මාර්ගගත ගුරු ස්ථාන මාරු තොරතුරු යාවත්කාළීන කරන ලෙස ඉල්ලයි

මාර්ගගත ගුරු ස්ථාන මාරු තොරතුරු යාවත්කාළීන කරන ලෙස ඉල්ලයි

මානව සම්පත් කළමනාකරණ පද්ධතියේ ‘(NEMIS-THRM)’ නිරවද්‍යතාව ගුරුවරුන් තහවුරු කිරීම අත්‍යවශ්‍යයි.

ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය යටතේ පවතින ගුරුභවතුන්ගේ මානව සම්පත් කළමනාකරණ පද්ධතියෙහි ‘(NEMIS-THRM)’ අන්තර්ගත ගුරුවරුන්ගේ පෞද්ගලික හා සේවා දත්ත ඇසුරින් ඉදිරියේ දී මාර්ගගත ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය සිදු කෙරේ.  ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය කඩිනම් ව හා විධිමත්ව සිදු කිරීම සඳහා එම තොරතුරු දෛනික ව යාවත්කාලීන කළ යුතු ව පවතී.

එබැවින් රජයේ පාසල්වල සියලු ගුරුභවතුන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් වී https://nemis.moe.gov.lk තොරතුරු ජාලය ඔස්සේ ගුරුභවතුන්ගේ මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතියට පිවිස සිය තොරතුරුවල නිරවද්‍යභාවය තහවුරු කරගත යුතු ය. සංශෝධනයන් වෙතොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත දැනුම් දිය යුතු ය.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image