ශ්‍රී ලංකාවේ Future Leader  නාට්‍ය කණ්ඩායමට බැංගලෝරයේ හරසර

Future-Leader

ඉන්දියාවේ කරුණාටක ප්‍රාන්තයේ හසන් දිස්ත්‍රික්කයේ ඉතාම ජනප්‍රිය නේවාසික පාසලක් වන (AKSHSARA SCHOOL OF EXCELLENCE) අක්‍ෂරා විශිෂ්ටතා පාසලේ ආරාධනයෙන්  පසුගියදා  එම පාසලේ වේදිකාගත කෙරුණ  දෙමටගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ශිෂ්‍ය සදාර්ථ ජයසිංහ අධ්‍යක්ෂණය කළ"යෝධයාගේ මල් උයන' ළමා නාට්‍ය  එහි දී ඉහළම ප්‍රසාදයට හා සම්මානයට පාත්‍ර විය.

හින්දි සිනමාවේ මුල් යුගයේ අතිශය ජනප්‍රිය නළුවෙක් වන රාජ්කුමාර් මහතාගේ නැගණිය වන ශ්‍රීමති සරෝජා දේවී (Smt.P Saroja Devi) මැතිණියගේ පෞද්ගලික ධනයෙන් ආරම්භ කරන ලද ඇය සභාපතිත්වය දරන AKSHSARA EDUCATION TRUST ආයතනය මෙම පාසල පවත්වා ගෙන යනු ලැබේ. 

මෙරට Futual Leader කණ්ඩායමේ සාමාජික දරුවන් රංගනයෙන් දායක වූ මෙම නාට්‍යය අති විශිෂ්ට ළමා නාට්‍ය  නිර්මාණයක් ලෙස කර්ණාටක ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රී සී.එන්. බාලක්‍රිෂ්ණා මහතා (Shri C N Balakrishna ,MLA Shravanabelagola Constituency

එහි දී ප්‍රකාශ කරමින් එම රංග ශිල්පීන්ට විශේෂ උපහාර තිළිණ ප්‍රදානය කළේය. මෙම ලාබාල රංග ශිල්පීන්ගේ රංග ලීලාවන් හි ප්‍රකට කළ හැඟීම් ප්‍රකාශන රංගන කුසලතා සරෝජා දේවි මැතිනිය ඉතා ඉහළින් අගය කළාය.

මෙම නාට්‍යයේ  සදාර්ථ ජයසිංහ, සෙනුත් තෙවුජාන් (මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විද්‍යාලය), ඉසිනි අයෝධ්‍යා,අශේන් රන්දුනු ( ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය දොඩම්ගස්ලන්ද) සස්වි නිසිඩිනී (සුජාතා බාලිකා විද්‍යාලය මාතර),රශීනා මිෂෙල් ( ශාන්ත ආනා බාලිකා විද්‍යාලය කොළඹ)දහම්සා සෙහන්සි ( ශ්‍රී ඥානෝදය විද්‍යාලය දිවුලපිටිය ) යන දරුවන් සමඟ ශාන්ති කුමාරි සහ ඉංදික නිරෝෂන් රංගනයෙන් දායක වූහ.සංගීත අධ්‍යක්ෂණය අනිල් වීරසිංහ.උපුල් වීරසිරි වේදිකා පසුතල නිර්මාණයෙන් ද  සුසන්ත බංඩාර වේදිකා පාලනයෙන් ද දායක වූහ.

ප්‍රධාන නාට්‍යයට අමතරව ළමා රංග ශිල්පීන් සදාර්ත ජයසිංහ හා සෙනුත් තෙවුජාන් යන දෙදෙනා ඉදිරිපත් කළ ජසයා ලෙන්චිනා  විශේෂාංගය නරඹන්නන් මහත් සතුටින් රසවිදිමින් ඉහලම ප්‍රසාද ප්‍රතිචාර දැක්වූහ.

සදාර්ථ ජයසිංහ විසින් පැන්සලෙන් අඳින ලද කර්ණාටක ප්‍රාන්තයේ ජනමිත්‍රා පුවත්පතේ ප්‍රධාන කර්තෘ මදන් ගවුඩාගේ මහතාගේ ආලේඛ්‍ය චිත්‍රයක් ඔහු මදන් ගවුඩා මහතාට පිරිනැමූ අතර එය ඔහුගේ සහ පැමිණ සිටි ආරාධිතයන්ගේ ඉමහත් ප්‍රශංසාවට ලක් විය.

මෙම උත්සවයේ දී Future Leader  සංවිධානයේ  සභාපතිනි ප්‍රියංගා බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකාවේ දරුවන් අනාගතයේ වැඩදායි පුරවැසියන් ලෙස ගොඩනැගීමට දක්වන දායකත්වය  අගය කරමින් අක්ෂරා අධ්‍යාපන භාරයේ සභාපතිනි ශ්‍රීමති පි.සරෝජා දේවි මැතිණිය (Smt.P Saroja Devi) විසින් විශේෂ ගෞරව සම්මානයෙන් පුදනු ලැබුවාය.

අක්ෂරා අධ්‍යාපන භාරයේ මහ ලේකම් එම්. ආර්. අනිල් කුමාර් (AnilKumar M.R) මහතා  කරුණාටක වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ  සංගමයේ උප සභාපති මදන් ගවුඩා(Madan Gawda), එම විද්‍යාලයේ විදුහල්පති සුනිල් පැට්‍රික් මහතා (Sunil Patrick ) ද ඇතුළු දෙමව්පියන් විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර එම විද්‍යාලයේ සිසුන් ද විවිධ ප්‍රාසාංගික ඉසව් ඉදිරිපත් කළහ.