හොරු රකින ඩීල් ආණ්ඩු එපා

හොරු රකින ඩීල් ආණ්ඩු එපා
  • ජන මතයයට ඉඩ දී, ගෝඨාභය වහා ගෙදර යනු !
  • ජන අරගලයට පහරදුන්, මහින්ද ඇතුළු මැරයන් වහා අත් අඩංගුවට ගනු !
  • ජනාධිපතිවරයාට සහ පොලිස්පතිවරයාට පැමිණිලි.

ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ ජනමතයට ඉඩ ලබා නොදෙන බවත්, ජන සම්මුතිය තේරුම් ගැනීමට ඇති නොහැකියාව හේතුවෙන් නැවත නැවතත් රට අරාජිකත්වය කරා ගෙන යන බවත්, ඊයේ සිදුකල අගමැති පත්වීමෙන් නැවත තහවුරු වී ඇත.

මහ ජනතාවගේ අප්‍රසාදයට හා අවිශ්වාසයය ලක්ව ඇති ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් මහ ජනතාව සමග සම්මුතියකට ඒම වෙණුවට, දේශපාළණ ගණුදෙණුවක් සදහා රනිල් වික්‍රමසිංහ මහතාව තෝරාගෙන ඇති ඇතර, ඒ හේතුවෙන් සමුතිවාදී ආණ්ඩුවකට ඇති ඉඩකඩ තවදුරටත් අහුරා, හොරු රකින පාළණයකට පාර කාපා ගැනීමට උත්සාහ දරා ඇත.

අගමැතිවරයා ලෙස බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ මාහතාද, කාලාන්තරයක් තිස්සේ මහජන සම්මුතියකට එළඹීමට වඩා දේශපාලන ඩීල් පිළිබදව විශවාසය තබා කටයුතු කර ඇති බව මෙම පත් කිරීම හරහා ඉතා පැහැදිළිව තහවුරු වන බැවින්, මහජනතාව අපේක්ෂා කරණු ලබන සුහුරු දේශපාළණ පරිවර්තනය ඔහු හරහා සිදු වනු ඇතැයි කිසිසේත්ම අපේක්ෂා කල නොහැක.

එබැවින් මහජන අරගලය අඛණ්ඩ ඉදිරියට ගෙනයෑම හැර වෙනත් විකල්පයක් අපට නැත.

මේ පිළිබදව මූලික අනතුරු හැගවීම සිදු කරමින්, අද දහවල් ප්‍රධාන වෘත්තීය සමිති නායකත්වය විසින් ජනාධිපතිවරයා වෙත සංදේශයක් ලබා දුන් අතර, ඊට යහපත් ප්‍රතිචාර නොමැතිනම් ඉදිරි සතියේදී ජනාධිපති මන්දීරය ඉදිරිපිටට සමස්ත වැඩකරන ජනතාව කැදවීනට සිදුවන බවත්, එහිදී වෘත්තීය සමිති නයකයින් විසින් අනතුරු හැගවීය.

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය