දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනයක් අරඹති

දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනයක් අරඹති

දුම්රිය ස්ථානාධිපතිවරුන් සියලුම රාජකාරි වලින් ඉවත්ව අකණ්ඩ වෘත්තීය ක්රියාමාර්ගයක.. දුර ගමන් සේවා කලින් ආසන වෙන් කල දුම්රියයන් නොදන්වා අත්තනෝමතික ලෙස අවලංගු කිරීම, දුම්රිය ධාවන කාර්යමණ්ඩලය නිසිලෙස පරිපාලනය නොකිරීම, සාමාන්ය දුම්රිය කාලසටහන ක්රියාත්මක නොකිරීම,රාජ්ය අමාත්යතුමා ලබා දුන් නියෝගයන් ක්රියාත්මක නොකිරීම ආදී ඉල්ලීම් රාශියක් පදනම් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් අද දින (13 ) 00.00 පැයේ සිට වෘත්තීය ක්රියාමාර්ගයකට අවතීර්ණ වීමට කටයුතු කර ඇත. 

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අදාල සියලුම රාජකාරි වලින් ඉවත් වීමට  සංගමයේ විධායක කමිටුව විසින් තීරණය කර ඇති බවයි ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා වැඩබිම වෙත සඳහන් කළේ.