හෙට Online උද්ඝෝෂණයක්

හෙට Online උද්ඝෝෂණයක්

 උපාධිධාරීන්ගේ ගැටලු විසඳා ගැනීම හා රැකියා ලබාදීමේ ජාතික වැඩ පිළිවෙලක් සකස් කරන මෙන් ඉල්ලා රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය විසින් ජූනි 09 පෙ.ව 10.00 ට Online (Zoom) හරහා උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,
වාර්ෂිකව රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබා දීමේ දී විධිමත් වැඩ පිළිවෙලක් නොමැති කමින් උපාධිධාරීන් බොහෝ දෙනෙකු අසාධාරණයට පත්වේ. මෑත කාලීනව සිදු කරන ලද උපාධිධාරීන් හට රැකියා ලබා දීමේ වැඩ පිළිවෙල යටතේ ද,

  • 2019/12/31 දිනට උපාධි වලංගු සැමට රැකියා ලබා නොදීම,
  • 2020 සිට උපාධිය වලංගු වුවද රැකියා අවස්ථාව නොලැබීම,
  • විශ්ව විද්‍යාලවල විභාග නොපැවැත්වීම නිසා උපාධිය ලබා ගැනීමට ප්‍රමාදවීම,
  • EPF/ETF ගැටළු නිසා රැකියා අවස්ථාව අහිමි වීම,
  • දේශීය වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා අහිමි වීම.

යන තත්වයන් යටතේ උපාධිධාරීන් බොහෝ පිරිසක් රැකියා විරහිතව දැඩි පීඩනයකට පත්ව සිටි.

එම ගැටළු විසාඳා ගැනීමට මෙන්ම උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ ජාතික වැඩ පිළිවෙලක් සකස් කරන මෙන් ඉල්ලා රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය විසින් ජූනි 09 පෙ.ව 10.00 ට #Online (#Zoom) හරහා උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.

මෙම උද්ඝෝෂණය සඳහා Zoom_Link - Meeting ID: 882 1859 1432 - Passcode: 1234 ඔස්සේ එක්විය හැකි බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.