හෙද ඉල්ලීම් සලකා බලන්න ජනපති මැදිහත්වෙයි

හෙද ඉල්ලීම් සලකා බලන්න ජනපති මැදිහත්වෙයි
රටේ පවතින මුදල් තත්ත්වය නිසි ලෙස අවබෝධ කර ගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
 
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉල්ලීම් මත අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
 
හෙද විශ්වවිද්‍යාලය ඇරඹීම, උසස්වීම් හා පැය 36ක්ව පැවති රාජකාරී කාලය සතියට දින 5ක රාජකාරියක් ලෙස පැය 30ක් ලෙස සැලකීම, නිල ඇදුම් දීමනා චක්‍රලේඛය නිකුත් කිරීම අමතර සේවා දීමනා ඇතුළු හෙද වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා කර ඇති බව සඳහන්ය.