මල්ටිලැක්  සහ මැක්ටයිල්  තම සේවකයින්ට රු. 5000 ලබාදෙයි  

මල්ටිලැක්  සහ මැක්ටයිල්  තම සේවකයින්ට රු. 5000 ලබාදෙයි  

මැක්සන්ස් සමූහ ව්‍යාපාරයේ (Macksons), මල්ටිලැක් (Multilac) සහා මැක්ටයිල්ස් (Macktiles) නිෂ්පාදකයින් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය සමූහ ව්‍යාපාරය පසුගියදා නිවේදනය කළේ මුදල් අමාත්‍යවරයාගේ ඉල්ලීමට අනුව තමන්ගේ සේවකයින්ගේ සඳහා රුපියල් 5,000 ක වැටුප් වැඩි කිරීමක් සිදු කරන බවයි.

 පසුගිය ජනවාරි 3 වැනි දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රජයේ සේවකයින් හට රු. 5000ක්ද, සමෘද්ධි ලබන්නන් හට රු. 1000ක විශේෂ දීමනවාක් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බවත්, ඒ අනුව පුද්ගලික අංශයේ සේවකයින් හට රු. 5000ක දීමනවාක් ලබාදීමට තමන් ඉල්ලීමක් කරන බවත් ප්‍රකාශ කරන ලදි.

එම ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන් Multilac and Macktiles  සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ෂිමර් මිල්ෆර් මහතා පවසා සිටියේ "අමාරු කාලක් වූවද තම සේවකයින්ගේ රැකබලාගැනීම සෑම ආයෝජයකුලේම වගකීමක් බවයි.

ඒ අනුව තම සමාගම අමාරුවෙන් වුවත් තම සේවකයන්ගේ වැටුප රු. 5000කින් වැඩිකිරීමට තීරණය කර ඇති බවයි.

(Daily News )