ගාලු කොටුවේ මාරක පිම්මට පුරාවිද්‍යා බැම්ම හරස් වෙයි

ගාලු කොටුවේ මාරක පිම්මට පුරාවිද්‍යා බැම්ම හරස් වෙයි
වසර 17ක් තිස්සේ ගාල්ල කොටුව කොඩිගල සිට ත්‍රාසජනක ලෙස මුහුද පනින ක්‍රියාවේ නිරත වූ තරුණයින්ට කොඩිගල සිට මුහුදට පනින අඩි 03ක පමණ කොටස පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු හේතුවෙන් ගල් බැම්මකින් ආවරණය කිරිම නිසා ලෝක ප්‍රසිද්ධ ගාලු කොටුවේ පිම්ම සිදුකළ තරුණයින්ට අදවනවිට එය සිදුකිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.
 

දිවි පරදුවට තබා තරුණයින් පිරිසක් රැකියාවට පනින මෙම මාරක පිම්ම ලංකාවේ පමණක් නොව ලෝකයෙත් ජනප්‍රියය. ගාලුකොටුපවුර මත පිහිටි ඉපැරණි ප්‍රදිපාගාරය අසල කොඩිගල මත සිට අසංක, චතුර බුද්ධික හා ලක්ෂිත යන මිතුරන් තිදෙනා කරණම් ගසමින් මුහුදට පනිති. මුහුදට පනිනු ලබන ස්ථානය දෙස් විදෙස් සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි. මෙම ස්ථානය කොඩිගල යනුවෙන් මිට පෙර හැදින්වුවද මේ වනවිට එම ස්ථානය ගාලු කොටුවේ ජම්පින් සෙන්ටර් යනුවෙන් වැඩිදෙනෙක් හඳුන්වති.

අඩි 42ක උසක සිට කරණම් ගසමින් අසංකලා කරනු ලබන මෙම පැනිල්ල දැක බලා ගැනිම සදහා දෙස් විදෙස් සංචාරකයින් දක්වන්නේ දැඩි කැමැත්තක් දක්වනු ලබනවා. එමෙන්ම විදේශිය රටවල හමුදා ප්‍රධානින් ඇතුළු ප්‍රභුවරු ද මෙම පැනිම දැකබලා ගැනිම සදහා ගාලුකොටුපවුර මතට පැමිණ ඇත.

පවුලේ බඩවියත ගැට ගසාගැනිම සඳහා මෙම තරුණයින් විසින් කරනු ලබන මෙම පැනිල්ල අවදානම් වුවත් එය ඔවුන්ට නම් ත්‍රාසජනක හෝ අවදානම් දෙයක් නොවේ. මේ සඳහා එක්වී සිටින තරුණයින් එම පැනිමට හොද පළපුරුදුකාරයන් පමණක් නොව ඔවුන් දක්ෂ කිමිදුම්කරුවන්ය.

ගාලු කොටුවේ ත්‍රාසයජනක පිම්කරුවෙක් මේ සම්බන්ධයෙන් මාධ්‍යවෙත  අදහස් දක්වමින් පසුගියදා ප්‍රකාශකර සිටියේ,
 

"අපි වසර 17ක් තිස්සේ ගාලු කොටුවේ කොඩිගල ආසන්නයේ සේවය කරනවා.පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් සිදුකරන සංරක්ෂණ ක්‍රියාවලියක් නිසා අපි ඉන්න තැනින් තිබෙන අඩි 03ත් වහන්න හදනවා.පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව හා ඒ ආයතන පොලීසිය සමඟ මේ ස්ථානයට ඇවිල්ල දැන් වැඩකටයුතු ආරම්භකරලා තියෙනවා.අපි තැන් තුනකින් පිමි පැන්නා. ඉතුරුවෙලා තිබුනේ එක තැනයි.දැන් ඒ තැනත් අවහිර කරන්න හදනවා.අපි වසර 17ක් තිස්සේ මේ පිමි පනිනවා.නමුත් දැන් කියනවා මේක අවදානම් කියලා.අපි ජීවිතේ පටන්ගත්තා විතරයි.කවදාහරි අපේ දේට මුදලක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් හිටියා.ඒ හීන දැන් බොදවෙලා ගිහින් තියෙන්නේ.අපි ගොඩක් අසරණවෙලා තියෙන්නේ.ජීවත්වෙන්න විදිහක් නෑ"

අවිධිමත් ක්ෂේත්‍රයේ කම්කරුවන් ලෙස වර්තමානය වනවිට මෙම සේවකයින් අසරණව තිබෙන අතර ඔවුන් රජයේ බලධාරීන්ගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ හැකි ආකාරයකින් තමන්ට සහය දක්වන ලෙසත් විසඳුමක් ලබා දෙන ලෙසයි.

 galle

galle 2