික ලෙස පහරදීම පූර්ව රහසිගත සැළසුමක්’’ යන සිරස් තලය යටතේ වාර්තාවක් පළ විය. එහි අන්තර්වාර පොලිස් වාර්තාවක් උපුටා දක්වමින් සඳහන්ව තිබූයේ ‘‘පන්ජාබ් ප‍්‍රාන්තයේ සියල්කෝට් නගරයේ කර්මාන්ත ශාලාවක ශී‍්‍ර ලාංකීය සාමාන්‍ය කලමනාකරු විසින් අවිනීතව හැසිරීම හා ප‍්‍රමාණවත් නිෂ්පාදනයක් නොමැතිවීම සම්බන්ධව නිරන්තරව දොස් පැවරූ මූලික සැකකරුවන් දෙදෙනකු වන ෆර්හාන් අයිඩි‍්‍රස් සහ උස්මාන් රෂීඞ්, කලමනාකරු ඉස්ලාම් ආගමට නින්දා අපහාස කළේ යැයි ඔහුට විරුද්ධව ඔවුන්ගේ සගයින් උසි ගන්වා ඇත’’ යනුවෙනි.

ශී‍්‍ර ලාංකීය වෘත්තීය සමිතියක් වශයෙන් මෙහි රාජ්‍ය හා රාජ්‍ය නොවන කාරණාවන්හි තීන්දු ගැනීම් සම්බන්ධයෙන් බොහෝවිට බහුතර සිංහල-බෞද්ධ අන්තවාදය බලපානා ආකාරය අනුව, ඉස්ලාමීය සමාජයක කිසිදු ආගමික හෝ වාර්ගික සම්බන්ධයක් නොමැති කාරණාවන්හිදී පවා ආගමට නින්දා අපහාස කරන්නේ යැයි චෝදනා එල්ල කිරීම අපට තේරුම් ගත හැක. කලමනාකාරිත්වය සමග මතුවන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා වෘත්තීය සමිති නියෝජනයක් නොමැති විට, කම්කරුවන් එවැනි මතවාද ඔවුන්ගේ වාසියට යොදා ගැනීම පහසුවට තබා ගන්නකි. හාම්පුතුන් විසින් වෘත්තීය සමිති සංවිධානය කිරීම ඉතා දැඩිව මර්දනය කෙරෙන ශී‍්‍ර ලාංකීය පසුබිමක සාමුහික කේවල් කිරීම් හා සාකච්ඡා සඳහා අවසරයක් නොමැති විට, කලමනාකරුවන් ප‍්‍රාණ ඇපයට ගැනීමට සහ ජ්‍යෙෂ්ඨ කලමනාකරුවන්ට ශාරීරිකව පහර දීමට සේවකයින් පෙළඹීම සම්බන්ධ ප‍්‍රචණ්ඩ සිදුවීම් ගැන අපි දන්නෙමු. එය වඩාත් බරපතල වනුයේ වෘත්තීය සමිතියක සාමාජිකත්වය ගැනීම හා වෘත්තීය සමිති සංවිධානය කිරීම මූලික විශ්ව අයිතියක් ලෙස හාම්පුතුන් ඊට ඉඩ තැබිය යුතු යැයි කිසිදු ආණ්ඩුවක් තීන්දු නොගන්නා විට ය.

එවැනි පසුබිමක අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ (01) සංක‍්‍රමණික ශ‍්‍රමය පිළිබඳව වගකීමක් ඇති ආණ්ඩුවක් ලෙස මෙම අවාසනාවන්ත වින්දිත පවුල සඳහා ප‍්‍රමාණවත් වන්දියක් ලබා දෙන මෙන් සහ (02) රාජ්කො කී‍්‍රඩා භාණ්ඩ නිෂ්පාදන සමාගමෙහි වසර 11 ක් සේවය කිරීම වෙනුවෙන් පාරිතෝෂික මුදලක් හා වන්දියක් ගෙවීමට එහි හිමිකාර හාම්පුතාට දන්වා සිටින මෙන් ය.

අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සම්මුතීන් සහ ‘‘ගෞරවනීය රැකියා’’ සඳහාවන වැඩසටහන් මගින් සහතික කෙරෙන සේවකයින්ගේ මූලික විශ්ව අයිතියක්වන වෘත්තිය සමිති සංවිධානය කිරීම හා සාමාජිකත්වය ලබා ගැනීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී යැයි පෙනී සිටින සාක් කලාපයේ සියලූ රටවල් විසින් සම්මුතියකින් තොරව තහවුරු කළ යුතු යැයි අවසන් වශයෙන් නැවත අවධාරණය කිරීමට අපි කැමැත්තෙමු.

ඒ අනුව අපගේ කලාපීය නිෂ්පාදන කි‍්‍රයාවලියෙහි ‘‘අන්තවාදය’’ හා ‘‘අරාජිකත්වය’’ පිටු දැකීම වෙනුවෙන් සේවකයින්ගේ මූලික අයිතීන් සඳහා සකී‍්‍රය අවකාශයක් ලබා දෙන මෙන් පාකිස්ථාන අගමැති ලෙස ඔබගෙන් සහ සාක් කලාපයේ සියලූ රාජ්‍ය නායකයින්ගෙන් අපි මේ අවස්ථාවේ ඉල්ලා සිටිමු.

(සිංහල පරිවර්තනයකි)