මන්දපෝෂණ අනුපාතයෙන් දකුණු ආසියාවේ ඉහළම දෙවන රට ලංකාව

මන්දපෝෂණ අනුපාතයෙන් දකුණු ආසියාවේ ඉහළම දෙවන රට ලංකාව

වයස අවුරුදු පහට (5) අඩු ළමුන් අතර උග්‍ර මන්දපෝෂණ අනුපාතය දකුණු ආසියාවේ ඉහළම දෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති  අතර මෙරට ආර්ථික අර්බුදය ළමා මන්දපෝෂණය උග්‍රවීමට හේතුවක් වී ඇති බව  යුනිසෙෆ් සංවිධානය පවසයි.

මෙරට ළමුන් ලක්ෂ දාහකට මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවන බව යුනිසෙෆ් සංවිධානයේ මෙරට ප්‍රකාශක බිස්මාර්ක් ස්වංගින් විදෙස් මාධ්‍යයකට ප්‍රකාශ කරයි.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පවුල් දහයකින් හතක්ම ආහාර ගැනීම අඩුකර ඇති බවට දත්ත වාර්තා පෙන්වා දෙන අතරම ඒ අනුව වේල් තුනක් ආහාර ගත් පවුල් එය දෙකකට අඩුකර ඇති අතර වේල් දෙකක් ආහාර ලබාගත් පුද්ගලයන් එය එකක් දක්වා අඩුකර තිබේ.

මේ අතර යුනිසේෆ් සංවිධානය ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන එකයි දශම හතක් සඳහා මානුෂීය ආධාර ලබා දීම වෙනුවෙන් ඩොලර් මිලියන විසිපහක ප්‍රදානයක් ඉල්ලුම් කර තිබේ.