මාර්ගගත ගුරු ස්ථාන මාරු තොරතුරු යාවත්කාළීන කරන ලෙස ඉල්ලයි

මාර්ගගත ගුරු ස්ථාන මාරු තොරතුරු යාවත්කාළීන කරන ලෙස ඉල්ලයි

මානව සම්පත් කළමනාකරණ පද්ධතියේ ‘(NEMIS-THRM)’ නිරවද්‍යතාව ගුරුවරුන් තහවුරු කිරීම අත්‍යවශ්‍යයි.

ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය යටතේ පවතින ගුරුභවතුන්ගේ මානව සම්පත් කළමනාකරණ පද්ධතියෙහි ‘(NEMIS-THRM)’ අන්තර්ගත ගුරුවරුන්ගේ පෞද්ගලික හා සේවා දත්ත ඇසුරින් ඉදිරියේ දී මාර්ගගත ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය සිදු කෙරේ.  ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය කඩිනම් ව හා විධිමත්ව සිදු කිරීම සඳහා එම තොරතුරු දෛනික ව යාවත්කාලීන කළ යුතු ව පවතී.

එබැවින් රජයේ පාසල්වල සියලු ගුරුභවතුන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් වී https://nemis.moe.gov.lk තොරතුරු ජාලය ඔස්සේ ගුරුභවතුන්ගේ මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතියට පිවිස සිය තොරතුරුවල නිරවද්‍යභාවය තහවුරු කරගත යුතු ය. සංශෝධනයන් වෙතොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත දැනුම් දිය යුතු ය.