'පොට්ටු' මොන්ට්‍රියල් ස්ත්‍රීවාදී සිනමා උලෙළට (VIDEO)

නවයුගා කුගරාජාගේ "පොට්ටු" කෙටි චිත්‍රපටය 5 වැනි මොන්ට්‍රියල් ස්ත්‍රීවාදී සිනමා උලෙළේ අවසන් වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව සිනමාපටය, කෙටි චිත්‍රපට අංශයෙන් Gender/sexual violence (ලිංගිකත්වය/ ලිංගික ප්‍රචණ්ඩත්වය) යන කාණ්ඩය යටතේ තේරී පත් වී ඇති බවයි අධ්‍යක්ෂවරිය පවසයි.

මොන්ට්‍රියල් ස්ත්‍රීවාදී සිනමා උලෙළ සැප්තැම්බර් 11 වැනිදා සහ 18 වැනිදා කැනඩාවේ මොන්ට්‍රියල් හි දී පැවැත්වීමට නියමිත ය.

"පොට්ටු" කෙටි චිත්‍රපටය "JCI ඉස්තාන්බුල් ක්‍රොස්රෝඩ්ස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළට" සහ ලොව පුරා සිනමා දැක්ම, සිනමා උලෙළ සංවිධාන කරන Lift-Off Global Network විසින් කුළුඳුල් සිනමා නිර්මාණකරුවන් වෙනුවෙන් පවත්වන "First-time Filmmakers Session" සඳහා ද සුදුසුකම් ලබා ඇත.

(ද ලීඩර්)