නාරහේන්පිට යුධ හමුදා රෝහලේ රෝගී සත්කාර සේවා බිදවැටිමේ අවදානමක් – GMOA

gmoa

නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ සත්කාර සේවා බිද වැටීමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (13) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

නාරහේන්පිට යුධ හමුදා රෝහලේ රෝගී සත්කාර සේවා ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට එහි සිටින යුධ හමුදාවට අනුබද්ධ වෛද්‍යවරුන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවේ. එබැවින් යුධ හමුදා රෝහලේ රෝගී සත්කාර සේවා බිදවැටිමකින් තොරව පවත්වාගෙන යාම සදහා අත්‍යවශ්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාව සෞඛ්‍ය අමාත්‍යංශයේ සිවිල් වෛද්‍යවරුන් 38 දෙනෙකු හමුදා රෝහලට අනුයුක්ත කිරීම තුලින් සම්පූර්ණ කර දී ඇත.

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යුධ හමුදා රෝහලේ රෝගී සත්කාර සේවා පවත්වාගෙන යාමට අනුයුක්ත කර සිටි වෛද්‍යවරුන් තිදෙනෙකුගේ ස්ථානමාරු නියෝග වහාම ක්‍රියාත්මක වන පරිදි අනුප්‍රාප්තික වෛද්‍යවරුන්ගෙන් පුරප්පාඩු පිරවීමකින් තොරව ක්‍රියාත්මක කර ඇත.

මෙම අත්තනෝමතික ක්‍රියාමාර්ග තුලින් නාරහේන්පිට යුධ හමුදා රෝහලේ කටයුතු බිදවැටිමේ වගකීම සම්පූර්ණයෙන්ම එම වෛද්‍යවරුන් ඉවත් කිරීමට තීන්දු තීරණ ගත් අදාල හමුදා නිලධාරින් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් භාර ගත යුතු බව දන්වා සිටිමු.

මෙසේ වෛද්‍යවරුන්, පුරප්පාඩු පිරවීමකින් තොරව නිදහස් කිරීම නිසා යුධ හමුදා රෝහලේ දැනට සේවයේ නියුතු ඉතිරි සිවිල් වෛද්‍යවරුන් හට උද්ගත වු වෛද්‍ය හිගය නිසා සිදු වන පීඩාවන් ඇතුලු අනෙකුත් ගැටලු පිළිබදව සාකච්ඡා කිරීමට විශේෂ හමුවක් එම වෛද්‍යවරුන් සමග මීළග බ්‍රහස්පතින්දා දින (2021.09.16) පැවැත්වීමට අද රස්වු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටුව තීරණය කරන ලදි.