ලීසිං වාරික සහ බැංකු ණය වාරික ගෙවීම්, වාහන පැහැර ගැනීම්, වාහන පැහැරගන්න, නීතිය ගැන  ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය මෙසේ කියයි

ලීසිං වාරික සහ බැංකු ණය වාරික ගෙවීම්, වාහන පැහැර ගැනීම්, වාහන පැහැරගන්න, නීතිය ගැන  ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය මෙසේ කියයි

“ ඩීසල්, පෙට්රල්, ගෑස් නැති වීම නිසා රටේ ජනතාව බරපතළ වශයෙන් ආර්ථික පසුබෑමකට ලක්ව ඇත. එම හේතුවෙන් රටේ සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් ලීසිං හා ණය වාරික ගෙවා ගැනීමට නොහැකිව දැඩි අර්බුදකාරී  තත්වයකට මුහුණ පා සිටී. මහ බැංකු අධිපතිවරයා නන්දලාල් වීරසිංහ මහතා කියන ආකාරයට, මේ රටේ ජනතාවට කිසිදු ලීසිං සහ ණය වාරික සඳහා සහනයක් ලබා නොදෙන බවටත් ඔහු විසින් ප්‍රකාශ කරා. මෙම හේතුව සහ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුකොටගෙන ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය ඒකමතිකව තීරණයක් ගනු ලැබුවා.  2022.06.09 දින සිට ලීසිං සමාගම් වලට සහ බැංකුවලට කිසිම වාරික මුදලක් නොගෙවන්නට කටයුතු කරන බවට සංගමයක් හැටියට ඒකමතිකව තීරණය කරා. මේ වෙද්දි ණය වාරික ගෙවීම් මාස තුනකට අත්හිට වන අතර නැවතත් එය සලකා බැලීම සඳහා කරුණු පහක් මහ බැංකුවට ඉදිරිපත් කරනවා. “ බොරැල්ල - එන්.එම්.පෙරේරා ශාලාවේදී ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවේදී එහි ප්‍රධාන ලේකම් අසංක රුවන් පොතුපිටිය මහතා අදහස් ප්‍රකාශ කරන ලදි.

එම කරුණු පහත සඳහන් පරිදි වේ,

1. 2020.05.04 දින මහබැංකුව විසින් රටේ ජනතාවගෙන් අසාධාරන ලෙස (කැපිටල් අවුස්ටැන්ඩින්) එකට අයකර 11.5 %ක අමතර පොලිය නැවත සංසෝධනය කර යුතුයි.

2. 2022.12.31 දක්වා වහන අත්පත් කර ගැනීම නැවැත්විය යුතුයි.

3. ඩිසල්,ප්‍රේට්ට්‍රල්,ගැස්, ගැටලුවකින් තොරව ලබා ගැනීමට හැකි වන තුරු ණය ගෙවිමේදී  සහනයක් ලබාදීම.

4. වැඩි කරන ලද ස්ථාවර තැන්පත් වලට අදාල පොලිය නැවත අඩු කර ණය වාරික සදහා වැඩි කළ පොලිය අඩු කිරීම.

5. ජනතාවට අහිතකර 2000 අංක 56/1990 අංක 02 /1990 අංක 04 දරණ පනත් සංසෝධනය කිරීම.

එහි මාධ්‍ය‍ ලේකම් අසංක සුමේධ අමරසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ, “ ලංකාවේ නන්ද කියන නම ශාපයක් වෙලා වගේ. නන්දලාල්,  නන්දසේන මේ කියන නම් හැම එකක්ම අපිට දැන් ශාපයක් වෙලා වගේ. මේ හැමෝම එකතුවෙලා කරන්නේ සාමාන්‍ය ජනතාවගේ රීරි මාංශ උරා බීලා ඔවුන් සැප සම්පත් විඳින එකයි. පීපල්ස් ලීසිං පිළිබඳව අද දවසේ තිබ්බ පත්තරයක මෙහෙම සඳහන් වෙනවා.

 “Peoples leasing and finance record highest ever profit 4.6 billion for financial year 2021 to 2022.”

ඔවුන් තවත් කියල තියෙනව,

“Peoples leasing and finance plc has once again create history by including the financial year 2021 to 2022 with record record-breaking profit after tax of 4.66 billion. The highest profit in the company has recorded ever since in 1996”.

මේ කාරණය ගත්තොත් ඒගොල්ලන්ගෙ tax එක ගෙවන්න ඉස්සල්ල රෙකෝඩ් එක වෙන්නේ බිලියන 6.65. ඒ කියන්නේ මේ සල්ලි ආවේ කොහෙන්ද? මේ සල්ලි අරන් තියෙන්නේ අපේ මිනිසුන්ගෙන් නේද? මොකද පිටරටින් එහෙම ඩොලර්, සල්ලි එනවද? ඒ කියන්නේ අපේ මිනිස්සුන්ගේ දේපළ - වාහන අත්පත් කරගෙන, CAPITAL එකට අමතර 11.5% ක පොලියක් අරගෙන, එහෙම නැත්තං දඩ පොලී ආදී සියලුම දේවල් වලින් උපයා ගත්ත මුදල් තමයි මේ. අනික් ආයතනත් මේකම තමයි කරල ඇත්තේ. අපි මේක නතර කරන්න කියලා අවුරුදු ගාණක් තිස්සේ කියනවා. මේ නතර කිරීම මේ නන්දෙල කිසිම කෙනෙක් කරන්නේ නැහැ. නන්දේ විතරක් නෙමේ, නන්දෙට ඉස්සල්ල හිටපු කබ්බ්‍රාල් ලුත් එහෙමයි. කබ්රාල් අපිට ඔයා අමතක නෑ. ඔයා අමතක කරයි කියල හිතන්නත් එපා. ඔයා තමයි හොරපාරෙන් මෙහෙම කැපිටල් එකෙන් 11.5% ක්  ගන්නයි කියලා ලියුම ගැහුවෙ.

ඊට අමතරව අද දවස විශේෂ දවසක්. ඒ තමයි මේ ලීසිං හින්දා ලංකාවෙ ඉතිහාසයෙහි ප්‍රථම වතාවට මනුස්සයෙක් මැරුණු එක. අපි මේ අරගලය කරන්න මූලික වෙන්න හේතු වෙච්ච පුද්ගලය, අපේ සුනිල් සහෝදරයා. අදට වසර දෙකක් වෙනවා ඔහු මියගිහිල්ල. මිය ගිහිල්ල නෙමෙයි ඇත්තටම මේ ලීසිං ආයතන වලින් මරල දාලා. එනිසා ඔහු වෙනුවෙන් සහ මේ රටේ ඉන්න සියලුම ලීසිං හා ණය වාරික ගෙවන්නන් වෙනුවෙන් අපි මේ කර්තව්‍ය දිගටම කරගෙන යනවා. අදටත් මේ ලීසිං ආයතන ලංකාව වටේම වාහන උස්සමින් පවතිනවා. ඒ නිසා ඉදිරියටත් මේ වගේ සිදුවීමක් සිදු වෙන්න පුළුවන්. අපි කියන්නේ මෙවැනි ගැටළු ඕනම දෙයක් ඔබට පැන නැගුනොත් ඔබ වහාම අප වෙත ලිඛිතව දන්වා සිටින්න. සියලු තොරතුරු විස්තරාත්මකව අපට මැදිහත් වෙන්න කියලා අපේ ලිපිනයට ලියල එවන්න.”

ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය, "කම්කරු සෙවන",  අංක 10/1, අත්තිඩිය පාර,  රත්මලාන කියන ලිපිනයට.

ඔහු තවදුරටත් අදහස් දක්වමින් මෙසේ සඳහන් කරන ලදී,

” ඒ වගේම තව කාරණයක් තියෙනවා මේ ලීසිං සමග ගැට ගැහිච්ච. ඒ තමයි රක්ෂණය. මේ රක්ෂණය සඳහා NO OBJECTION LETTER එක ඔබ අනතුරකදී දෙන්න ඕනෙ නෑ කියන එක නැවත මතක් කරනවා. ඔබේ වාහනය TOTAL CONDEM වුනොත් පමණයි එහෙම ලිපියක් අවශ්‍ය වෙන්නේ. නැත්නම් අනෙක් අනතුරු වලදී ඔබට කිසි විටෙක NO OBJECTION LETTER එක අවශ්‍ය වන්නේ නැහැ. ඔබට ඔබේ CLAIM එක කෙලින්ම ලබා ගන්න පුළුවන් මුල්‍ය ආයතනයේ මැදිහත්වීමකින් තොරවම.”

“එනිසා නැවත කියනවා, මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සාමාන්‍ය මිනිසුන්ට හුස්මක් කටක් ගන්න ඉඩ දෙන්න, කාලයක් දෙන්න. එහෙම නැතුව නං  කාටවත් රටක් විදිහට වත් ඉදිරියට යන්න බැරි වේවි. ඒ වගේම අපි සාමාන්‍ය ජනතාව වන ඔබට ආරාධනා කර සිටිනවා සියල්ල පිළිබඳ දැනුවත් වෙන්න. ඔබේ දැනුවත්භාවය ඉතාමත් අත්‍යවශ්‍යයි මේ වෙලාවේ. ඒ වගේම වාහනය උස්සන්න එනවා නම්, ඔබ එයට ප්‍රතිචාර දක්වන්න. ඔබට අයිතියක් තියෙනවා එයට. ඔබගේ වාහනය කිසිවිටෙකත් පැහැරගෙන යන්නට බෑ. එහෙම ගියහොත් ඔබ පොලිසියේ පැහැරගෙන යාම පිළිබඳව පැමිණිල්ලක් යොමු කරන්න. සමාජයේ සියළු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ වගේ සිද්ධියක් දුටුවහොත් ඔබ ඊට මැදිහත් වෙලා උදව් කරන්න. “

එසේම  එහි නීති අංශයේ නීතීඥ සඳරුවන් සේනානායක මහතා මෙසේ අදහස් දක්වන ලදී.

“කොරෝන සහ අනික් සියලුම දෙයින් බැට කාල ඉන්න ජනතාවගේ දේපළ ටික අත්පත් කරගන්න මේ ලීසිං ආයතන සූදානම් වෙලා ඉන්නවා. මේ දේපළ අත්පත් කරගන්න නම් මේ දේපළ කොහෙන්ද මනුස්සයන්ට ආවෙ. ඒ 2000 අංක 56 දරණ කල්බදු මුල්‍යකරණ පනත යටතේ තමා මේ දේපල ගන්නනෙ. සියලුම බැඳීම් යටතේ, ලියකියවිලි බොහොමයකට අත්සන් කරලා තමා අපි ගිවිසුම්ගතව මේ වාහන හෝ දේපළ ලබාගන්නේ. මේ පනතේ ආරම්භයේ ඉඳලම තියෙන්නෙ සමාගම්වලට ලාභ ලබන විදිහට කරැනුයි. කෙසේ වෙතත් ඔබට ගෙවීම් නොකරන විට සිදුවෙන කාරණය පිළිබඳව අපි පැහැදිලි කරන්නම්. ඔබ ණය වාරික දෙකක් පැහැර හැරියොත් ඒක හරයාත්මක පැහැර හැරීමක් ලෙසයි පනතේ විස්තර කරන්නේ. එහෙම කළහොත් සමාගම ඔබට එවන්න ඕනා හරයාත්මක කඩකිරීමක් කරල තියනවා කියලා ලිපියක්. ඒ ලිපියට පස්සේ දින 7 කින් නැවත ලිවුමක් එවනවා ගිවිසුම අවලංගු කළා කියලා. ඒ ලිපි දෙකම නැත්නම් වාහනය කිසිවිටෙකත් ආයතනට අත්පත් කරගන්නට හැකියාවක් නෑ. එම ලිපි දෙක නැතුව කවුරුන් හෝ ඇවිල්ලා වාහනය අත්පත් කරගන්න හැදුවත් ඔබ වාහනය දෙන්නට අවශ්‍යතාවයක් නෑ. එසේම මේ දේපළ අත්පත් කරගන්න පැමිණෙන්නේ කෙසේද. සමස්ත ලංකා දේපල අත්පත් කරගන්නන්ගේ සංගමයට නීත්‍යනුකූල බලයක් ලබා දෙනවාද මේ දේපළ මංකොල්ල කන්න. නෑ..! තමා සන්තකයේ තියන දේපල තමාගේ කැමැත්තෙන් තොරව ස්වාමිත්වය අයින් කරනවා කියන්නේ ඒක සොරකමක්. පහරදීමක් සිද්ධ වෙනවා නම් ඒ අවස්ථාවේ ඒක මංකොල්ලකෑමක්. අපරාධ නඩු සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙය බරපතළ දඬුවම් ලැබිය හැකි වරදවල් දෙකක්. වාහනයක් අත්පත් කරගන්න හැකියාව තියෙන්නෙ ඒ මූල්‍ය සමාගම හෝ ආයතනයේ නිසි බලධාරියෙකුට පමණයි. එහෙම කරනවනං අදාළ ප්‍රදේශයේ පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙන්න ඕන. ඒ සාමය කඩවීමක් පිළිබඳව ගැටළුවක් ඇතිවීම පිළිබඳව පමණයි. “

ඔහු තවදුරටත් අදහස් දක්වමින් මෙසේ සඳහන් කරන ලදී,

“එහෙම කලත්, ගිහිල්ලා වාහනය බලෙන් ගන්න බෑ. කැමැත්ත තියෙනවා නම් පමණයි වාහනය අරන් යන්න පුළුවන්. ඒ කැමැත්ත කියන එක නැති කිසිම අවස්ථාවක වාහනය බලෙන් ගන්න මේ පනතේ ඇතුළත කිසිම අවස්ථාවක් දීලා නෑ. එහෙම නම් වාහනේ ගන්න කොහොමද. අදාළ ප්‍රදේශයේ දිසා අධිකරණයේ හෝ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරලා, තමන්ගේ අයිතිවාසිකම පෙන්නලා අධිකරණ ක්‍රියා මාර්ගයක් හරහා පමණයි වාහනය ලබා ගන්නට හැකියාවක් තියෙන්නෙ. අපි ඒ වගේම මතක් කර සිටිනවා දැන් පත්වෙලා ඉන්න අගමැතිතුමාටත් මේ සියලුම ලීසිං හා ණය වාරික ගෙවන්නන් පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. “