නිදහස් මාධ්‍යවේදී වෙරංග පුෂ්පික බැලීමට මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට අවස්ථාව නොදීම සම්බන්ධව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සිදුකර ඇති බවයි.
ඒ අනුව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා පොලීසියේ සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු කණ්ඩායමක් විසින් නිදහස් මාධ්‍යවේදී වෙරංග පුෂ්පික කොළඹ කොටුවේ බස් රථයක සිටියදී පැහැරගෙන යෑම සම්බන්ධයෙන් අප කළ දැනුම්දීම අනුව කඩිනමින් මැදිහත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ස්තුතිවන්ත වෙමු.
නීතිඥ නියෝජනයකට ද අවස්ථාව අවහිර කරමින් රිමාන්ඩ් කරනු ලැබූ වෙරංග පුෂ්පිකගේ සුබසාධන කටයුතු පරීක්ෂා කිරීමට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන්ට ඒ සඳහා අවස්ථාව නොදීම ගැන (4) දින වාර්තා විය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක රඳවාගෙන සිටින පුද්ගලයකු බැලීමට කොමිසමට බලය ඇති අතර කොමිසමට වෙරං බැලීමට අවස්ථාව නොදීම කොමිසමේ බලයට අභියෝග කිරීමක් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් කඩකිරීමකි.
එසේ හෙයින්,
