විදුලි බිලට එරෙහි උද්ඝෝෂණය හා පා ගමන අද (20) දින සවස 4.00ට කොටුව දුම් රිය පල ඉදිරිපිටදී ආරම්භ කරන බව සර්ව ආගමික නායකත්වය, වෘත්තීය සමිති සහ බහු ජන සංවිධාන සමග මහජන සභාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
? මහජනතාව කබලෙන් ලිපට ඇද දැමු අමානුෂික විදුලි බිල් ඉහළ දැමීමේ ක්‍රමයට විරෝධය පළ කරමු!
? ගජ මිතුරන්ගේ ණය කපමින්, නැති බැරි ජනතාවගේ සියළු බර පටවන, විදුලි බදු ප්‍රතිපත්තියට එරෙහි වෙමු!
ජීවත් වීමේ අත්‍යවශ්‍ය වුවමනාවන් පවා සපුරා ගැනීමට නොහැකි දිළිඳු ජනතාව පිට වැඩි බදු ප්‍රමාණයක් පටවමින්, විදුලිබල මණ්ඩලයේ පාඩු පියවා ගැනීමේ රජයේ අසාධාරණ උත්සාහය අපි ප්‍රතික්ෂේප කරමු. විදුලි බල මණ්ඩලය පාඩුවට හේතුව, ආගමික හෝ ප්‍රජා මූලික ආයතන නොවන බැවින්, විදුලිබල මණ්ඩලය පාඩු ලබන ආයතනයක් බවට පත් කිරීමට වැඩි දායකත්වයක් දැක්වූ පාර්ශවයන් සදහා වැඩි බරක් පැටවෙන බදු ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස අප බල කර සිටිමු.
ඉතා අඩු, අත්‍යවශ්‍ය විදුලි ඒකක ප්‍රමාණයක් පමණක් පරිහරණය කරනු ලබන, දිළිදු ජනතාවට 300%ක පමණ බදු බරක් පටවා, වැඩි විදුලි පරිභෝජනයක් සිදුකරන ධනවතුන් සදහා අඩු බදු ප්‍රමාණයක් පනවන විදුලිබල මණ්ඩලයේ අසාධාරණය බදු ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියාමන මූලධර්මයන්ට පවා පට හැනිය, අමානුෂිකකය.
දේශපාලකයින්ගේ වැරදි නිසා පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී ජනතාවට සහ ඔවුනට යම් හෝ අස්වැසිල්ලක් සපයමින් සිටින ආගමික හා ප්‍රජා මූලික අයතන සදහා 500%කටත් වඩා බදු වැඩි කිරීම මගින්, 'බංකොලොත් වූ රටක' වැඩිම අවධානය යොමු විය යුතු 'සමාජ ආරක්ෂණය' ඉතා අශිෂ්ඨ ලෙස නොසලකා හැර ඇත.
විදුලිබල පනතේ 30වන වගන්තිය ප්‍රකාරව, මණ්ඩලය විසින් දරා ඇති වියදම් අයකර ගැනීමේ හැකියාව තිබියදී, මෙලෙස සාමාන්‍ය මහජනතාව පිට සියලු බර පැටවීම මගින්, රජයේ ප්‍රතිපත්තිය 'ගජ මිතුරන්' රකිමින් සාමාන්‍ය ජනතාව නොසලකා හැරීම බව, ඉතා පැහැදිළිය.
දීර්ඝකාලීන හා කෙටිකාලීන ජනන සැලැස්ම ක්‍රියාත්මක නොකරමින්, ඩීසල් මාෆියාවට ඉඩදීමේ ජාවාරම්කාර වුවමනාවන් වෙනුවෙන් අඩු වියදම් පුනර්ජනනීය බලාගාර මග හැරීම හා වැරදි දේශපාලන තීන්දු හේතුවෙන් ඇතිවූ අලාභයට, සාමාන්‍ය මහ ජනතාවට වගකිව නොහැකිය.
රුපියල් බිලියන 36 පමණ ගජ මිතුරන්ගේ ණය සහ නොගෙවූ බිල් පියවා නොගෙන, විගණනයක් නැති නීති විරෝධී විදුලිය මිලදී ගැනීම් සදහා තවදුරටත් අනුබල දෙමින්, හිතාමතා කරන වංචා සහගත අලාභය පාරිභෝගිකයාමත පැටවීමට අප එරෙහි වෙමු.
කිසිදු වැටුප් හෝ ආදායම් වැඩිවීමකින් ර්තොරව, උද්ධමනය 75%කින් හා ආහාර උද්ධමනය 95%කින් වැඩි වී ඇති අවස්ථාවක, බැංකු සහ මුල්‍ය ආයතන වල පොලී ප්‍රතිශතය සියයට 18ත් 30ත් අනුපාතයකින් වැඩිකර ඇති මොහොතක, ජල බිල හා වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වැඩි වී ඇති මොහොතක මෙම අසාධාරණ මිල වැඩිකිරීම රටේ මහ ජනතාවට ගෙවන්නට බැරි බැවින්, ඒ පිළිබඳව සමස්ත පුරවැසියන් සමග සාමූහික තීරණයකට එළඹීමට පෙර සාධාරණය ඉටු කරන ලෙස අප බල කර සිටිමු
එසේම විදුලි බලමණ්ඩලයේ පාඩුවට හේතුවූ පහත කරුණු පිළිබදව විධිමත් විමර්ෂණයක් සිදු කරන ලෙස අප බල කර සිටිමු.
