වැඩිහිටියන්ට ලබාදෙන මොලේ උණ එන්නත නොමැතිවීමෙන් මොලේ උණ පැතිර යෑමේ අවදානමක් - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අනතුරු අඟවයි

වැඩිහිටියන්ට ලබාදෙන මොලේ උණ එන්නත නොමැතිවීමෙන් මොලේ උණ පැතිර යෑමේ අවදානමක් - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අනතුරු අඟවයි

බැක්ටීරියාවක් මගින් බෝවන මොළේ උණ රෝගී තත්ත්වය වැළඳීම වළක්වා ගැනීම සඳහා ලබාදෙන මොළේ උණ එන්නත Meningococcal meningitis vaccine දැනට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විදේශ සංචාරය කරන පුද්ගලයන්ට අදාල එන්නත ලබාදීම සිදුකරන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ එන්නත් මධ්‍යස්ථානය නොමැතිවීම නිසා ශ්‍රී ලංකාවේ සිට මැදපෙරදිග ඇතුළු බොහෝ රටවල් වලට යන හජ්ජි වන්දනාකරුවන් ද විදේශීය වෛද්‍ය අධ්‍යාපනය ලබන සිසුන්ට ද අනිකුත් සංචාරකයන්ට ද එම එන්නත ලබා ගැනීමට නොහැකිවීමෙන් ඉදිරි කාලයේ දී රට පුරා මෙනින්ජයට්ස් හෙවත් මොලයේ උණ පැතිරයාමේ අනතුරක් ඇති විය හැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අනතුරු අඟවා සිටියි.

තව දින කිහිපයකින් උදාවන හජ්ජි වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයන් තුන්දහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් මැද පෙරදිග බලා ගමන් කිරීමට නියමිත වන අතර මැද පෙරදිග කලාපයේ මෙම මොළේ උණ රෝගය සුලභ වන බැවින් සෞදි අරාබිය ඇතුළු රටවල් වල සංචාරය කරන සෑම සංචාරකයෙකු ම මොලෙ උණ සඳහා එන්නත ලබා ගැනීම වීසා ලබාගැනීම අනිවාර්ය අංගයක් බවට පත් කොට ඇත.

දැනට වෛද්‍ය පර්යේෂණායතනයේ ිදේශ සංචාරකයින් සදහා එන්නත් ලබා දෙන මධ්‍යස්ථානයේ මෙම මොළේ උණ එන්නත නොමැතිවීම නිසා බොහෝ දෙනෙකු තත්ත්වයෙන් බාල හෝ නිසි පරිදි ගබඩා නොකරන ලද මොළේ උණ එන්නත ලබාගෙන සවුදි වීසා  ලබාගෙන රටින් පිට වී යාමේ අවධානමක් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් අනතුරු අඟවා සිටියි.

මෙම එන්නත අදාළ රටවල් වල සංචාරය කිරීමට අවම වශයෙන් දින විසි එකටවත් පෙර ලබාගත යුතු වුවත් දැනට මෙම එන්නත නොමැති තත්ත්වයක් යටතේ බොහෝ දෙනෙකු හදිස්සියේ වැරදි මාර්ග ඔස්සේ මෙම එන්නත ලබාගෙන සෞදි වීසා ලබා ගන්නා බවට සමාජ මාධ්‍යවල තොරතුරු පළ වී ඇති බවත් මෙය ඉතා භයානක තත්ත්වයක් බවත් ඒ මහතා සඳහන් කරයි.

මක්නිසාදයත් නිසි පරිදි ගබඩා නොකරන ලද ඉන්නත් හෝ එන්නත ශරීරය තුළ ක්‍රියාත්මක වීමට නියමිත කාල සීමාවක් ගතවීමට පෙර එම රටවල් වලට ගමන් ගන්නා පුද්ගලයන්ට මක්කම වැනි අධික ලෙස ජනගහනයක රාශිවන ස්ථානවල දී ඉතා පහසුවෙන් මොළේ උණ රෝගය වැළඳීමට අවස්ථාවක් පවතින බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම ප්‍රතිශක්තිකරණය උණ පුද්ගලයන් දියවැඩියාව අධි රුධිර පීඩනය වකුගඩු රෝග අක්මා රෝග හෝ පිළිකා රෝග ආදියෙන් පෙන්න පුද්ගලයන්ට මොළේ උණ රෝගය වැළඳීමේ අවස්ථාව ඉහළ බැවින් නිසි පරිදි එන්නත් ලබා නොගෙන සවුදිය වැනි රටවල්වල සංචාරය කරන පුද්ගලයන්ට ද මක්කම වන්දනා කොට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින් හරහා මොළේ උණ රෝගී තත්ත්වය පැතිර යැමත් සිදු වුවහොත් විශාල විය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය අදාල එන්නත විදේශීය සංචාරකයන්ට ලබා දීමේ වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක කිරීමටත් මක්කම වන්දනාවේ ගොස් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයා නිසි පරිදි පූර්ව පරීක්ෂණ ලක් කිරීමට කටයුතු නොකළ හොත් මොළේ උණ රෝගී තත්ත්වය පැතිර යාමෙන් මෙරට තුල බරපතළ හානියක් විය හැකි බව ඒ මහතා සෞඛ්‍ය අංශ වෙත අවධාරණය කර සිටියි.

මොලේ උණ එන්නත ලබාදීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන මෙම තත්ත්වය සම්බන්ධයෙන් වහා සොයා බලා නිසි පියවර ගැනීම සෞඛ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශය වගකීමක් වන බවත් එසේ සිදුකිරීමට නොහැකි වන්නේ නම් තාවකාලිකව හෝ නග පෙරදිග රටවල් වලට සංචාරය කිරීම සීමා කිරීමට පියවර ගත යුතු බවත් මේ සම්බන්ධව දැනුවත් කොට මූලික පියවර ලබා නොගත්තොත් ලංකාවේ පැතිර යාමෙන් අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය විය හැකි බවද වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කර සිටියේය.