මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ වෘත්තීය ගැටළු පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ වෘත්තීය ගැටළු පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ  නියෝජිතයින් අතර සාකච්ඡාවක් (22) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

මහජන සෞඛ්‍ය පරික්ෂක වෘත්තියට හා පොදුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක සේවාවට බලපාන්නා වූ වෘත්තීය ගැටළු කිහිපයක් පිළිබදව මෙහිදී සාකච්ඡා  සිදු කරන ලදි.

මෙම සාකච්ඡාවේ දී මතු වූ කරුණු පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයින්ට  උපදෙස් ලබාදෙමින් කියා සිටියේ සෞඛ්‍ය සේවාවේ සියළු වෘත්තීන් එක්ව පවතින ගැටළු විසදා ගැනීමට කටයුතු කිරිම තුළින් සෞඛ්‍ය සේවාව නගා සිටුවිය හැකි බවත්,  අළුතින් ගැටළු නිර්මාණය විමට ඉඩ නොදී දැනට පවතින ගැටළු නිරාකරණය කිරිමට මූලිකත්වය දිය යුතු බවයි. තව ද සියළු වෘත්තීන් සමග සාමුහිකව සාකච්ඡා සිදුකරමින් තීන්දු තීරණ ගැනීමේ ඇති වැදගත්කම ද මෙහිදී පෙන්වා දෙන ලදි. විසදුම් ලබාදිය හැකි ගැටළු සදහා කෙටි කාලයක් තුල විසදුම් ලබාදීමට කටයුතු කරන ලෙසත්, මාසයක් වැනි කාලයක් තුල නැවත මෙම සාකච්ඡාවේ ප්‍රගමනය පිළිබදව සොයාබැලිමට කටයුතු කරන බව ද කීය.     

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ වෘත්තීය ගැටළු අතර, සැතපුම් කුලිය, ගමන්වියදම්, කාර්යාලදීමනා, නිල ඇදුම් දීමනා වර්ථමානයට ගැල‌පෙන ලෙස සංශෝධනය නොවීම, පරිපාලන බලය නොමැති අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තනතුරට පරිපාලන බලතල පවරමින් රැකියා විස්තරයක් (Job Description) නිකුත් කිරිම, රජයෙන් ලබාදී ඇති යතුරු පැදි ලියාපදිංචිය, රක්ෂණාවරණ මිලදී ගැනීම සහ පවරා ගැනීම සම්බන්ධ ගැටළු, දැනට යතුරු පැදි නොමැති මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සදහා යතුරු පැදි ලබාදිම, මහජන සෞඛ්‍ය පරීක්ෂක අනමත තනතුරු සංඛ්‍යාව ඉහළ නැංවීම, පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක තනතුර උසස්වීමේ තනතුරක් ලෙස ස්ථිපිත කිරිම සහ පුහුණුව ආරම්භ කිරිම, ආර්ථික අර්බුදය හමුවේ මහජන සෞඛ්‍ය ‌සේවා ආරක්ෂා කර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියනට 2022 වසරේ ඔක්තෝබර් මස සිට මාස 03 ක් සදහා UNISEF ආයතනයෙන් ලබාදුන් දීමනාව මේ දක්වා ලබානොදීම, විලවුන් උපකරණ සම්බන්ධව නව නීති සැකසීම සහ පවතින අනපනත්වල දඩමුදල් ඉහළ දැමීම යන තරුණු විය.

සැතපුම් කුලිය, ගමන්වියදම්, කාර්යාලදීමනා, නිල ඇදුම් දීමනා ඉල්ලීම් සාධාරණ බැවින් ඒ පිළිබද අවධානය යොමු කර තීන්දු තීරණ ගැනීමට කෙටි කාලයක් ලබාදෙන ලෙසත්, යතුරු පැදි නොමැති කාර්ය මණ්ඩල සදහා යතුරු පැදි ලබාදීමට ඇති හැකියාව පිළිබදව සොයා බැලීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසිය. තවද විලවුන් උපකරණ සම්බන්ධව නව නීති සැකසීම සහ පවතින අණපනත් සංශෝධනය පිළිබදව අවධානය යොමු කරන බව ද පැවැසීය.

මෙම සාකච්ඡාව සදහා සෞඛ්‍ය සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, සෞඛ්‍ය ලේකම් පාලිත මහීපාල යන මහත්ම මහත්මීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන සේවාවට අයත් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.