පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල කළ මර්දනයට එරෙහිවත්, විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන්කිරීම් වලට ලක් වූ මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයින්, මාද්‍ය ආයතනවලට අදාළව නීතිය ක්‍රියාත්මක කර අපරාධකරුවන්ට දඬුවම් ලබා දීමට ආණ්ඩු ක්‍රියා නොකිරීම පිළිබදව විරෝධය පළ කිරීම සඳහාත්,
එහිදී විශේෂයෙන් එම වසර කිහිපය තුළදී ‘ජනවාරි මාසය’ තුළ සිදු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී සුබ්‍රමනියම් සූගීර්දරාජන් ඝාතනය, සිරස මාධ්‍ය ආයතනයට එල්ල කළ බෝම්බ ප්‍රහාරය, ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිණී තැබීම මෙන්ම මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම වැනි බරපතල කරුණු සලකා අදාල විරෝධතාවය ‛කළු ජනවාරිය’ ලෙස නම් කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුක පෙළේ මාධ්‍ය සංවිධානය තීරණය කරන ලදද්දේ 2012 ජනවාරියේ දී ය.
එබැවින් මාධ්‍ය මර්ධනයට විරුද්ධවත්, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් ඝාතනයට, ප්‍රහාරයන්වලට ලක්කිරීමට සහ අතුරුදහන් කිරීම් වලට මෙන්ම විවිධ දුෂ්ඨ බලපෑම් වලටත්, මාධ්‍ය ආයතනවලට ප්‍රහාරයන් එල්ල කිරීම් වලටත් එරෙහිව ජනවාරිය “කළු ජනවාරිය” ලෙස නම් කරන ලදි.
එයට ‘කළු ජනවාරිය’ යැයි නම් කිරීමට බලපෑ විශේෂ සිදුවීම් කිහිපයක් පහත දක්වන්නේ ඒක් පසෙකින් ලංකාවේ ආණ්ඩු තිබෙනවා යැයි කියන මාධ්‍ය නිදහසත්, නීතියේ ආධිපත්‍යයත් විශේෂයෙන් දණ්ඩමුක්තිය පවත්වාගෙන යාමට සහය වීමත්, කළු ජනවාරියේදී ප්‍රශ්ණ කිරීමට ලක් කරනු පිණිසත් සහ මේ සිදුවීම්වල වගකිවයුත්තන් නීතිය ඉදිරියට පමුණුවා නිසි දඩුවම් ලබා දීමට බළධාරීන්ට බල කරනු පිණිසත් ය.
යුක්තිය යනු, අපරාධකරුවන්ට නීතිය ඉදිරියේ දඩුවම පමණක් නොව ගෞරවය, යථා තත්වයට පත් කිරීම, සත්‍යය සහතික කිරීම සහ සාධාරණ අනාගතයක් නිර්මාණය කිරීමයි.
මේ එම බිහිසුණු ජනවාරියේ ඝාතනයට ලක් වූ මාධ්‍ය වේදීන්, මාධ්‍යෙස්වකයින් සහ කලා සංස්කෘතික ක්‍රියාකාරීන් කිහිපදෙනෙක්…..
මාධ්‍ය අයතනවලට ප්‍රහාර එල්ල කිරීම

| සම්පත් සමරකෝන් | vikalpa.org

