හෙද පරිපුරක අතුරු වෛද්‍ය වෘත්තිය සේවාවලට ලැබිය යුතු ඉල්ලිම් ලබාදීමට රජය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින් ක‍්‍රියාමාර්ග නොගෙනීම නිසා ඉල්ලිම් ලබාගැනීමට බලධාරින්ගේ අවධානය යොමුකිරීම සඳහා පහත වෘත්තිය ක‍්‍රියාමාර්ග දිගින් දිගටම සිදුකරමින් පැවතියද උසස්වීම් වලට අදාල චක‍්‍රලේඛයක් නිකුත් කලද එයින් කොටසකට උසස්වීම් ලබාදී තවත් කොටසකට උසස්වීම් අහිමි කර ඇත. මාණ්ඩලික සේවා චක‍්‍රලේඛය නිකුත් කරන ලදී. ඉල්ලීම් සදහා අවසන් විසදුමක් ලබාදීමට තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය ක‍්‍රියාකර නොමැති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ජාත්‍යන්තර සම්බන්ධීකාරිකා ඉනෝකා අමරසිංහ මහත්මිය වැඩබිම වෙත සඳහන් කළේය.
මෙම වෘත්තීය අරගලයේදී සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඉල්ලිම් විසින් ඉල්ලීම් කිහිපයක් හා යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ අතර එහිදී
යන ඉල්ලීම් මූලිකව වෘත්තීය අරගලය දියත් කෙරිණි.
ඒ අනුව පසුගිය නොවැම්බර් මස 09 වෙනි දින එක්දින අසනීප නිවාඩු වාර්තා කිරිම හා විරෝධතා ව්‍යාපාරය, නොවැම්බර් මාසයේ 17 වෙනි දින සෞඛ්‍ය අමාත්‍යංශ ඉදිරිපිට සිදුකළ උද්ඝෝෂණය, නොවැම්බර් මස 24 හා 25 වෙනි දෙදින තුළ සිදුකළ අසනීප නිවාඩු වාර්තා කිරීම හා විරෝධතා ව්‍යාපාරය, එම මාස 30 වෙනි දින සිදුකළ විරෝධතා රථ පෙල පාලිය, දෙසැම්බර් මස 01 වෙනි දින සියලූ සෞඛ්‍ය දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීම අත්හිටුවමින් දියත්කළ විරෝධතාවය මේ දක්වාම ක්‍රියාත්මක වෙමින් පවතියි.එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියාමාර්ග පළාත් මට්ටමින් ආරම්භ කරමින් දෙසැම්බර් 08 වෙනි දින සිදුකළ වයඹ පලාත් වැඩ වර්ජනය සහ විරෝධතා ව්‍යාපාරය,දෙසැම්බර් මස 09 වෙනි දින සිදුකළ මධ්‍යම පලාත් වැඩ වර්ජනය සහ විරෝධතා ව්‍යාපාරය, දෙසැම්බර් 15 දින සිදුකළ ඌව පලාත් වැඩ වර්ජනය සහ විරෝධතා ව්‍යාපාරය, දෙසැම්බර් 16 වෙනි දින නැගෙනහිර පලාත් වැඩ වර්ජනය සහ විරෝධතා ව්‍යාපාරය හා එම මස 23 වෙනි දින සබරගමුව පලාත් වැඩ වර්ජනය සහ විරෝධතා ව්‍යාපාරය සිදුකරන ලදී.
තවද සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ඉදිරි කාලයේදී එනම් දෙසැම්බර් 30 වෙනි දින උතුරු පලාත් වැඩ වර්ජනය සහ විරෝධතා ව්‍යාපාරය, එළැඹෙන 2022 වර්ෂයේ ජනවාරි මස 05 වෙනි දින දකුණු පලාත් වැඩ වර්ජනය සහ විරෝධතා ව්‍යාපාරය, ජනවාරි මස 12 වෙනි දින උතුරු මැද පලාත වැඩ වර්ජනය සහ විරෝධතා ව්‍යාපාරය හා ජනවාරි මස 19 වෙනි දින බස්නාහිර පලාත වැඩ වර්ජනය සහ විරෝධතා ව්‍යාපාරය දියත් කිරීමට නියමිත බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ජාත්‍යන්තර සම්බන්ධීකාරක ඉනෝකා අමරසිංහ මහත්මිය වැඩබිම වෙත සඳහන් කළේය.
මෙම වෘත්තීය අරගලය වෙනුවෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහා අයත් වන සෞඛ්‍ය වෘත්තීය සංගම් රැසක් ඒකරාශී වී සිටින බවත් ඇය අවසාන වශයෙන් සිහිපත් කළේය.






