පිරිවෙන් පද්ධතිය ගොදුරුකර ඇති ඛේදවාචකයෙන් ගොඩගැනීම සඳහා කරුණු දක්වනු පිණිස සාකච්ඡාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා වෙත ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය ලිපියක් යවමින් ඉල්ලීඹක් කර ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ලාංකීය අධ්‍යාපනයේ මහ ගෙදර පිරිවෙණයි. පිරිවෙන් අධ්‍යාපනයෙන් අ යන්න ආ යන්න කියූ ලාංකීය සමාජයෙන් අද පිරිවෙණත් පිරිවෙන් අධ්‍යාපනයත් කොන්වෙමින් ඇත. මේ වන විට මුළු පිරිවෙන් පද්ධතියම ව්‍යාකූල තත්වයකට ගොදුරුවී ඇති හෙයින් නොපමාව ඉක්මන් විසඳුම් සෙවිය යුතු තත්වයට පත්ව ඇත. එම ව්‍යාකූලත්වය පැතිරී තිබෙන පහත සඳහන් කාරණා කෙරෙහි ප්‍රධාන අවධානය යොමුකරනු කැමැත්තෙමු.
ඉහත කරුණු සම්බන්ධව විධිමත්ව කරුණු සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරයා හා ලේකම්වරයා සමගින් අදාළ සෙසු බලධාරීන්ද සහිත ඉක්මන් සාකච්ඡාවක් ඔබතුමාගේ ප්‍රධානත්වය ඇතිව ලබාදෙන ලෙස ඉල්ලා සිටිමු.
ශාසනික පැවැත්මේ හා ශාසනික අධ්‍යාපනයේ මතු පැවැත්ම වෙනුවෙන් ජනාධිපතිතුමා ලෙස මෙම කරුණු කෙරෙහි ඔබතුමා ඉක්මන් අවධානයට ගෙන කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කරන අතර අපගේ ඉල්ලීම සම්බන්ධව කඩිනම් පිළිතුරක් අපේක්‍ෂා කරන්නෙමු.
