නව රැල්ල ඇති වෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි මාර්ඝෝපදේශ හේතු වුණා

නව රැල්ල ඇති වෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි මාර්ඝෝපදේශ හේතු වුණා

නව ප්‍රභේද රටට ඇතුළුවෙන එක වැලැක්වීමට ඉතා පහසුවෙන් ගත හැකි ක්‍රියා මාර්ග, සෞඛ්‍ය අමාත්‍යාංශය හිතා මතාම වැලැක්වූවා. මේ වෙනකොට පැතිරෙන වසංගත රැල්ල ඔමික්‍රොන් නිසා ඇතිවන එකක්. එන්නත නිසා මරණ අඩුවුණාම, කොවිඩ් අතහැරලා දැමීමේ ආදිනව දැන් අපි අත්විදිමින් ඉන්න බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේස් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, ධාරිතාවේ සීමාව ඉක්මවමින් ඉන්නේ. PCR කරන්න පහසුකම් නෑ. රැපිඩ් ඇන්ටිජන් කට්ටල නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගැටළු සාක්ච්ඡා කරන්න තැනක් නැහැ. ඇහුම්කන් දෙන්න කෙනෙක් නැහැ. දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ පළවෙනි ඔමික්‍රෝන් ආසාධිතයා හදුනා ගත්තා. එන්නත් නොකල යුවලක් ඔමික්‍රොන් අරගෙන රටට ආවේ, ගුවන් තොටුපලේ ලිහිල් නීතිය නිසා. දෙවන සතියේ කැසිනෝ ගහන්න ආපු ඉන්දියානු ජාතිකයා, ඔමික්‍රෝන් එක්ක රට පුරා ඇවිදලා, නැවත යන දවස වෙනකං කිසිදු පරීක්ෂාවක් කලේ නෑ. දෙසැම්බර් අවසන් සති කිහිපය තුල හදුනා ගත් කොවිඩ් ආසාදිතයින්ගෙගෙන් අති මහත් බහුතරය ඔමික්‍රෝන්. ඒ බොහෝ අය රටට ඇතුළුවෙලා ඔමික්‍රෝන් එක්ක රට තුල ඇවිදලා පිට වෙලා යන අය.

කොවිඩ් කාර්‍යසාධන බලකායක් පිහිටුවාසෞඛ්‍ය යාන්ත්‍රණය හැසිරවීම හේතුවෙන්, වෘත්තීවේදීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමුහික තීර්ණ ගැනීමේ යාන්ත්‍රණය අහෝසි වූ අතර, කොවිඩ් කාර්‍යසාධන බලකාය අහෝසි  කිරීමත් සමග බිම් මට්ටමේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් පිළිබදව සාකච්චා කීරිමට පාවා තැනක් නොමැති තත්වයකට පත්වීම හේතුවෙන් මෙවන් තත්වයන් වලක්වා ගැනීමට නොහැකි වී ඇත.

එකදු මැලේරියා, බරවා රෝගියෙකු පවා නොමැතිව එම රෝග පාලනය සදහා පාර්ශවකාර වෘත්තීයවේදීන් නිතිපතා සාකච්චා කරමින් සිටියදී, කොවිඩ් පාලනය සදහා පාර්ශවකරුවන් අතර කිසිදු සාකච්චාවක් නොවීම මගින් තහවුරු වී ඇත්තේ කොවිඩ් කාර්‍ය සාධන බලකායත් සමග කොවිඩ් වසංගතයත් විසිරුවා හැර ඇති බවට ඇතැම් සෞඛ්‍ය බලධාරීන් විශ්වාස කරන බව රවි කුමුදේස් මහතා වැඩිදුරටත් පැවසීය.