COVID 19 - පරික්ෂණය හා වැලැකීම සඳහා ඔබ දැනගත යුතු කරුණු 

COVID 19 - පරික්ෂණය හා වැලැකීම සඳහා ඔබ දැනගත යුතු කරුණු 

කොරෝනා වසංගතය අවදානම් මට්ටමට පැමිනෙණ මෙම අවස්ථාවේ අත්‍යාවශ්‍ය කාරණය වන්නේ රෝගය පැතිරවීම පාලනය කිරීමයි.

  • RT-PCR පරීක්ෂණය වෛරසය මුල් අවදියේදීම හදුනා ගැනීමට ඉතාම වැදගත් සාර්ථක පරීක්ෂණයකි. එහි නිරවද්‍යතාවය ඉතාම ඉහලය.
  • RT-PCR පරීක්ෂණය සදහා අවශ්‍ය විශේෂිත පර්යේෂණාගාර දිවයින පුරා මේ අවස්ථාව වන විට 28 පිහිටුවා ඇත. මෙම පර්යේෂණාගාර පැය 24 පුරාම වෛරසය තහවුරු කරන RT - PCR පරීක්ෂණ සිදුකරනු ලබයි. දිනකට සිදු කරන පරීක්ෂණ ප්‍රමානය SingleFlex, MultiFlex ක්‍රමවේදය මත තීරණයය කරයි.
  • රජය යටතේ පවතින වෛරසවේදී පර්යේෂණාගාර වලට අමතරව පෞද්ගලික රෝහල් PCR රසායනාගාර වලින් මේ වනවිට දිනකට PCR විශාල ප්‍රමාණයක් සිදුකරනු ලබයි.
  • වර්ථමානය වනවිට දිනකට සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන මට්ටමට පැමිණ ඇත.

SARS-CoV-2 සායනික රෝග විනිශ්චය සඳහා “Gold Standed” වඩාත් සාර්ථකම පරීක්ෂණය ලෙස RT-PCR පරීක්ෂණය බව තහවුරු කර හමාරය. මේ අනුව, න්‍යෂ්ටික අම්ල පරීක්ෂණයක් සමඟ  ප්‍රතිදේහජනක Rapid Test පරීක්ෂණ ප්‍රතිඵලයක් තහවුරු කිරීම අවශ්‍ය විය හැකිය, විශේෂයෙන් ප්‍රතිදේහජනක පරීක්ෂණයේ ප්‍රතිඵලය සායනික වශයෙන් නොගැලපේ නම්. RT-PCR පරීක්ෂණයකින් ප්‍රතිදේහජනක පරීක්ෂණ ප්‍රතිඵලයක් සනාථ කිරීමේදී, පරීක්ෂණ දෙක සඳහා සාම්පල එකතු කිරීමේ කාල පරතරය දින දෙකකට වඩා අඩු වීම වැදගත් වන අතර ඒවා අතර නව නිරාවරණ සඳහා කිසිදු අවස්ථාවක් නොලැබුණු බව සනාථ ක්රගත යුතුය. දින දෙකකට වඩා වැඩි කාලයක් නම් හෝ නව නිරාවරණ සඳහා අවස්ථා තිබේ නම්, න්‍යෂ්ථික අම්ල පරීක්ෂණය වෙනම පරීක්ෂණයක් ලෙස සැලකිය යුතුය - තහවුරු කිරීමේ පරීක්ෂණයක් නොවේ.

අඩු පරීක්ෂණ වාර ගනනකින් වැඩි නිදර්ශක ප්‍රමානයක් පරීක්ෂා කිරීම.

Pooling sample යනු කුමක්ද?

පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ශ්වසන සාම්පල එකට එකතු කිරීම සහ COVID-19 වලට හේතු වන වෛරසය වන SARS-CoV-2 හඳුනා ගැනීම සඳහා එක් කරන ලද සාම්පල සංචිතයක් මත එක් රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීම.

මෙම පරීක්ෂණ වලින් හෙළි වෙන්නේ Pool කළ නිදර්ශක පරීක්ෂා කිරීමේ ක්‍රම වේදය පුද්ගලිකව එක එක නියැදිය වෙන වෙනම පරීක්ෂා කිරීමේ (individual testing) කාර්යය හා සමානවම නිරවද්‍ය බවයි.

මෙහිදී සිදුවන්නේ කුමක්ද ?

Pool එකක් රෝගීන් 04 ක ගෙන් ලබා ගත් නියැදි අඩංගු කල හැක.

එයින් එක් කොටසක් ගෙන RT-PCR පරීක්ෂණය සිදුකල හැක.

  • Negative නම් අප නිදර්ශක ලබාගත් පුද්ගලයින් 04 දෙනාගේම නව කොරෝනා ආසාදනය සිදුවීමක් නොමැති බවයි.
  • Positive නම් Pool සෑදීමට ගත් නිදර්ශක 04 වෙනම පරීක්ෂා කල යුතුය. එහිදී අදාල ආසාදිතයා තහවුරු කල හැක.
  • මෙම ක්‍රමය මගින් වර්ථමානයේ දිනකට සිදුකරන RT - PCR පරීක්ෂණ ප්‍රමානය වැඩිකල හැක.

වැය වෙන සම්පත් ප්‍රමාණය අඩු කර ගනිමින් ඉතා නිරවද්‍ය ප්‍රතිපල ලබා ගැනීමට මෙය සාර්ථක ක්‍රම වේදයකි.

ජර්මානු විද්‍යාඥයින් මෙය ක්ෂේත්‍ර පාළන පරීක්ෂා තත්ත්ව යටතේ නිරවද්‍ය බව තහවුරු කර ඇත.

විශේෂයෙන් රෝග ලක්ෂණ රහිත සැක සහිත ප්‍රජාවේ සිටින විශාල රෝගීන් සංඛ්‍යාවක් පරීක්ෂාවට මේ මගින් පහසුවෙන් කළ හැකි බව නිගමනය වෙයි.

Pooling Sample භාවිතා කරන්නේ ඇයි?

Pool කිරීම මඟින් රසායනාගාරවලට අඩු පරීක්ෂණ ද්‍රව්‍ය සමඟ වැඩි සාම්පල පරීක්ෂා කිරීමට ඉඩ ලබා දේ.

Pooling පරීක්ෂණ ප්‍රතිඵලය negative නම් කුමක් සිදුවේද?

Pooling පරීක්ෂණ ප්‍රතිඵල negative නම්, සියලු සාම්පල තනි පරීක්ෂණයෙන් negative යැයි අනුමාන කළ හැකිය. වෙනත් වචන වලින් කිවහොත්, සාම්පල ලබා දුන් සියලුම පුද්ගලයින් SARS-CoV-2 ආසාදනය සඳහා negative බව පරීක්ෂා කළ හැකිය.

Pooling Sample පරීක්ෂණ ප්‍රතිඵලය Positive නම් කුමක් සිදුවේද?

Pooling පරීක්ෂණ ප්‍රතිඵලය Positive නම්, කුමන සාම්පල Positive ද යන්න තීරණය කිරීම සඳහා Pool කර ඇති එක් එක් සාම්පල තනි තනිව පරීක්ෂා කිරීම අවශ්‍ය වේ.

Pooling Sample භාවිතා කළ යුත්තේ කුමන අවස්ථාවේ ද?

Pooling Sample පරීක්ෂණය භාවිතා කළ යුත්තේ පරීක්ෂණ ප්‍රතිඵල Positive ගණන අඩු යැයි අපේක්ෂා කරන ප්‍රදේශවල හෝ අවස්ථාවන්හිදී පමණි, උදහරණයක් ලෙස SARS-CoV-2 ආසාදන අඩු ප්‍රවණතාවක් ඇති ප්‍රදේශවලය.

Pooling Sample පරීක්ෂණ රෝග විනිශ්චය හෝ පරීක්ෂණ වල සීමාවන්

විශාල නිදර්ශක ප්‍රමානයක් Pool කලහොත් වෛරස සාන්ද්‍රනය අවම වන නිසා නිදර්ශක 04 පමන ප්‍රමානයක් සාමාන්‍යයෙන් මෙම ක්‍රියාවලියට යොදා ගනී.

එසේනම් ආසාදියන් හදුනා ගන්නා පරීක්ෂණ ප්‍රමානය වැඩිකල හැකි ක්‍රමවේදය කුමක්ද?

Point of Care - පොයින්ට් ඔෆ් කෙයාර් පරීක්ෂණ

බෝවන රෝගයක් හඳුනා ගැනීම සදහා වේගවත් පරීක්ෂණ ක්‍රමවේදය මෙසේ සරලව හැදින්විය හැක, පරීක්ෂණය කර මිනිත්තු කිහිපයක් ඇතුළත ප්‍රතිඵල ලබා දෙන අතර රෝගීන්ගේ සත්කාර පිළිබඳ වේගවත් තීරණ ගැනීමට ඉඩ සලසයි. රැකවරණයට, පහසුවෙන් ප්‍රවේශ විය නොහැකි ප්‍රජාවන් සහ ජනගහනය සඳහා POC පරීක්ෂණ මගින් පරීක්ෂණ සිදුකළ හැකිය.

  • SARS-CoV-2 සඳහා Rapid Antigen පරීක්ෂණය

කොරොනා වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා විවිධ පරීක්ෂණ ක්‍රමෝපායන් තුළ ප්‍රතිදේහජනක පරීක්ෂණ භාවිතා කළ හැකිය.

SARS-CoV-2 ආසාදනය හදුනා ගැනීම •වර්තමාන ආසාදන හඳුනා ගැනීමට අදහස් කරන පුද්ගලයෙකුට,

  • COVID-19 වලට අනුරූප සංකූලතා හෝ රෝග ලක්ෂණ ඇති විට,
  • පුද්ගලයෙකු පලමු පෙල ආශිතයකු ලෙස නිරූපනය වන විට හෝ SARS-CoV-2 වෛරසයට මෑතකදී දන්නා හෝ සැක කළ නිරාවරණයක් ඇති විට,
  • රෝග විනිශ්චය සඳහා නිදසුන් අතර රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් පරීක්ෂා කිරීම, සම්බන්ධතා සොයා ගැනීමේ උත්සාහයන් දරන විට,
  • හඳුනාගත් පුද්ගලයින් පරීක්ෂා කිරීම සහ COVID-19 පිළිබඳ තහවුරු කරන ලද හෝ සැක සහිත අයෙකුට ඔවුන් නිරාවරණය වී ඇති බව පෙන්වන අය පරීක්ෂා කිරීම සදහා

මෙම Rapid Antigen පරීක්ෂණය උදව් වෙයි.

SARS-CoV-2 සඳහා Rapid Antigen පරීක්ෂණය මගින් SARS-CoV-2 වලට නිරාවරණය නොවී හෝ නොදැනුවත්ව හෝ රෝග ලක්ෂණ නොමැති ආසාදිත පුද්ගලයින් හඳුනා ගැනීම. බෝවන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරනු ලබන අතර එමඟින් තවදුරටත් සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට පියවර ගත හැකිය. මේ සදහා උදහරණයක් ලෙස,

  • සේවා ස්ථානයන් SARS-CoV-2 වෛරසය සදහා පරීක්ෂා කිරීම
  • පාසලක් එහි සිසුන් සහ කාර්ය මණ්ඩලය පරීක්ෂා කිරීම
  • සෞඛ්‍ය සේවා හා සෞඛ්‍ය සේවා නොවන ස්ථාන සඳහා

කොරෝනා රෝගකාරක වෛරසය මූලිකව හදුනා ගැනීම සඳහා Rapid Antigen පරීක්ෂණ බහුලව භාවිතා වේ.

ප්‍රතිදේහජනක පරීක්ෂණ යනු නිශ්චිත වෛරස ප්‍රතිදේහජනක පවතින බව හඳුනා ගන්නා සරල පරීක්ෂණයකි. කොරෝනා සදහා ප්‍රතිදේහජනක පරීක්ෂණය සිදුකිරීමට අවශ්‍ය නිදර්ශක වනුයේ,

  • නේසෝෆරින්ජියල් හෝ නාසය තුලින් ලබාගන්නා ස්වබ් ක්ෂනිකවම VTM මාධ්‍යයකට හෝ බෆර් මාධ්‍යයකට යොදා ගැනීම මගින් Rapid Antigen පරීක්ෂණයට අවශ්‍ය නිදර්ශකය සකසා ගත හැකිය.

පරීක්ෂණ සදහා තහවුරු කල Rapid Antigen පරීක්ෂණය ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයින් සඳහා භාවිතා කිරීමට හැකිය.

ප්‍රතිදේහජනක පරීක්ෂණ සාපේක්ෂව මිල අඩුය. දැනට පවතින Rapid Antigen Test කට්ටල විනාඩි 15 - 20 කින් ප්‍රතිඵල ලබා දෙයි. SARS-CoV-2 සඳහා ප්‍රතිදේහජනක පරීක්ෂණ සාමාන්‍යයෙන් RT-PCR සදහා භාවිතා කරමින් න්‍යෂ්ථික අම්ල හඳුනා ගන්නා වෛරස් පරීක්ෂණවලට වඩා සංවේදී තාවය අඩුය. COVID-19 යැයි සැක කරන රෝගීන්ගේ නිවැරදි සායනික කළමනාකරණය සඳහා හෝ පරීක්ෂාව සඳහා භාවිතා කරන විට ආසාදිත පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා ප්‍රතිදේහජනක පරීක්ෂණ ප්‍රතිඵල නිසි ලෙස අර්ථ නිරූපණය කිරීම වැදගත් වේ.

ප්‍රතිදේහජනක සදහා Rapid Test පරීක්ෂණය රෝග විනිශ්චය ,පරීක්ෂණ වල සායනික ක්‍රියාකාරිත්වය බොහෝ දුරට රඳා පවතින්නේ ඒවා භාවිතා කරන තත්වයන් මත ය. වෛරස් ප්‍රමානය සාමාන්‍යයෙන් ඉහළම මට්ටමක පවතින විට SARS-CoV-2 ආසාදනය වීමේ මුල් අවධියේදී පුද්ගලයා පරීක්ෂා කරන විට ප්‍රතිදේහජනක සදහා Rapid Test පරීක්ෂණ වඩාත් හොඳින් සිදු කරයි. COVID-19 සනාථ කරන ලද අවස්ථාවක පුද්ගලයාට දන්නා නිරාවරණයක් ඇති රෝග විනිශ්චය පරීක්ෂණ අවස්ථා වලදී ඒවා ප්‍රයෝජනවත් වේ. Rapid Antigen පරීක්ෂණ අධි අවදානම් සහිත අවස්ථා තුළ පරීක්ෂණ සඳහා භාවිතා කළ හැකි අතර, නැවත නැවත පරීක්ෂා කිරීමෙන් SARS-CoV-2 ආසාදනයක් ඇති පුද්ගලයින් ඉක්මනින් හඳුනාගත හැකි අතර ආසාදන වැළැක්වීම සහ පාලන ක්‍රියාමාර්ග දැනුම් දීම මඟින් සම්ප්‍රේෂණය වීම වළක්වා ගත හැක. මෙම අවස්ථාවේ දී, RT-PCR පරීක්ෂණවලට වඩා අඩු සංවේදීතාවයක් තිබිය හැකි වුවද, ප්‍රතිදේහජනක පරීක්ෂණ සමඟ ක්ෂණික ප්‍රතිඵල ලබා දීමේ වටිනාකමක් තිබිය හැකිය, විශේෂයෙන් වේගවත් හැරවුම් කාලයක් අවශ්‍ය වන අවස්ථා වලදී. ආශ්‍රිතයන් පරික්ෂා කිරීම සහ අධි අවදානම් සහිත අවස්ථා සදහා ප්‍රතිදේහජනක පරීක්ෂණ භාවිතා කිරීම සිදුකල හැක.

False Negative හෝ False Positive ප්‍රතිඵල හඳුනා ගැනීමට සහ රෝගියාගේ කළමනාකරණයට මග පෙන්වීම සඳහා ප්‍රතිදේහජනක පරීක්ෂණයේ සාධනීය ලක්ෂණ තේරුම් ගත යුතුය. Rapid ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරන වෛද්‍ය පර්යේෂණාගාර විද්‍යාඥ වෘත්තිකයන් ද ප්‍රතිදේහජනක පරීක්ෂණයේ නිරවද්‍යතාවයට බලපාන සාධක තේරුම් ගත යුතුය

  • ආසාදිත ,රෝගලක්ෂණ නොපෙන්වන, බෝ නොවන රෝගවලින් පීඩා නොවිදින හෝ අවදානම් නොවන අය සති දෙකකට පසු RT- PCR නොකර රෝහල් වලින් නිදහස් කිරීම මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණයකි.
  • එවැනි පුද්ගලයන් සදහා Rapid Antibody පරීක්ෂාව සිදුකර ශරීරය තුල ප්‍රතිදේහ නිපදවී ඇත්ද යන්න පරීක්ෂා කර නිදහස් කල හැකි නම් එය වසංගතය පාලනයට වඩා වැදගත් වෙයි.
  • Rapid Antibody පරීක්ෂාව
  • අප ශරීරය වෛරසයකට නිරාවරණය වූ විට එයට විරුද්ධව අපගේ ප්‍රතිශක්තිකරණ පද්දතිය මගින් ප්‍රතිදේහ නිපදවනු ලබයි.

සාමාන්‍යයෙන් වෛරසය විනාශ කිරීමට දින 5-10 අතර කාලයේදී මුලින් IgM සහ පසුව IgG ප්‍රතිදේහ නිපදවනු ලබයි.

ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකරන පරීක්ෂණ කට්ටලවල මෙම ප්‍රතිදේහ දෙකම සදහා පරීක්ෂණ සිදුකල හැකිය.

  • Covid-19 රෝගය පැතිරෙන අවස්ථාවේ SARS-CoV-2 වෛරසයට එරෙහි ප්‍රතිදේහ ( IgM,IgG) ක්ෂනික පරීක්ෂණය - Rapid Antibody පමනක් සිදු කිරීම කෙතරම් දුරට සාර්ථක ද?
  • Rapid Antibody (ප්‍රතිදේහ)පරීක්ෂණය පමනක් සිදුකලහොත්

ආසාදනය සිදුවී අවම වශයෙන් සතියකට පසු ශරීරයේ නිපදවෙන ප්‍රතිදේහ (IgM) පරීක්ෂණය සිදුකරන විට එම පුද්ගලයින් දින කිහිපයක් රෝග වාහකයන් වී රෝගය පතුරවන අතර එම පරීක්ෂණයේ සංවේදී තාවය ඉතා අඩු මට්ටමකද පවතින බවත් කිව යුතුය. මේ වන විට තිබෙන ප්‍රතිදේහ පරීක්ෂා කරන පරීක්ෂණ කට්ටල වලින් ආසාදිත රෝගීන් 100 දෙනෙක් පරීක්ෂණයට භාජනය කල විට positive පෙන්වන්නේ 30 - 50 අතර ප්‍රමානයකි. එසේ නම් මෙම පරීක්ෂණය සිදුකර Negative ලෙස මුදාහරින ආසාදිත පුද්ගලයින්ගෙන් තවත් මෙම රොගය පැතිරවීම පාලනය කල හැකිද යන්න ගැටලුවකි.

  • ලබාගන්නා නිදර්ශකයේ ඇති ප්‍රතිදේහ ප්‍රමානය මත ප්‍රතිඵලය වෙනස් විය හැක.

උදාහරණයක් ලෙස ඇගිල්ලක් විද ලබා ගන්නා පලමු ලේ බිංදුව වැනි අවස්ථාවල මෙය බලපායි.

  • පරීක්ෂණය සිදුකරන වෘත්තීයවේදීන් මත ප්‍රතිඵලය වෙනස් විය හැක.

Weakly Positive අවස්ථාව හදුනා ගැනීමට සාමාන්‍ය කෙනෙකුට අපහසු වෙයි.

  • ශ්වසය මගින් බෝවෙන H1N1, SARS-COV-2 වැනි වෛරස ආසාදන පරීක්ෂණය සදහා යොදාගන්නා ප්‍රතිදේහ පරීක්ෂණ වල නිර්වද්‍ය තාව ඉතා අඩුබව(30-50%) WHO හා CDC මගින් තහවුරු කර තිබේ.

නමුත් ඩෙංගු වැනි වෛරස රොග සදහා ප්‍රතිදේහ පරීක්ෂණය ඉතා සාර්ථක ක්‍රමයක්. එහි සංවේදීතාව 96-99%ක් කොරෝනා වසංගත තත්වය අවදානම් මට්ටමක් කරා යන මෙවැනි අවස්ථාවක ආසාදිතයින් ඉක්මනින් හදුනාගෙන නව ආසාදනය පාලනය කිරීම ඉතා අවශ්‍ය කරනයකි. ඒ සදහා ඉහත සාකච්ඡා කල Point of Care (Rapid Antigen සහ Rapid Antibody ) පරීක්ෂණ සමග RT-PCR ද සිදුකිරීම අවශ්‍යව ඇත. Rapid පරීක්ෂණ ක්‍රමවේදයේදී Positive , Negative හදුනා ගැනීමට වඩා Weakly Positive හදුනා ගැනීමට අවධානය යොමුකල යුතුය. එයට හේතුව Weakly Positive ප්‍රතිඵලය Negative ලෙස සමාජගත වූවොත් එම පුද්ගලයා තවත් පිරිසකට වෛරසය පතුරවන බැවිනි. මෙම Rapid පරීක්ෂණය නොදන්නා පිරිසක් මගින් සිදුකරනවාට වඩා ක්ශේත්‍රයේ දැනුම පලපුරුද්ද සහිත වෛද්‍ය පර්යේෂණාගාර විද්‍යාඥයන් මගින් සිදුකර ගැනීම තුලින් "වැරදි වාර්තා " අවම කරගත හැක. එමගින් වඩා කාර්යක්ෂමව කොරෝනා වෛරසය පැතිරීම පාලනය කල හැක.

රජිත් ප්‍රියංකර ගමගේ

වැඩබිම