සෞඛ්‍ය අමාත්‍යවරයා, මුදල් අමාත්‍ය වරයා හෝ ඊට ඉහල රජයේ බලධාරීන් විසින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලු සදහා විසදුම් ලබා නොදීම හේතුවෙන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ඇරඹූ සංඛේත වර්ජනය ඊයේ (30) දින උතුර පළාත මුල් කරමින් දියත් කරන ලදි.
සෞඛ්‍ය වෘත්තීයවේදීන් ඊයේ උදේ 7ට උතුරු පළාතේ ආරම්භ කරන ලද සංකේත වැඩ වර්ජනය 31 දින උදේ 7ට අවසන් කිරීමට නියමිතය. මෙම වර්ජනය උතුරු පළාතේ සියළු රෝහල් හා සෞඛ්‍ය ආයතනහි ක්‍රියාත්මක වූ අතර, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් ඇතුළු සියළු පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්, හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයින් මෙම වැඩවර්ජනයට සහභාගී විය.
මෙම වර්ජනයට සමගාමීව යාපනය නගරය පුරා විරෝධතා පා ගමනකින් ගොස්, යාපනය බස් නැවතුම්පල තුලදී විරෝධතා රැලියක්ද පවත්වන ලදී.
එහි ආරම්භක පියවර ලෙස පසුගිය (08) දා වයඹ පළාතේ පවතින සියළු රෝහල් සහ සෞඛ්‍ය අයතනවල පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්ට අදාල සියළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් සේවයට වාර්ථා නොකරමින්, ආරම්භ කළ මෙම විරෝධතාවය ඊයේ දිනයේ උතුරු පළාතේ සියළු රෝහල් ඇතුලු වෛද්‍ය මධ්‍යස්ථාන වල සෞඛ්‍ය වෘත්තිකයින් යාපනය නගරයේදී පවත්වනු ලැබීය.
ඉල්ලීම් 07ක් මුල්කරගනිමින් මෙම විරෝධතාවය අරම්භ කරන ලද අතර, පහත සඳහන් ඉල්ලීම් ඉටු කරන ලෙස මෙම විරෝධතාවය ආරම්භ කරන ලදි.






