මහ සයුරම ඔබ ...

මහ සයුරම ඔබ ...

මහ සයුර ඔබ වූ කළ
එසඳ මා ගඟක් සේ
ගලා ආවෙමි ඔබ වෙත
නොයෙක් ගල්පර අතැර
එන මගෙහිදී මා
අතරමඟ උල්පතින්
පැන නඟින ආදරය
එකතු කොට ගෙනාවෙමි
ඔබේ උරමඩල වෙත...
ඔබේ උරහිස මත තබන්නෙමි මම
මා ගමනේදී දරා ආ බර
සනසන්න දැන් මා ....
එකෙකු වෙයි අප දෙදෙන....

 

උමංගනී කොඩිතුවක්කු
ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය - කොළඹ